December 27, 2016

සංගීතයේ භාවාත්මක ස්වරයන් Mp3 ආකෘතියට සම්පීඩනය මගින් ගිලිහේද?


හොංකොංහි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පටිගත කරන ලද සංගීතයන් Mp3 ආකෘතියට සම්පීඩනය කිරීමේදී ඒවායේ භාවාත්මක ස්වරයන් හානියට පත්වන බව සොයා ගෙන ඇත. සංගීතයට සවන් දෙන බොහෝ මිනිසුන් එකී සංගිතයන් Mp3 ආකෘතියෙන් ගබඩා කරගෙන සිටන අතර එම සංගීතයන්ගේ ගුණාත්මක භාවය සංයුක්ත තැටියකට හෝ විනින් ඇල්බමයකට වඩා අඩු බව ඔවුන් දනිති. එහෙත් එසේ අහිමි වන ගුණාත්මක භාවයන් සහ අහිමි වන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳ විමර්ශණය කර නැත. මෙම පර්යේෂණ කණ්ඩායම විසින් එසේ අහිමි වන්නේ කුමණ වර්ගයේ සංගීත ශබ්ද වර්ගයන්ද සහ අහිමි වන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිලිබඳ පර්යේෂණය කරන ලදී.


පර්යේෂකයින් විසින් ඉංග්‍රිසි මවු භාෂාව සහිත සිසුන් විසි දෙනෙකු තෝරා ගෙන එක් එක් සිසුන්ට පටිගත කරන ලද සංගීත උපකරණ වල (වයලීනය, හොරණෑව, oboe ( saxophone, බැසුන් නලාව, clarinet, නලාව ) සංගීතයන් ඇසෙන්නට සලස්වන ලදී. මෙම පර්යේෂණයට ආදර, සන්සුන්, සතුටු, ලජ්ජාශීලී, අභිරහස් තරහ, විකට, දුක සහ වීරෝධාර යන හැගීම් ජනනය වන සංගීතයන් යෝදා ගන්නා ලදී. පසුව පර්යේෂකයන් විසින් ‍එම ශිෂ්‍යන්ගේ ප්‍රතිචාරයන්ගේ කිසියම් රටාවක් ඇත්ද යන්න විශ්ලේෂණය කරන ලදී. මෙහිදී බොහෝ ශබ්දයන් ධනාත්මක වර්ගයට අයත් වුවද එම සංගීතයන් Mp3 ආකෘතියට සම්පීඩනය කල පසු ආදරය, සන්සුන්, විකට, වීරෝධාර හා සතුටු යන හැගීම වඩා ඈත්කරන බලපෑමක් නිරීක්ෂණය විය. තවද ඇතැම් උපකරණයන් වෙනත් උපකරණ වලට වඩා වැඩි බලපෑමක් කරන බව ඔවුනට නිරීක්ෂණය විය. උදාහරණයක් ලෙස ට්‍රම්පට් උපකරණය දැක්විය හැකිය. අවසානයේදී Mp3 ආකෘතියට සම්පීඩනය කල සංගීත ගොනුවල භාවාත්මක ස්වර ගුණය හානියට පත්ව ඇති බව සොයා ගන්නා ලදී. පර්යේෂකයින් යෝජනා කරන්නේ ස්වර පිළිබඳ වූ ගුණාත්මකභාවය ඉහලින්ම තිබිය යුතු සංගීතයන් Mp3 ආකෘතියට සම්පීඩනය කිරීම සීමා කල යුතු බවය. 



https://techxplore.com/news/2016-12-compression-format-timbre-music-loss.html









0 comments:

Post a Comment