December 29, 2016

වකුගඩු රෝගයට හේතුවු කෘෂි රසායන

ශ්‍රී ලංකාවේ, මධ්‍යම ඇමරිකාවේ සහ ආසියාතික රටවල් කිහිපයක පැතිර යන වකුගඩු රෝගයට හේතු කාරක  කෘෂි රසායන මගින් එකතු වන බව සනාථ වීමෙන් පසු මේ තත්වය වලක්වා ගැනීමට ගතහැකි පියවර සම්බන්ධයෙන් සිදු කල පර්යේෂණයක මුලික තොරතුරු අනාවරණය වෙමින් පවති.

ඒ අනුව පලිබෝධ නාශක සහ විෂ සහිත ලෝහ ශරීරයෙන් ඉවත් කල හැකි "ප්‍රෝ ඇන්තෝ සයිනඩින් "(Proanthocyanidin) වර්ගයේ රසායන ද්‍රව්‍යයක් සියපත් ඇල් (පච්චාපෙරුමල්), කළුහීනටි සහ මඩතවාලු යන පැරණි වී වර්ග වලින් හමු වී ඇත. ලංකාවේ වර්තමානයේ භාවිතාවන කිසිචු සම්බා හා නාඩු සහල් වර්ගයක හෝ වෙනත් ආහාරයක මේ රසායන ද්‍රව්‍යය දක්නට නොලැබේ.

ලංකාෙව් පැරණි සහල් වර්ග හැරුණු කල මේ රසායන සංයෝගය සැලකිය යුතු ලෙස හමු වී ඇත්තේ බෙරි වර්ගවල  සහ බ්ලැක් කරන්ට් වර්ගයේ මිදි වලය. රතු වයින් ශරීරයට ගුණදායක ලෙස බටහිර වෛද්‍යවරු නිර්දේශ කිරීමට හේතුවද ප්‍රෝ ඇන්තෝ සයිනඩින් වර්ගයේ රසායන එහි තිබීමයි.

පසුගිය කාලයේ විවිධ කණ්ඩායම් සිදු කල පර්යේෂණවලින් හෙළිවූයේ රටේ ප්‍රෙද්ශ ගණනාව ජනතාව කෘෂි රසායන නිසා ඇති වන වකුගඩු රෝගවලට ගොදුරු වීමේ අවධානමක් ඇති බවයි.

මෙ නිසා දැනට හදුනා ගත් රෝගීන්ට මෙන්ම අවදානම් කලාපවල සිටින සියළු ජනතාවට හැකි ඉක්මනින් සියපත් ඇල් (පච්චාපෙරුමල්), කළුහීනටි සහ මඩතවාලු යන සහල් වර්ග තුන් වේලටම ලබා දීම සුදුසු බව මේ පිළිබද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පැවැත්වීමෙන් පසු සියරට පැමිණ සිටින වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඩී. ජගත් විතානගේ,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
දමන.

0 comments:

Post a Comment