December 27, 2016

විසිතුරු ලෙසින් එන ප්ලාස්ටික් පොලිතින් මාරයාගෙන් මිදෙමු

අපගේ එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි අංගයක් බවට පොලිතින් හා ප්ලාස්ටික් පත්ව තිබේ. එදිනෙදා භාවිතා කරන උපකරණ, සෙල්ලම් බඩු , කෑම පෙට්ටි, වතුර බෝතල්, බහුතරයක් ආහාර ඇසුරුම් වර්ග විවිධ වර්ණයෙන් විවිධ හැඩයෙන් හා වර්ණවත්ව දිනපතා එලිදකී. වයස් භේදයකින් තොරව මෙම නිෂ්පාදන පාරිභෝගික ජනතා‍ව විසින් ඉතා ගිජුව වැලදගනිමින් සිටී. එහෙත් ඒවා භාවිතයෙන් ඇතිවන දීර්ගකාලීන අයහපත් බලපෑම් පිළිබද නොදැනුවත්කම නිසා හෝ  නොසැලිකිල්ල නිසා හෝ අමතක කර දමා ඇති බව පෙනේ. ඒ තුල මුලුමහත් ප්‍රජාව පමණක් නොව ස්වභාවධර්මයද බරපතල අවධානමකට ලක්වෙමින් පැවතීම නොසලකා සිටිය නොහැක. ඒබැවින් මේ උත්සාහය ඒ පිළිබඳ දැනුවත් ප්‍රජාවක් තුලින් යම් පමණකට හෝ අනාගත අවධානම අවම කිරීම වෙනුවෙන්මය.
ප්ලාස්ටික් මොනවාද?
මූලික සම්භවය පෙට්‍රට්‍රෝලියම්ය
සංයුතිය අනුව වර්ග කිහිපයකි.

1.     
v   PET / PETE – Polyethylene Terapthalate
v   සංකේත අංකය  # 1
v   වතුර බෝතල් බීම බෝතල් නිපදවයි.
2. HDPEHigh Density Polyethylene
v  සංකේත අංකය # 2
v  ප්ලාස්ටික් පුටු, ඇසුරුම් වර්ග, උපකරණ
3. PVC – Polyvenyl chloride
v   සංකේත අංකය # 3
v  PVC නල හා සමහර ආහාර ඇසුරුම් වර්ග නිපදවයි.
4. LDPE – Low density polyethylene
v   සංකේත අංකය # 4
v   ප්ලාස්ටික් කෑන් වර්ග හා සෙල්ලම්බඩු නිපදවයි.
5. PP – Polypropylene
v   සංකේත අංනය # 5
v   ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් නිපදවයි.
06. PS – Polystyrene
v   සංකේත අංකය            # 6
v   සෘජි ෆෝම් හා ලන්ච් බොක්ස් ආදිය
07. Polycorbonate Plastic
v   සංකේත අංකය # 7
v   බොහොමයක් තද ප්ලාස්ටික් උපකරණ හා භාජන
            මේවා අතරින් ආහාර ඇසුරුම් සඳහා ජා‍ත්‍යන්තරව අනුමත
            HDPE    - # 2
                LDPE     - # 4
                PP        - # 5 යන වර්ගයන්
  
Ø  ප්ලාස්ටික් අහිංසක ද්‍රව්‍යයක් නොවේ.
Ø  ප්ලාස්ටික් වලට භෞතික හා රසායනික ගුණ ලබාදීමට එකතු කරන හා ප්ලාස්ටික් තුලම තිබෙන විෂ රසායනික ප්ලාස්ටිසයිසර්ස් (Plasticizers) නම් වේ.
Ø  ප්ලාස්ටික් වල ඇසුරූ ආහාර වලට කල් යාමේදී  මේවා කාන්දු වෙයි.
Ø  උෂ්ණත්වය අම්ල තෙල් ඇල්කොහොල් මෙම ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරයි...

