December 30, 2016

සෙනෙහෙබර වැඩිහිටියන්ට දීර්ඝායුෂ!


තම මුනුපුරු මිණිපිරියන් ගැන හිතන වැඩිහිටි දෙමව්පියන්, එසේ නොසිතන වැඩිහිටි දෙමව්පියන්ට වඩා වැඩි ආයු කාලයක් බුක්ති විදින බව ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් අවුරුදු 70 ත් 103 ත් අතර වැඩිහිටියන් 500 දෙනෙක් සහභාගී කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිදරවු වී ඇත.

මීට පෙර මේ පිළිබඳ කරන ලද අධ්‍යනයන්ට වෙනස්ව මෙම කණ්ඩායම ඔවුන්ගේ නියදියට තම මුලික කාර්යයක් ලෙස දරුවන් රැක බලා ගැනීම පැවරුණු වැඩිහිටියන් ඇතුලත් කර නොගත් අතර විටින් විට දරුවන් රැක බලා ගන්නා වැඩිහිටියන් හා එසේ රැක බලා නොගන්නා වැඩිහිටියන් සහ තමාට දරු පරපුරක් නැතත් සාමාජීය වශයෙන් දරුවන්ට රැකවරණය සලසන වැඩිහිට්යන් ඇතුලත් කර ගන්නා ලදී.

සෙනෙහසේ දායාදය.

මෙලෙස දරු මුණුපුරන්ට රැකවරණය සැලසීම වැඩිහිටියන්ගේ ආයු කාලය දීර්ඝ වීමට ධනාත්මනව බලපාන බව මෙම විශ්ලේෂණයේ ප්‍රථිපල මගින් පැහැදිලිව පෙන්නුම් කරයි. මෙහිදී පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අවුරුදු 10කට පසු රැකවරණය සලසන වැඩිහිටියන්ගෙන් අඩක් ජීවත්ව සිට ඇති අතර එසේ නොකරන වැඩිහිටියන්ගෙන් අඩක් පළමු වසර 5 තුල මිය ගොස් ඇත.

දරුවන් නොමැති වැඩිහිටියන්ගෙන්, කරුණාව පෙරදැරිව අන්‍යයන්ට උදවු කරන වැඩැහිටියන් අඩක් වසර 7ක් යන තුරු ජීවත්ව සිට ඇති ඇතර එසේ නොකරන වැඩිහිටියන් අඩක් වසර 4ක් තුල මිය ගොස් ඇති බව මෙම විශ්ලේෂණයේ ප්‍රථිපල අනුව පෙන්නුම් කරයි.

පමණ ඉක්මවා කැපවීමෙන් මානසික පීඩා සලසයි.

දීර්ඝායුෂ ලැබීමට එකම හේතුව අන්‍යයන්ට උදව් කිරීම බව නොසිතන ලෙස පවසන පර්යේෂකයන් මැදහත් පැවතුම් ඇතිව රැකවරණය සැලසීම වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සඳහා ධනාත්මකව බලපෑම් ඇති කලත් පෙර අධ්‍යනයන්ට අනුව පමණ ඉක්මවා වෙහෙසීම වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ඍනාත්මකව බලපාන බව හා ඔවුන්ට මානසික ආතතිය ඇති වීමට හේතු වන බව පෙන්වා දෙයි.


1 comments:

ඉතා වටිනා ලිපියකි.

Post a Comment