December 23, 2016

කැල්සියම් පිලිබද ඔබ නොදත් දේ

මනුෂ්‍යකුගේ ශරිරයේ බරින් 2% ක් කැල්සියමි  වේ. මනුෂ්‍යකුගේ ශරිරයේ අඩංගු ඛනිජ ප්‍රමාණයෙන් 50% ක් පමණ කැල්සියමි වේ.  මෙමකැල්සියම් වලින්  වැඩිපුර ප්‍රමාණයක් අස්ථි සහ දත් තුළ ‍‍ොස්පරස් සමග සංයෝගය වී පවති. කැල්සියමි ‍ොස්පේට් නැමති මෙම සංයෝගය ශරිරයට දැඩි බව ලබා දේ. එහෙත් ශරිර ඇට සැකිල්ල නිවාස බිත්ති හෝ කොන්ක්‍රිටි සැකිල්ලක් මෙන් ස්ථාවර එකක් නොවේ. නිරන්තරයෙන්ම අස්ථි සැකිල්ලට කැල්සියමි ලබා ගන්නා අතර එයින් පිටවි යෑමද සිදු වේ. වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරෙහි අඩංගු අස්ථි කැල්සියමි ප්‍රමාණයෙන් 1‍/5 ක කොටසක් වර්ෂයක්තුළ දී අස්ථිවලින් ඉවත් වී වෙනත් අවයව වලට ඇතුළත්වේ.
      මේ නිසා කැල්සියම් අවශ්‍ය වනුයේ ළදරුන්ට පමණක්  නොවේ. ජීවත් වන සෑම පුද්ගලයෙකුට ම  පීවත්වන කාලය පුරා ම කැල්සියම් ලබා ගැනිමට සිදු වේ. දත් වලින් වෙනම අවයව වලට කැල්සියම්  ‍‍ මුදා හැරෙන්නේ නැති තරම්ය.

රුධිරයේත් වෙනත් ශාරීරික ද්‍රාවණවලත් සෛල තුලත් කැල්සියම් සුඑ ප්‍රමාණ වලින් අඩංගුවේ .ලේ කැටි ගැසිම විටමින් බී 12 අවශෝෂණය කර ගැනිම හා ස්නායු පද්ධතිය මගින් සිරුර පුරා සංායැවීම යන කරුණු සදහා කැලසියම් අවශ්‍ය වේ.  සෛල බිත්තිය හරහා පෝෂක හා වෙනත් ද්‍රව්‍ය ඇතුලට හා පිටතට එවීම හා අවශ්‍ය ද්‍රව්‍ය සෛල තුල රදවා ගැනිම යන ක්‍රියා මැනවින් පවත්වාගෙන යාම සදහා සෛල වල පාරගම්‍යතාවය පවත්වාගෙන ගැනිමට කැල්සියම් ඉවහල් වේ .මාංශපේශී හැකිළීමේ හා දිග හැරිමේ ක්‍රියාවලියට කැලිසියමි අවශ්‍ය වේ. ශරිර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය හා බාහිර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය සදහා කැල්සියමි අවශ්‍ය වේ. මේ අනුව පුද්ගලයින්ට එහා මෙහා යෑම හා වෙනත් ශාරිරික කටයුතු පවත්වා ගැනිමටත් හදවතේ ගැස්ම පවත්වා ගැනිමටත් පෙනහඑ වල ක්‍රියාකාරිත්වයටත් කැල්සියම් අවශ්‍ය වේ

0 comments:

Post a Comment