December 19, 2016

නුදුරේදී ගුවන් ගතවන එයාර් සෙල්ෆි


ඔබට දුරස්ථව ගුවන් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමට “සෙල්ෆි ස්ටික් (Selfie Stick)” භාවිත කරනවා වෙනුවට, ඔබ  සාක්කුවේ පවා දාමාගෙන යා හැකි ප්‍රමාණයේ ඩ්රෝන භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබී ඇත. මෙය එයාර් සෙල්ෆි (AirSelfie) නමින් හැදින්වේ.

මෙම AirSelfie පූර්ණ අධි-විභේදන (HD) 1080p වීඩියෝ, මෙන්ම 4GB microSD කාඩ් සහිත 5-megapixel කැමරාවකින් ද සමන්විත වේ. මෙම AirSelfie භාවිතා කරමින් යම් දුරක හෝ උසක සිට  හෝ විවිධ කෝණ වලින් ඔවුන්ගේ පසුබිම් හා විවිධ අවස්ථාවන්ට අනුකූලව අවශ්‍ය පින්තූර පහසුවෙන් ගැනීමට හැකියාව ඇත.

ඩ්රෝනයේ  බමක හතර, එය ගුවන් අඩි 65 (මීටර් 20) දක්වා පියාසර කිරීමට අවශ්‍ය බලය සපයයි. පියාසර කරන කැමරාව "ස්මාට් ජංගම දුරකතනයටත් වඩා කුඩා, බර අවුන්ස 1.83 ක් (ග්රෑම් 52) ක් පමණ වේ.
ඩ්රෝනය මගින් උන්නතාංශය මැනීම සඳහා සෝනාර් භාවිත කරන අතර ඒ අවට නිරීක්ෂණය කිරීම සඳහා කුඩා අමතර කැමරාවක් භාවිතා කරයි.


මෙම AirSelfie නිදහස්, iOS හෝ Android ඇප් එකක් හරහා පාලනය වේ. මෙම AirSelfie ස්මාර්ට් ෆෝන් රැහැන් රහිතව ඡායාරූප හා වීඩියෝ දර්ශන යැවීමට Wi-Fi භාවිතා කරයි. 

0 comments:

Post a Comment