මීට අමතරව

Ø  මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීමේදී
Ø   ඩිටර්ජන් සබන් මගින් සේදීමේදී
Ø   හිරුඑළියට නිරාවරණය වීමෙන්
Ø   තැලීම් සීරීම් වලට ලක්වීමෙන්
            ප්ලාසිටිසයිසර්ස් ආහාර වලට එකතු වේ.
PET බෝතල් වලින් පමණක් මෙවැනි අහිතකර රසායනික ද්‍රව්‍ය 19 ක් පමණ කාන්දු වන බව සොයාගෙන ඇත.
ඒ අතුරින් පහත රසායන මානව සෞඛ්‍යයට වැඩි බලපෑමක් එල්ලකරයි.
තැලේට් (Pthalate)
v  ප්ලාස්ටික් වල මෘදු නම්‍යශීලීභාවයට යොදාගනී.
v   පිලිකාකාරකයකි.
v   හෝර්මෝනමය වියවුල් (Endocrime disruptery) ඇති කරයි.
v  ඉතා කුඩා ප්‍රමාණවලින් හානි කරයි.
v  සරුභාවයට සෘජුව බලපායි.
v  කුඩා‍ ලමුන්ට වැඩිපුර බලපායි.
v  පිරිමි ලමුන්ගේ ප්‍රජනන හැකියාව දුර්වල කරයි.
බීස්ෆීනෝල් ඒ (Bisphenol A / BPA)
v  ඝණ ප්ලාසිටික් වල තැනුම් එකකයකි.
v  විනිනිද පෙනෙන ස්වභාවයට, ශක්තිමත්බවට, කම්පන ඔරොත්තුදීමට වැදගත් වේ.
v  මුලුතැන්ගෙහි භාජන, ආහාර ඇසුරුම්, ප්ලාසිටික් කෝප්ප, වතුර බෝතල්, ටින් ඇසුරුම්වල අභ්‍යයන්තර තුනී ආවරණය, ප්ලාස්ටික් ලදරු නිෂ්පාදන ලදරුවන්ගේ බෝතල් වර්ග, ජංගම දුරකථන, අවුකණ්නාඩි, සංයුක්ත තැටි කවර ආදිය නිපදවීමට යොදාගනී.
v  මිනිස් ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ලක්ෂණ පෙන්වයි.
v  මිනිස් අන්තරාසර්ග පද්ධතියට හා ප්‍රජනන පද්ධතියට බලපායි.
v  ස්වභාවික ඊස්ට්‍රජන් මෙන් 100 ගුණයක් තරම් ප්‍රභලයි.
BPA ශරීරගතවීමෙන්
       මද සරුභාවය (Infertility)
         පුරස්ථ ග්‍රන්ථි පිළිකාව (Prostrate cancer)
         පියයුරු පිළිකා (Breast cancer)
         අඩුවයසින් ගැහැණු ළමයි මල්වරවීම (Early puberty)
         තරබාරුබව (Obesity)
         දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes)
                                    වැනි රෝග ඇතිවිය හැක. ගර්භණී මවුවරුන්, ළදරුවන් නව යෞවනයින් BPA වලට නිරාවරණය වීම භයානක බව හෙලිවී ඇත.
ඇන්ටිමනී
v  PET ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගනී.
            බෝතල් කල පානීය ජලයේ තිබී සොයාගෙන ඇත.
v  ආහාර ඇසුරුම් කර මාස 3 ඉක්මවන විට  මෙම සාන්ද්‍රණය වැඩිවන
 බව සොයාගෙන ඇත.
 (Ex date වසර 2 ක් යෙදීම                 
   පිළිබඳව සලකා බැලීම වැදගත්ය)

