December 30, 2016

වස විසෙන් තොර කොස් දෙල් වල පෝෂණිය වටිනාකම…

කොස් සහ දෙල් එකම පවුලට අයත් තෙත් කලාපීය ශාකයි. මෙම දෙවර්ගයම අප ආහාරයට ගනු ලබන අතර පෝෂණිය වටිනාකම ඉතා ඉහලය. වස විසෙන් තොර කදිම දේශීය ආහාරයකි.

කොස් (Artocarpus heterophyllus)  නමින් උද්භිද විද්‍යාත්මකව හදුන්වන මොරේසියේ කුලයට අයත් ද්විබිජ  පත්‍රි බහුවාර්ෂික ශාකයකි. එළවළුවක් ලෙස මෙන්ම ප්‍රනීත පලතුරක් ලෙසද  කොස් ආහාරයට ගනු ලැබේ. ආවේනික පැහැයක් සහිත ශක්තියෙන් අනුන අගනා දැව කොස් ගසෙන් ලබාගත හැකිය. කොස් ගෙඩියෙහි ඇති පෝෂණීය ගුණය නිසාත් එහි වර්ධක අවධියට අනුකුලව මැල්ලුම් පොලොස්, ඇඹුල් පොලොස් හා ව්‍යාංජනයක් ලෙස පිළියෙල කර කොස් මදුළු හා ඇට වශයෙන් ආහාරයට ගතහැකි නිසාත් මෙය බත් ගස යනුවෙන්  හැදින්වීමටද බොහෝ දෙනා පුරුදුව සිටිති. පනා, හෙරලි වැනි විවිධ නම් වලින් ඈත අතීතයේ සිටම අපගේ ජන ජීවිතය හා සබැදි අපූර්වතම ශාකයක්  වු මෙය  බු.ව. 4 දීත් ලංකාවේ තිබුණු බව මහාවංශයේ සදහන් වේ.

මෙය ඉතා වටිනා කාබෝහයිඩ්රේට ප්‍රභවයකි. ශක්තිජනක ආහාරයකි. විටමින් විශේෂයෙන් ඉතා වැඩි ප්‍රමාණයක් අඩංතුය. තවද විශේෂයෙන් ආහාරයේ තිබිය යුතු අනෙකුත් ඛනිජ ලවණ ද මෙහි අඩංගුය. මෙය කාටත් ආහාරයට ගත හැකි. අසාත්මිකතාවයක් පිළිබද වාර්තා නොවන ආහාර වර්ගයකි. මෙහි විටමින් වැඩිපුර අඩංගු නිසා කුඩා ළමුන්ටද ඉතා සුදුසුය.
ආහාරයට ගත හැකි කොස් ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක ප්‍රමාණ,
සංඝටකය
මේරීමට පෙර
මේරූ පසු
ඇට
තෙතමනය (%)
82.20
72.40
57.60
ශක්තිය (කී.කැලරි)
51.00
94.00
151.00
ප්‍රොටීන් (ග්‍රෑම්)
5.60
1.70
4.30
මේදය (ග්‍රෑම්)
0.80
0.30
0.40
කාබොහයිඩ්‍රේඩ් (ග්‍රෑම්)
9.40
93.70
32.00
කැල්සියම් ( මි.ග්‍රෑ.)
30.00
27.00
35.00
පොස්පරස් ( මි.ග්‍රෑ.)
40.00
0.00
126.00
යකඩ ( මි.ග්‍රෑ.)
1.70
0.60
1.20
කැරොටින් ( මි.ග්‍රෑ.)
0.00
39.00
25.00
තයමින් ( මි.ග්‍රෑ.)
50.00
0.09
180.00
රයිබොෆ්ලෙවින් ( මි.ග්‍රෑ.)
40.00
0.11
50.00
නියසීන් ( මි.ග්‍රෑ.)
0.50
0.90
0.06
විටම්න් සී ( මි.ග්‍රෑ.)
14.00
9.00
17.00

   මෙ අනුව කොස් වල ප්‍රධාන සංඝටකය වනුයේ කාබෝහයිඩ්‍රේට්ය. මිට අමතරව ප්‍රොටින්, ඛණිජ ලවණ හා විටමින් වර්ගද අඩංගුය මේ අනුව කොස් ශක්ති ජනක ආහාරයක් ලෙස දැක්විය හැක.
කොස්වලින් අපට ආහාර වට්ටෝරු 150 පමණ සාදා ගත හැක. කොස්වල ප්‍රධාන වශයෙන් ඵලය ආහාරයට ගනු ලබයි. ප්‍රධාන ආහාරයක් ලෙසද ප්‍රයෝජනයට ගත හැක. තවද පොළොස් ලෙස මෝරා නොමැති ඵලද ඉතා රසවත් ලෙස ආහාර වට්ටෝරු ගණනාවකින් පිළියෙල කර ගත හැක.

කොස් කිරිබත් සාදන ආකාරය,
                   
අවශ්‍ය ද්‍රව්‍ය,
·         කැකුළු හාල් කෝප්ප 02
·         තම්බාගත් කොස් කෝප්ප 1 ½
·         පොල් කිරි කෝප්ප 04
·         ලුණු  රස පදමට
ක්‍රමය,
     පලමුව බත පිසගන්න ලිප ගින්දර අඩු කර තම්බාගත් කොස් බත් මැදට දමා බත් ස්වල්පයකින් වසා ටික වේලාවක් තබා කූරු ගාන්න. පොල් කිරිවලට රසපදමට ලුණු මිශ්‍ර කර බතට දමා මිශ්‍ර කරන්න. විනාඩි 02 පසු කිරිබත් ලිපෙන් බාගෙන තුනිකර කැමති හැඩයට කපා ගන්න.


0 comments:

Post a Comment