December 26, 2016

පරිගණක තොරතුරු ආරක්ෂාව සඳහා චින්තන තරංග භාවිතය

පරිගණක පද්දතිවල දක්ෂ මුර පද භාවිතය මගින් ඔබගේ පරිගණකයට අනවසරයෙන් ඇතුළු වී සිටින බහු පාක්ෂික පරිගණක විශේෂඥයන් වැලැක්වීමෙන් ඔබ්බට ගොස් පරිගණක පද්දති ඉතා නවීන හෝ පරිගණක පද්දතිය තුල තිබෙන ඉතා වැදගත් පුද්ගලික තොරතුරු තව දුරටත් ආරක්ෂා කිරීමට විවිධ ආරක්ෂක ක්‍රම ඉදිරිපත් වෙමින් පවතී. අඟිලි සලකුණු සහ ඇසේ කළු ඉංගිරියාව සුපරීක්ෂණය මගින් පරිගණක පද්දති වලට පිවිසීම අද වන විට දක්නට ලැබේ. එහෙත් ඇඟිලි සලකුණු සොරකම් කල හැකි අතර ඇසේ කළු ඉංගිරියාව ප්‍රතිවලිත කල හැකිය. එබැවින් පරිගණක පද්දතිවල තොරතුරු ආරක්ෂාව අනතුරකට ලක්ව ඇත.
ඔබ එකවරක් පරිගණකයට ඇතුළු වූ පසු තව දුරටත් ඔබමද යන්න පරිගණකයට හඳුනා ගැනීමේ ක්‍රමයක් නැත. පරිගණක පද්දතියක පරිගණකයන් අන්ධ බැවින්  පරිගණකය භාවිතා කරන්නෝ කවුරුන්ද යන්න පිළිබඳ හඳුනා ගැනීමට නොහැකිය. එබැවින් මෙම නව ක්‍රමය මගින් පරිගණකය භාවිතා කරන පුද්ගලයාගේ චර්යාත්මක අනන්‍යතා රටාවන් හඳුනා ගෙන ඒ රටාවල් තුලින් පද්දතිය භාවිතා කලේ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලි මෙට්ට්‍රික් එකක් සකස් කර ගනි. එම මෙට්ට්‍රික් එකෙහි යම් අගයකට වඩා පහත වැටෙන සෑම අවස්ථාවකදිම මුර පදය නැවත ඇතුළු කිරීම සඳහා පරිගණකය විමසනු ලැබේ. පුද්ගලයෙකුගේ එකී රටාවන් හඳුනා ගැනීමට විද්‍යුත් නිකර්පරේඛය හෝ ECG මගින් මොළයේ තරංග රටාවන් හඳුනා ගනී. කෙසේ වෙතත් එම චින්තන තරංග මගින් පුද්ගලයෙකුගේ අනන්‍යතාවයට වඩා තවත් දෑ පැවසීමට හැකියාවක්ද ලැබී ඇති බව එම පර්යේෂණ කණ්ඩායම දක්වයි.


https://www.sciencedaily.com/releases/2016/10/1610031
30904.htm

0 comments:

Post a Comment