December 21, 2016

වල්ලපට්ටා වවමු






21වන සිය වසේ වැඩිම ආර්ථීක වටිනාකමක් ඇති ශාකය - වල්ල පට්ටාවල්ලපට්ටා ශාකයට මෙතරම් වැදගත් කමක් ලැබුනේ අගාවුඩ් රෙසිනය නිසාය. අගාවුඩ් සහ වල්ලපට්ටා යනු තයිමලාසි ශාක කුලයට අයක් ශාක දෙවර්ගයකි. වල්ලපට්ටා ශාකය දේශීය වන අතර ඇක්විලාරියා හෙවත් අගාවුඩ් හසුන්වාදෙන ශාකයයි. මේ ශාක දෙකම නිපදවන අගාවුඩ් රෙසිනය රසායනිකව සමානය.

ශාකයේ වර්ධනයට අවශ්‍ය දේශගුණික තත්ත්ව

·         වාර්ෂික වර්ෂාපතනය 1600 -2400mm (ජල සම්පාදනය කළ හැකි නම් 800mm ද ප්‍රමාණවත්වේ.)

·         වැලි,ලොම්, මැටි පස, ගල් සහිත කඳුවල ඉතා හොදින් වර්ධනය වේ. භූගත ජල මට්ටම පහළ විය යුතු අතර ජලය හොඳින් බැස යා යුතුය.

·         මුහුදු මට්ටමේ සිට මීටර් 1000 දක්වා උස පරිසර වල වගා කළ හැකිය. ඉතා හොදින් මීටර් 500 දක්වා වර්ධනය වේ.

වගා කළ හැකි ක්‍රම

1.       තනි වගාවක් ලෙස

2.       පොල්,රබර්,කටුපොල් , වන වගා වල අතුරු බෝගයක් ලෙස

3.       ගෙවතු වල මිශ්‍ර වගාවක් ලෙස

4.       තේ, කුරුඳු  ඉඩම්වල තීරු  ලෙස  හෝ වැටවල් වලට

පැළ අතර පරතරය

1.       තනි වගාවක් ලෙස පැළ හා පේළි අතර 2 . 5m × 2 . 5m ( අඩි 8×8)

2.       අතුරු වගාවක් ලෙස රබර් වගාවේඅවසන් වසර 10 තුළ රබර් පේළි 2ක් අතර අගාවුඩ් පේළි දෙකක් , රබර් ශාකයේ සිට 2m (අඩි 7) ඈතින් ද පොල් වගාවේදී අවුරුදු 25න් පසු අගාවුඩ් පැළ පේළි 2ක් පොල් ගසේ සිට 2.5m (අඩි 8) ඈතින් පැළ අතර පරතරය 2m  (අඩි 70) කි

3  ගෙවතු මිශ්‍ර වගාවක් ලෙස ඕනෑම ස්ථානයක වගා කළ හැකිය.

4.       තේ, කුරුදු ඉඩම්වල  තීරු වගාවක්  හෝ වැටවල් වල 1.5m පරතරයෙන් පැළ සිටුවන්න.


රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම

·         බීජ පැළම මිළදී ගැනීම

·         Aguilaria  (අගාවුඩ්) හා Gyrinopus (වල්ලා)  ශාක වලින් වේගයෙන් වර්ධනය වී අඩු කාලයකින් අගාවුඩ් රෙසීනය සෑදෙන්නේ   Aquilaria වේ. එබැවින් එම ශාක තෝරා ගන්න.

·         බීජ පැළය ක්ෂේත්‍රයේ සිටුවන විට අඟල් 12 හෝ ඊට වඩා උසින් යුක්ත විය යුතුය

·         ඒකාකාරී වර්ධනය වූ රෝගවලින් තොර පැළ මිළදී ගන්න.


ක්ෂේත්‍රයේ පැළ සිටුවීම

·         වැලි පසක වලවල් අඟල් 12×12×18

·         මැටි පස අඟල් 18×18×18

·         තනි වගාවක් ලෙස සිටුවන ඉඩම් වල පළමුව සෙවන ශාක සිටුවන්න. (ග්ලිරිසිඩියා, කෙසෙල්, පරතරයට අඩි 6×6 හෝ 6×8 කි).


පොහොර යෙදීම

·         සිටුවීමට සතියනට පෙර කාබනික පොහොර 2-3 kg යොදා පස් සමග මිශ්‍ර කරන්න.

·         රසායනික පොහොර ලෙස මුලිකව TSP 50g (ග්‍රෑම් 50) පමණ පැළ සිටුවීමට දින 2කට පෙර පස් සමග මිශ්‍ර කරන්න.

·         මතුපිට පොහොර යෙදීම සිටුවා මාස දෙකකදී හෝ ඊළඟ වර්ෂා කාලයේදී සිදු කරන්න.


පළමුවන වසරයුරියා - 40 g (ග්‍රෑම්), TSP – 40g (ග්‍රෑම්), MOP – 20 g (ග්‍රෑම්), (අමතර යූටා  10g යොදන්න.)
දෙවන වසර
යුරියා - 80 g (ග්‍රෑම්), TSP – 80g  (ග්‍රෑම්), MOP – 40 g (ග්‍රෑම්), (අමතර යූටා  10g යොදන්න.)
තෙවන වසර
යුරියා - 160 g  (ග්‍රෑම්), TSP – 160g  (ග්‍රෑම්), MOP – 80 g (ග්‍රෑම්),
(පැළයනට 400 g බැගින් යොදන්න. අමතර යූටා  25g යොදන්න.)

v  පැළයේ පාමුල සිට අඩියක වට ප්‍රමාණයෙන්  පටන් ගෙන අඩි 3ක පළලක් දක්වා පොහොර වළල්ල ලොකු කරන්න.


