December 31, 2016

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම

යුරෝපයේ ගල් අගුරු බලාගාරවලින් සිදු වන වායු දූෂක සම්බන්ධ නීති දැඩි කිරීමෙන් වාර්ෂිකව ජීවිත 20000ක් පමණ බේරාගැනීමට හැකියාව ඇති බව පසුගිය දා නිකුත් වූ වාර්තාවක සදහන් විය.එම වාර්තාවේ දක්වා ඇති පරිදි  ගල් අගුරු බලාගාරවලින් විමෝචනය කළ හැකි වායු විමෝචන සදහා වඩා දැඩි සීමා පැනවීම හා ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ගල්අගුරු දහනයෙන් නිකුත් වන දූෂක නිසා වාර්ෂිකව සිදු වන අකල් මරණ ප්‍රමාණය 22,900ක පමණ ප්‍රමාණයේ සිට 2,6000ක් පමණ දක්වා අඩු කර ගත හැකි ය. එසේ ම තවත් යහපත් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගැනීමට ද ඉන් අවස්ථාව සැලසේ. ඒවා අතර විවිධ ශ්වසන ආබාධ අඩු වීම මෙන්ම ශ්‍රම බලකායේ සේවා දින ගණන ඉහළ යෑම ද වේ. වර්තමානයේ දී යුරෝපයේ ක්‍රියාත්මක තත්ත්වයේ ඇති ගල් අගුරු  බලාගාර අතරින් අඩකටත් අධික ප්‍රමාණයක් යුරෝපා සංගමයේම නීතිවලට වඩා වැඩි වායු දූෂණයක් සිදු කරන බව මේ වාර්තාවෙන් හෙළි වන තවත් කරුණකි. ඒ පවත්නා තත්ත්ව යටතේ ඊට අවස්ථාව ලැබී ඇති නිසාය. මේ තත්ත්වය වළක්වාලීම සදහා යොදාගත හැකි ගල් අගුරු කර්මාන්තය විසින් පිළිගනු ලබන හා මේ වන විට භාවිතයේ ඇති හොද ම පවත්නා තාක්ෂණය (best available technology) පිළිබදවද මෙහිදී අදහස් දක්වා ඇත.

යුරෝපීය පාරිසරික කාර්යංශය හා තවත් ආයතන කිහිපයක් එක්ව සකස් කර ඇති මේ වාර්තාවට සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ අනුමැතියද හිමි වී තිබේ. 

(මූලාශ්‍රය: Lifting Europe’s Dark Cloud: How cutting coal saves lives, http:// env- health. org/, http://endcoal.org/health/)




N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara

0 comments:

Post a Comment