December 27, 2016

ආහාරයේ ජීවගුණය රැකගත් සිංහල තාක්ෂණය

ධාන්‍ය වර්ග, එළවළු හෝ කුළුබඩු යනු ශාක වලින් ලබා ගන්නා ඵලයකි. ආහාරයක රසය, සුවද, පෝෂණ ගුණය ඖෂධ ගුණය ආදී සියල්ලටම හේතු වන ජෛව පදාර්ථ වැඩි හරියක් අන්තර්ගත වන්නේ ශාකයක කුඩාම ස්ථානය වන සෛල තුළයි. ශාක සෛලය වටා සෙලියුලෝස් වලින් සෑදුනු ඝණ සෛල බිත්තියක් ඇත. ආහාර වල ඇති ඉහත කී ගුණයන් ලබා ගැනීමට නම් සෛල බිත්තිය බිද දැමිය යුතු වේ.
වංගෙඩියේ කෙටීම, මිරිස් ගලේ ඇඹරීම, කුරක්කන් ගලේ ඇඹරීම වැනි පාරම්පරික තාක්ෂණයේදී සිදුවන්නේ සෛල හොදින් ඇඹරී තැලී සෛල යුෂය පිටතට පැමිණීමයි. එවිට එහි ඇති සෛල යුෂය පිටතට පැමිණිම හා ජෛව පධාර්ථ නිරාවරණය වීම සිදු වේ.
          එමෙන්ම සාම්ප්‍රදායික තාක්ෂණයේදී ඇඹරීමකට කෙටීමටකට ලක් වුවද ආහාර ද්‍රව්‍ය අධික තාපයකට නිරාවරණය වීමක් සිදුවන්නේ නැත. එබැවින් සෛල වලින් පිටතට පැමිණෙන ජෛව පධාර්ථ, පෝෂක කොටස් හා ඖෂධීය සංඝටක විනාශ වීමක් සිදුවන්නේ නැත.
වර්තමානයේ අප භාවිතා කරන කුළුබඩු වර්ග හා පිටි වර්ග සකස් කිරීමට භාවිතා කරන ප්‍රධාන උපකරණය වන්නේ ග්‍රයින්ඩරයයි. මෙහිදී ආහාර වර්ග ඇඹරීමකට ලක් නොවන අතර සිදුවන්නේ සිහින්ව කැපීමයි. සෛල කැපී වෙන් වීමකදී සෛල අභ්‍යන්තරව ඇති ජෛව පධාර්ථ පිටතට පැමිණිමේ ප්‍රවණතාවය අඩුය. තවද ග්‍රයින්ඩරය තුලදී අධික තාපයක්ද ජනනය  වීම සිදුවේ. පිටි සහ කුළුබඩු වර්ග අඹරන මෝල් වලදී සෛල ඇඹරීමක ලක් වුවද එහිදී ජනනය වන අධික තාපය නිසා එහි පෝෂක කොටස් විනාශ වීම සිදු වේ. එමෙන්ම මෙසේ සකස් කරන ලද පිටි වර්ග කුළු බඩු වර්ග ආදිය භාවිතයට ගැනීමට ප්‍රථම දින ගණන්, මාස ගණන් පොලිතින් ප්ලාස්ටික් ඇසුරුම් වල 

හා වෙළදපොලේ තිබීමෙන් ද එහි ඇති ගුණය අඩුවනවා පමණක් නොව අගුණයන් එකතු වීමද සිදු වේ.

මේ අනුව බලන කල සාම්ප්‍රදායික තාක්ෂණය භාවිතා කර එවලේම අඹරා හෝ කොටා ගන්නා කුළුබඩු, පිටි වර්ග භාවිතා කර සකස් කර ගන්නා ආහාර අපගේ රස නහර පිනා යනවා පමණක් නොව ශරීර සෞඛ්‍ය රැක දෙන්නටද හේතු වනවා ඇත.

0 comments:

Post a Comment