ඇසිටැල්ඩිහයිඩ් හා විවිධ ඇල්ඩිහයිඩ් වර්ග
v  අවර්ණ ලාක්ෂණික පළතුරු සුවදක් සහිත වේ.
v  පිළිකා හා වෙනත් සෞඛ්‍ය ගැටළු රාශියකට හේතු වේ.
v  සිසිල්බීම හා පැණිබීම බෝතල්වල තිබිය හැක.
v  හිරු එළියට , 600C උෂ්ණත්වයට ලක්වන බෝතල් වල තිබී හමුවී ඇත.
ලංකාවේ තත්වය
v  දරුවාගේ සුප්පුවේ පටන් සියළුම කාර්යන් සඳහා ප්ලාස්ටික් යොදාගනී.
v  PET ‍බෝතල් වල නැවත ජලය පුරවා භාවිතා කිරීම ඉතා බහුලය.
v  ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් භාජන ඉතා බහුලව භාවිතා කරයි.
v  ජලය උණූකිරීමට.
v  කෑම එතීමට.
v  තෙල් වර්ග ගෙනයාමට.
v  ආහාර ගැනීමට.
v  පානයන් වර්ග ගබඩා කිරීමට ආදී සියළුම කටයුතු වලට පොලිතින් භාවිතා කරයි.
අවධානම අවම කර ගැනීම
v  ප්ලාස්ටික් පොලිතින් වල එතූ ආහාර භාවිතය අවම නැතහොත් සීමා කරන්න.
v  සං‍කේත අංක නැති සලකුණක් නැති ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාජන කොපමණ ඔබ ආහාර අසුරා ඇතිදැයි පරීක්ෂා කරබලන්න.
v  ආම්ලික උණුසුම් ඇල්කොහොල් අඩංගු ආහාරපාන ප්ලාස්ටික් භාජන වල දමා භාවිතා නොකරන්න(විෂකාන්දුව වැඩිකරයි).
v  ප්ලාස්ටික් භාජන වල අසුරා ඇති ජලය භාවිතයට පෙර ප්‍රති ආස්‍රැති ක්‍රමයෙන් පෙරාගන්න.
v  ජලය ප්ලාස්ටික් ජල ටැංකි වල ගබඩා කරන්නේ නම් අනුමත ප්ලාස්ටික් වර්ගද බලන්න, හිරුඑළියේ නොතබන්න.
v  ප්ලාස්ටික් ලදරු බෝතල් සුප්පු, ලදරු නිෂ්පාදන භාවිතා නොකරන්න.
v  මයික්‍රෝවේව් උදුන්වල පිසීමට ප්ලාස්ටික් භාජන භාවිතා නොකරන්න.
v  පිසූ ආහාර, සීනි, තේ, පොල්තෙල් මස් මාලු වැනි ද්‍රව්‍ය රැගෙනයාමට ෂොපින් බෑග් ග්‍රොසරි බෑග්, භාවිතා  නොකරන්න. (විටමින් හා වර්ණක හානිකරයි)
v  බත්ගෙනයාමට ලනච් සීට් වෙනුවට සුදුයකඩ පයිරෙක්ස් විකල්ප වලට යොමුවෙන්න.
v  ජලය ගෙනයාමට වරක් භාවිතා කල බොතල් භාවිතා නොකරන්න. අවශ්‍ය නම් අනුමත ප්ලාස්ටික් ‍බෝතල් භාවිතා කරන්න.
v  හිරු එළියට නිරාවරිත ජල බොතල් ‍භාවිතා නොකරන්න. වැඩි උෂ්ණත්වයේදී 55 වාරයකින් පමණ රසායනික කාන්දු වැඩිකරයි
v  කල්ගතවු පලුදු වූ ප්ලාස්ටික් භාජන භාවිතයෙන් ඉවත් කරන්න.
v  ජ්‍රජනන වියේ කාන්තාවන් හා ගර්භණී මවුවරුන් හා ළමුන් ප්ලාස්ටික් භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න.
v  ටින් කල ආහාර ගැනීම හැකිතාක් අඩුකරන්න. ඇතුලත Sn ප්‍රතික්‍රියා කිරීම වැලැක්වීමට අභ්‍යන්තරයේ B.P.A. ආලේපකර ඇත කල්යාමේදී කාන්දු විය හැක.
v  ෆෝලික් අම්ල  අඩංගු ආහාර හා නැවුම් එළවළු හා පලතුරු වැඩිපුර ආහාරයට එක්කරගන්න. BPA මගින් වර්ධනය වන කලලයට වන හානිය අවම කරගැනීමට හා රුධිරයේ BPA සාන්ද්‍රණය අඩුකිරීම එමගින් හැකිය.
v  හැකි සෑම විටම සම්‍ප්‍රදායික විකල්ප ආහාර ඇසුරුම් ගැන උනන්දු වන්න.
v  පානීය ජලය සිසිල් බීම බෝතල් වෙනුවට ඉතා ඉහල පෝෂණයක් සහිත තැඹිලි ගෙඩියක් පානය කරන්න.

v  දුර ගමනකදී අවශ්‍ය ජල ප්‍රමාණය අවශ්‍ය ප්‍රමානයට රැගෙන යන්න

0 comments:

Post a Comment