December 22, 2016

පරිසර හිතකාමී ජෛව පළිබෝධනාශක…….

රසායනික පළිබෝධනාශක භාවිතය නිසා ඇති වන පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු දිනෙන් දින වැඩිවීමත් සමගම ජෛව පළිබෝධනාශක යෙදීමේ අවශ්‍යතාවය වැඩි වී ඇත.
ජෛව පළිබෝධනාශක යනු පළිබෝධ මර්දනය සඳහා යොදාගත හැකි විෂ රහිත යාන්ත්‍රණයක්‌ සහිත ස්‌වභාවයේ පවතින ද්‍රව්‍යයන් ය. මේවා  සත්ත්ව , ශාක හෝ ක්‍ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයන් ය. ඇතැම් විට ජෛවීය කොටස්‌වලට ස්‌වාභාවික ඛනිජ එකතු කිරීමෙන් ද ජෛව පළිබෝධනාශක සාදනු ඇත. 
ක්‌ෂුද්‍ර ජීවී පළිබෝධනාශක (Microbial Pesticides),ශාකමය ඒකාබද්ධ ආරක්‌ෂිත (Plant Incorporated Protectants) හා ජෛව රසායනික පළිබෝධනාශක (Bio Chemical Pesticides) වශයෙන් ජෛව පළිබෝධනාශක කොටස් තුනක් ඇත.
ක්‌ෂුද්‍ර ජීවී පළිබෝධනාශක වලට බැක්‌ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටොසෝවා සහ වෛරස් වැනි සුන්‍යෂ්ටික මෙන්ම ප්‍රාක්‌න්‍යෂ්ටික ජීවීන් ද ඇතුළත් වේ.
මෙමගින් විශාල ප්‍රදේශයක පළිබෝධකයන් විනාශ කල හැකි වන අතර  Bacillus Thuringiensis (BT)  මේ සදහා හොදම උදාහරණයකි.මෙම එක් එක් මාදිලිය මගින් එකිනෙකට වෙනස් වූ ප්‍රෝටීන නිපදවන බැවින් කෘමියාගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා වලට පහර දිය හැකිය. විශේෂයෙන් Bacillus Thuringiensis (BT) මගින් ලෙපිඩොප්ටෙරා හා ඩිප්ටෙප්ටෙරා ගෝත්‍රවල කෘමීන් පහසුවෙන් විනාශ කළ හැකිය. මෙය ඉතා හොද පරිසර හිතකාමී ක්‍රමවේදයක් බව සොයා ගෙන ඇත.
Plant Incorporated Protectants යනු තවත් ඉතා වැදගත් ජෛව පළිබෝධනාශක ප්‍රභේදයක් වන අතර මේවා ශාක මගින් නිපදවනු ලබන ද්‍රව්‍ය වේ.ප්‍රෙව්ණික වෙනස්කම් කිරීම මගින් ශාකයටම නව ද්‍රව්‍ය නිපදවීමේ හැකියාව ලබාදෙනු ඇත.එමගින් පළිබෝධනාශක ප්‍රෝටීනය තමාටම නිපදවා ගන්නට ශාකය සමත්වනු ඇත.
මෙසේ භාවිතා කරනු ලබන ජෛව පළිබෝධනාශක රසායනික පළිබෝධනාශක හා සසදන විට ඉතා පරිසර හිතකාමී වනු ඇත.එසේම සෞඛ්‍යයට හානිකර නොමැත. හානියේදි අවශේෂ ඉතුරු නොකරයි.සාපේක්ෂව වියදම අඩු අතර ඉලක්ක ජීවියා හෝ ජීවි කාණ්ඩය පමණක් පාලනය කරනු ලබයි.
නමුත් මෙහි අවාසිද ඇත.
ඒ අනුව,
·        1. එක් ජෛව පළිබෝධනාශකයක් භාවිතයෙන් වගාවේ ඇති සියලු පළිබෝධකයන් මර්දනය කිරීමට නොහැකි විම.
·         2.ඉහල විශේෂීකරණය නිසා යෙදීමේදී පොදු භාවිතයක් කල නොහැකි වීම.
·         නිතරම අඩු වේගයෙන් ක්‍රියාත්මක වීම නිසා වේගයෙන් පැතිරීයන පළිබෝධකයෙකුට එරෙහිව භාවිතා කිරීමට නොහැකි වීම.
·        3  සමාජමය හා ආකල්පමය ගැටලු නිසා ගොවීන් හට මෙය හදුන්වා දිම දුෂ්කර වීම.
·       4.ජෛව පළිබෝධනාශක සතුව ඇති ක්‍රියාකාරි ආයු කාලය ඉතා කෙටි වීම.
·        5. ජෛව පළිබෝධනාශක ලබා ගැනීමේ හැකියාව අඩුවිම.
·    6.  මෙහිදී පළිබෝධකයා සම්පූර්ණයෙන් විනාශ කිරිම නොව පාලනය කිරීමක් සිදුවන නිසා යම් අවස්ථාවකදි ගැටළු මතුවිම.

ශ්‍රී ලංකාවේ ජෛව පළිබෝධනාශක භාවිතය ගත් විට ,
සැල්විනියා උවදුරට එරෙහිව Cyrtobagous salviniae කුරුමිණියා යොදා ගැනිම හොද නිදසුනකි.මෙම කෘමියාගේ කිටයා මෙන්ම වැඩිහිටි සත්ත්වයාද සැල්විනියා ශාකයට හානිකරයි. වැඩිහිටි සත්ත්වයා පත්‍ර හා අංකුර කා දමන අතර මුල් වලට හානි කරනුයේ කීටයාය.
තවද කොහොඔ ඇට කොටා ලබා ගන්නා නිස්සාරකය කෘමීන් හා දිලීර වලට යෙදිම තවත් ජෛව පළිබෝධනාශකයකි.
Oryotes Rhinoceros යනු ලංකාවේ පොල් වගාවේ ප්‍රධාන පළිබෝධයෙකි. මේ කෘමියා මර්දනයට Baculovirus Oryctes යොදා ගනී.

0 comments:

Post a Comment