December 21, 2016

පරිසර හිතකාමී වගා බිමක්

ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයේම දිනෙන් දින ජනගහනය වැඩිවෙමින් පවතී. වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය දැනට අභියෝගයක්ව පවතී. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආහාර නාස්තිය අවම කිරීම. ආහාරවල ගුණාත්මය වැඩි දියුණුකිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින්පවතී. මෙසේ ගන්නා ක්‍රියාමාර්ගවල හොඳ ප්‍රතිඵල මෙන්ම අහිතකර ප්‍රතිඵල ද මිනිසා ඇතුළු පරිසරයේ ජීවත්වන ජීවීන්ට මුහුණ පෑමට සිදුව ඇත. උදාහරණයක් ලෙස ජාන තාක්ෂණය මඟින් වැඩිදියුණු කළ බෝග ප්‍රභේද, වැඩිපුර රසායනික පොහොර වර්ග භාවිතය, නොයෙකුත් රසායනික කෘමිනාශක වර්ග භාවිතා කිරීම මඟින් මිනිසා ඇතුළු පරිසරයේ ජීවත්වන නොයෙකුත් ජීවීන්ට හානිකර තත්වයක් ඇති වෙමින් පරිසර සමතුලිතතාවය බිඳ වැටෙමින් පවතී.

රසායනික කෘමිනාශක/රසායනික පොහොර භාවිතයේ අහිතකර බලපෑම්:-

·        මේවායේ ඇති බැර ලෝහ වර්ග (ආසනික්, කැඩ්මියම්) වැනි ආහාර දාම හරහා ශරීරගත වීම
·        පරිසරයට හිතකර කෘමීන් (මී මැස්සන්, බත්කූරන්, සමනළයින්) විනාශ වීම තුළින් පරිසරය අසමතුලිත වීම
·        වැසි ජලය මඟින් සේදී ගොස් ජල මූලාශ දූෂණය වීම
·        අධික මුදලක් වැය වන බැවින් කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන වියදම වැඩිවීම
·        බොහෝ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන බැවින් විදේශ විනිමය ඉහල යාම
·        මේවායෙන් ඇතිවන ලෙඩ රෝගවලට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම


අප කළ යුතු දේ:-

රසායනික කෘමිනාශක හා රසායනික පොහොරවලින් තොර පරිසර හිතකාමී වගා බිමක් පවත්වා ගැනීම තුළින් ඉහත සඳහන් අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකිවේ.
රසායනික කෘමිනාශක හා පොහොර වෙනුවට අප පරිසරය අවටින්ම ලබාගත හැකි ශාක කොටස් හා සත්ත්ව අපද්‍රව්‍ය භාවිතා කරමින් කෘමිනාශක හා පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකිය.

කෘමිනාශක නිස්සාරක වර්ග:-

§  ගඳපාන කොළ මඟින් කෘමිනාශක නිස්සාරණය
§  අනෝදා කොළ මඟින් කෘමිනාශක නිස්සාරණය
§  කොහොඔ කොළ හා ඇට මඟින් කෘමිනාශක නිස්සාරණය
§  දාස්පෙතියා ශාකයුෂ නිස්සාරණය
§  මිශ්‍ර කොළ යුෂ නිස්සාරණය
§  කාබනික දියර පොහොර නිස්සාරණය
o   පත්‍ර යුෂ ආශ්‍රිතව
o   අමුර්ත කරේක්කල්
o   පණුදියර පොහොර
o   ජීව මුත්‍රා
o   ඉවත ලන මාලු කොටස් නිස්සාරණය
o   පළතුරු නිස්සාරක

ඉහත ආකාරයට පරිසර හිතකාමී කෘමිනාශක හා පොහොර වර්ග භාවිතා කිරීම තුළින් මිනිසා ඇතුළු පරිසරයට සිදුවන හානිකර තත්වයන් අවම කර ගැනීමට හැකි වන අතර එම නිෂ්පාදන සඳහා වැඩි මිළක් හා ඉහල වෙළඳපොලක් ලබා ගැනීමට ද හැකිය.

සැකසුම:- අයි.එස්. තරංගනී - විද්‍යා හා තාක්ෂණ නිලධාරී දෙවිනුවර
උපුටාගැනීම:- පිපිතඹර - දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශනයෙනි.

0 comments:

Post a Comment