December 26, 2016

ලෙප්ටොපයිරෝසියාව (LEPTOPIROSIS) නොහොත් මී උණ ගැන ඔබ දැන සිටියා ද?

Leptospirosis යනු සතුන් මඟින් ව්‍යාප්ත වන බැක්ටීරියා ආසාධනයකි. Leptospirosis interrogans බැක්ටීරියාවේ විද්‍යාත්මක නාමය වන අතර එහි ප්‍රභේද 200කට අධික සංඛ්‍යාවක් පවතී. මෙම ප්‍රභේද අතරින් පහත සඳහන් ප්‍රභේද මිනිසාට රෝගය සෑදීම සඳහා ප්‍රමුඛ වේ. L.I. interohaemorrhagiae (මීයන් මඟින් ව්‍යාප්ත වේ). L.I. canicola (බල්ලන් හා ඌරන් මඟින් ව්‍යාප්ත වේ). L.I. hardjo (ගවයන් මඟින් ව්‍යාප්ත වේ). L.i. Pomona (ඌරන් හා ගවයන් මඟින් ව්‍යාප්ත වේ). මෙම සතුන්ගේ මුත්‍රා මඟින් මෙම බැක්ටීරියාව පරිසරයට මුදා හැරෙන අතර එය ධාරකයා වන මිනිසාගේ සිරුරට ඇතුළු වන්නේ සමෙහි පවතින තුවාල හා සීරීම් හා අභ්‍යන්තර පටක මඟිනි. එමෙන්ම බැක්ටීරියාව මඟින් දූෂණය වූ ජලය පානය කිරීමෙන්ද රෝග කාරකය සිරුරට ඇතුල්වීම සිදුවිය හැක. මෙම බැක්ටීරියාවට පිරිසිදු ජලයේ බොහෝ දින ගණනක් නොනැසී පැවතිය හැකි  අතරමුහුදු ජලයේ පැය 24 ක පමණ කාලයක් නොනැසී පැවතිය හැක.

රෝග ලක්ෂණ
ඉහත සඳහන් කරන ලද බැක්ටීරියා ප්‍රභේද වලින් 90% - 95% පමණ සාමාන්‍ය මද උණ තත්වයක් පෙන්නුම් කරන අතර L.i.interohaemorrhagiae අභ්‍යන්තර ලේ ගැලීම් , වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපන කිරීම හා අක්මාව ආසාදනය වීම (එනිසා Jaundice  නැමති රෝග ලක්ෂණය ) ඇති කරයි.

මෙම බැක්ටීරියාව සිරුර තුළ විභේදනය හා ව්‍යාප්තිය සඳහා දින 7 – 14 ක් අතර කාලයක් ගතවේ. රෝගය ප්‍රධාන අවස්ථා දෙකකට බෙදා වෙන්කල හැකිය.

01. Leptospiraemic phase (සතියක කාලයක්)
02. Immunological phase

පළමු අවස්ථාවේදී තද හිසරදය, උණ, ඔක්කාරය, මස්පිඩු වේදනාව හා සිරුරේ අප්‍රාණික ස්වභාවයක් ඇතිවේ.එමෙන්ම බොහෝ රෝගීන්ගේ ඇස් රත් පැහැ ගැන්වෙන අතර අක්මාවේ හා ප්ලීහාවේ ඉදිමීම සිදුවේ.
දෙවන අවස්ථාව බොහෝ රෝගීන් සඳහා මද රෝගී බවක් පෙන්නුම් කරන අතර සමහර රෝගීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියේ වෙනස්කම් සිදුකරනු ලබයි.

බරපතල ලෙස රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ මෙම අවස්ථා දෙක අතර ප්‍රධාන විභේදනයක් නොපෙන්වන අතර ඔවුන්ගේ අක්මාව හා වකුගඩු අඩපණ වන අතර රුධිර ගමනයද අඩපන වී යයි. එමෙන්ම රතු රුධිරාණු  බිඳී යාම නිසා නීරක්තිය (Haemolytic anaemia ), හෘදය අඩපන වීම (Cardiac failure), පෙනහලු තුළ ලේ ගැලීම් සිදුවිය හැක. මෙම අවස්ථාවේ රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිටියද මර්ත්‍යතාවය 15% - 20 % අතර පවතී.
රෝග නිශ්චය බොහෝ විට රෝග ලක්ෂණ මත සිදුවන අතර Blood & CSF culture මඟින් සිදුකල හැක.ප්‍රතිකාර කිරීම ප්‍රතිජීවක (Antibiotics ) සහ සහයක ප්‍රතිකාර මඟින් ප්‍රධාන වශයෙන් සිදුවේ.

විදාතා සම්පත් මධ්‍යස්ථානය - වාරියපොළ

ඡායාරූප - අන්තර්ඡාලය ඇසුරින්

0 comments:

Post a Comment