මාතර හා තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පැතිරී ඇති අක්කර 750 ක පමණ වගුරු බිමි පද්ධතියක් මෙයට අයත් වේ. මීට අවුරුදු මිලියන ගණනකට පෙර Pleistocene යුගයේදී මාතර නගරය අවට පිහිටි මෙම භුමිය මුහුදට යටව පැවති බව භූ විද්‍යාත්මක සාධක ගෙන හැර දන්වයි.මෙම වගුරු බිම පුරා වැසීගත් කිරල, කෙටල ආදී කඩොලාන ආශ්‍රිත ශාක මෑත ඉතිහාසය දන්වාම දක්නට ලැබේ. ලේනදුව,වටගෙදර,කුඩාලේන්දුව,අත්තුඩාව,පාලටුව,ගොඩගම,හිත්තැටිය,තුඩාව ආදී වු අවට ගම්වැසියන් විසින් මෙම ශාක ප්‍රජාව විනාශ කර වී වගාව සදහා මෙම භූමිය ප්‍රවෝජනයට ගත්හ.කඩොලාන ආශ්‍රිත ශාකයන් ලෙස විශාල පාරිසරික වැදගත්කමක් ඇති කිරල ශාකය වර්තමාන වනවිට දක්නට නැති තරම්ය.නිල්වලා යෝජනා ක්‍රමයෙන් පසුව මෙම තත්වය උග්‍ර විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට හම්බන්තොට දන්වා කොටස මෙම තෙත්බිම හරහා ගමන් කර දීමට ඉඩම් පවා අත්පත් කරගෙන තිබිණි.ගම් වැසියන්ගේ හා වි්ද්වතුන්ගේ දැඩි විරෝධය නිසා මෙය වැලකිණි.මෙම තෙත්බිමේ මීටර 180 ක් පමණ ඝනකමට රොන්මඩ තට්ටුවක් තැන්පත් වී ඇති බව මෑතකදී කරන ලද කැණිම් වලින් තහවරු වී ඇත. නිතර පිටාර ගලන නිල්වලා නදියේ අතිරික්ත ජලකදින් මාතර නගරයේ සහ අවට ගම්බ්ම් බේරා ගැනීමේ මහා කර්තව්‍ය ගැන සැලකීමේදී මෙම තෙත්බිම මාතර නගරය අවට සියලු ප්‍රජාව ලද මහගු දායාදයකි.
Reference - www.wildlife.lk
මෙම තෙත්බිම තුල ජෛව විවිධත්වය සැලකූවිට ඉහල තත්වයක පවති.ජෛව විවිධත්වය අධ්‍යාපන පරියේෂණ මධ්‍යස්ථාන මගින් 2009 දී නිකුත් කරන ලද වාර්තාවට අනුව බත් කූරන්,විශේෂ 25 ක් උරග විශේෂ 27 ක් උභය ජීවී 08 ක් පක්ෂි විශේෂ 69 ක් ක්ෂීරපායි විශේෂ 16 ක් ගොඩබිම ගොලුබෙලි විශේෂ 5ක් මෙම තෙත්බිම ආශ්‍රිතව ජීවත් වෙති. ගැටකිඔුලා,පිඔුරා,කිරලා,පැස්තුඩුවා,පොදුගැලිනුවා,
කිතලා,ලතුවැකියා,දියසෑනා,සේරුවා,බ්‍රාහ්මණ උකුස්සා,දියබරියා,නරියා,කොලදිවියා,රත්තඹුරු මුගටියා මෙම තෙත්බිම තුලදී හමුවී ඇත.
කිරල,කෙටල,දියදග,ජබර,ලුනිවිල,දියහවරිය, කෙකටිය,පේර,මසන්,ගදපාන,මාදං,අඹ,කුඹුක්,බක්මී,උණ,දවට,හික් වැනි ශාක ප්‍රජාවන්ද මෙහි දක්නට ලැබේ.මෙම තෙත්බිමේ ඇති භූ විද්‍යාත්මක පරිසර විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ලෙන අංක 1305-4 හා 2013 සැප්තැම්බර් මස 08 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
Reference - www.wildlife.lk
0 comments:
Post a Comment