කප්පාදු කිරීම හා පුහුණු කිරීම
සිටුවීමෙන් පසු ඇතිවන පාර්ශ්වික අතු ඉවත් කරන්න.

අඩි 6-8 තනි කඳක් ලෙස වර්ධනය වීමට සලස්වන්න. හැකි පමණ ශාකය පොළවට සෘජුව වර්ධනය වීමට සලස්වන්න.


රෙසීනය ලබාගැනීමට ආමුකූලනය කිරීම

v  වයස අවුරුදු  5- 8 පමණ ගස් අතුරින් බිම සිට 1.3 m උසින් කඳේ වට
ප්‍රමාණය 32cm වන ගස් තෝරා ගන්න.

v  කඳේ උස හා කොලදාවේ පළල අතර අනුපාතය 3 :1 වීම සුදුසුය.

v  5mm පමණ වන බුරුම කටුවකින් 5cm පමණ ගැඹුරට 450 ආනතියක්


සහිතව 25cm පරතරයට ගස ඉහළ සිට පහළට සරල රේඛාවක් විදින්න.

v  ආමුකූලක අප සහන මිලට සපයන අතර විද දැමීමට ඔබට අප ආයතනය
මඟින් සහන මිල ගනන් යටතේ ඉටු කරනු ලැබේ.

v  ආමුකූලක දියරයෙන් 1ml බැගින් සෑම සිදුරකටම යොදා සැහැල්ලු ලී
කැබල්ලකින් (කිරල ඇබයක් වැනි ) සිදුර වසන්න.

v  ශාකය ආමුකූලනය කල දිනය ලියා තබන්න.


ආමුකූලනය සාර්ථක දැයි බැලීම

v  ආමුකූලනයෙන් මාස 2කට පමණ පසු ගසේ සිදුර කල එක් තැනකින්
පිහියකින් කපා බලන්න.

v  එහි කළුපාට දිලීරය දැකිය හැක.

v  එසේ නොමැති නම්, ආමුකූලනය කළ හැක.

v  විදින ලද ගස්වල මාස තුනකදී පමණ ස්වභාවිකවද ආමුකූලනය සිදුවෙයි.

අස්වනු නෙලීම

v  සාමාන්‍ය යෙන් ආමුකූලනය කොට වසර 2කදී අස්වැන්න නෙලිය හැක.

v  ආමුකූලනය කළ ගස් වල කුනා බැසීම බොහෝ දුරට සිදුවෙයි. එබැවින් ගසට යකඩයකින් හෝ අතකොළුවකින් ගැසූවිට බොල් හඬක් ලෙස ශබ්දය ඇසේ.

v  අතු ආමුකූලනය කර තිබේ නම් අත්තක් හෝ (හෝ ගසක් ) කපා බැලීම වඩා ප්‍රායෝගික වේ.


වසර 8ක් සඳහා එක් පැළයක් නඩත්තුවට යන වියදම                 (රු:)     2500.00

වසර 8 පසු එක් පැළයකින් අපේක්ෂිත ආදායම                          (රු:)  100000.00 – 150000.00

අගාවුඩ් නිෂ්පාදන සහ  භාවිතය                                   









අද දිනයේ ............අනාගතය වෙනුවෙන් ආයෝජනයට ඇක්විලාරියා වවමු.

ඇක්විලාරියා අගාවුඩ් වගාව ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම සහ එහි අනාගතය යන මැයින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කමාරසිංහ මහතාගේ දේශනය ඇසුරෙන්

ඡායා රූප අන්තර්ජාලයෙන්

සකස් කළේ : හංසනී  ලුණුවිල විද්‍යා හා තාක්ෂණ නිලධාරි මාලිම්බඩ.

18 comments:

අපිට බැරිද වල්ලා පට්ටා වගා කරන්න?

හරිම වැදගත් ලිපියක්. මාත් කැමතියි වල්ලාපටිට වවන්න. විස්තර දෙන්න පුළුවන්ද?

මිලදී ගන්න අය කවුද ඉන්නෙ

මටත් ව්ස්තර එවන්න පුලුවන්ද මමත් කෙමතියි

මම වවන්ඩ කැමතියි, කොහොමද පැල ගන්නෙ

හරිම වැදගත් ලිපියක්. මාත් කැමතියි වල්ලාපටිට වවන්න. විස්තර දෙන්න පුළුවන්ද?

මමත් කැමති මටත් විස්තර එවන්න

පැළ ලබාගැනීම පිලිබදව දැනුවත් කරන්න

පැළ ලබාගැනීම පිලිබදව දැනුවත් කරන්න

පැළ ලබාගැනීම පිලිබදව දැනුවත් කරන්න

පැලයක් කීයද ? මට පැල 10 ක් විතර ගන්න පුලුවන්ද

මේ පැළ වල මල් හැදුනාම මොකද කරන්නේ

Pela thiyanawada ganna

මට වල්ල පට්ටා ගෙන විස්තර ටිකක් ඔනා

Wallapatta walata mula watinawada?

Post a Comment