December 27, 2016

සුර්යාලෝකයෙන් ධාවනය වන ස්ටෙලා

වර්තමානයේ ලෝකයේ භාවිතා වන බොහෝ වාහන පෙට්‍රෝලියම් ඉන්ධන භාවිතයෙන් ධාවනය කරවනු ලබයි. පෙට්‍රෝලියම් ඉන්ධන, ශීඝ්‍රයෙන් ක්ෂය වී යන ස්වභාවික සම්පතක් වනවා මෙන්ම පරිසර දුෂණයට ද හේතුවන අංක එකේ කාරකයක් ද වේ. මේ නිසා සුර්ය බලය වැනි විකල්ප බලශක්ති මත පදනම් වූ විවිධ මාදිලියේ වාහන සම්බන්ධ පර්යේෂණ සඳහා විද්‍යඥයියෝ ඉහළ උනන්දුවක් දක්වති.

නෙදර්ලන්තයේ Eindhoven University of Technology ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් ලොව ප්‍රථම සූර්යබලයෙන් පමණක් ධාවනය වන සිවු දෙනෙකුට ගමන් කළ හැකි පවුලේ වාහනයක් (Family car) නිර්මාණය කිරිමට සමත්වී ඇත. Stella යනුවෙන් නම් කර ඇති මෙම වාහනය උසස් තත්ත්වයේ ඇලුමිනියම් හා කාබන් තන්තු වැනි සැහැල්ලු ද්‍රව්‍යයන් යොදා සාදා ඇති අතර මෙහි ස්කන්ධය 380 kg පමණ වේ. එනම් Stella සාමාන්‍ය විදුලි කාරයකට වඩා 1120 kg කින් පමණ සැහැල්ලු වේ.    

මෙම වාහනයෙහි වහලෙහි සූර්ය පැනල සවි කර ඇති අතර සුර්යාලෝකය ඇති දිනක  පූර්ණ ලෙස ආරෝපණය වු විට සැතපුම් 450 ක් පමණ ධාවනය කළ හැකි ය. එනම් ඊට නැවත ආරෝපණය කිරිමට පෙර සාමාන්‍ය විදුලි කාරයකට වඩා දෙගුණයක දුර ප්‍රමාණයක් ධාවනය කල හැක. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ වාහනය ධාවනය කිරිමට වැය වන ශක්තියට වඩා වැඩි ශක්තියක් එයට නිෂ්පාදනය කල හැකි වීමයි (Energy Positive).
  

Stella” දැනට පර්යේෂණ මට්ටමේ පවතින අතර මිළ ද සාපේක්ෂව ඉහළ වේ.  මෙම රථය අනාගතයේ දී දැරිය හැකි මුදලකට මෙන් ම වඩාත් පහසුකම් සහිතව නිෂ්පාදනය කිරිමට එහි නිර්මාණකරුවෝ බලාපොරොත්තු වෙති.



(තොරතුරු - අන්තර්ජාලය ඇසුරිනි)

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කැස්බෑව

0 comments:

Post a Comment