December 21, 2016

ජලය මඟින් පැතිරෙන රෝග

ජලයෙන් ලබාගනන්නා ප්‍ර යෝජන බොහෝය. එසේම ලෝකයේ ඇති වටිනාම සම්පතද ජලයයි. ජීවිතය පවත්වා ගැනීමට ජලය ඉතා අත්‍යාවශ්‍ය වූවද, රෝග කාරකයන්ගෙන් දූෂිත වූ විට එයට රෝග පැතිරීමට ද පුළුවන.
ජලයෙන් පැතිරෙන රෝග යන යෙදුම භාවිතවනුයේ සෘජු ලෙස ජලයෙන් රෝග පැතිරීම හා සම්බන්ධවය. එසේම එය සුලභව භාවිතා කරනුයේ ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් මඟින් හෝ රසායනික වශයෙන් හෝ දූෂිත වූ ජලයෙන් ඇතිවන රෝග හා සම්බන්ධවය. ජලය මඟින් පැතිරෙන රෝග බොහෝ ගණනාවකි. මෙවැනි ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සහ රසායනික සංයෝග මඟින් දූෂිත වූ ජලය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ඒවා පැතිරෙයි.

ජලයෙන් පැතිරෙන රෝග වර්ග

ජලයෙන් පැතිරෙන රෝග, බෝවන (සංක්‍රාමීය) රෝග සහ බෝ නොවන රෝග (සංක්‍රාමීය නොවන) ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. බෝවන රෝග වලට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ, ජල මූලාශ්‍රයන් ක්ෂුද්‍ර ජීවී රෝග කාරකයන්ගෙන් දූෂණය වීමය. බෝ නොවන රෝග ඇතිවන්නේ රසායනික සහ විකිරණශීලී ද්‍රව්‍ය මඟින් ජලය දූෂණය වීම හේතුකොට ගෙනය. සාමාන්‍ය යෙන් ගත් කළ ක්ෂුද්‍ර ජීවී දූෂණ ඇතිවන ජලය මඟින් පැතිරෙන රෝග කෙටිකාලීනය. පලවිපාක දෘෂ්‍යමානය. මෙම ආසාදනවල දරුණුම තත්වය, ඇති කරනුයේ බෝ නොවන ද්‍රව්‍ය මඟින් ජලය දූෂණය වීම හේතුකොටඇති වන රෝග තත්වයන්ය. එම රෝග දීර්ඝ කාලීන වන අතර, සොයාගැනීම සහ පාලනය කිරීම ද අසීරුය.

ජලය මඟින් පැතිරෙන රෝග ඇතිකරන ප්‍රධාන ව්‍යාධිජනක

ව්‍යධිජනක ජීවියා
මූලික වශයෙන් ඉලක්ක කරන ඉන්ද්‍රීය
ප්‍රධාන රෝග ලක්ෂණ
බැක්ටීරියා
ඉස්චිරිචියා කෝලයි
අන්ත්‍ර
පාචනය
ෂිගෙල්ලා
අන්ත්‍ර
පාචනය/අතීසාරය
විබ්‍රියෝ කොලර්
අන්ත්‍ර
පාචනය
සැල්මොනෙල්ලා පැරාටයිපි
සැල්මොනෙල්ලා පැරාටයිපි
අන්ත්‍ර
උණ, බඩ රිදීම, මල බද්ධය, සමහරවිට පාචනය
වයිරස
හෙපටයිටීස් ඒ
අක්මාව
කාමලාව
හෙපටයිටීස් ඊ
අක්මාව
කාමලාව
රොටා වියරස
අන්ත්‍ර
පාචනය
පොලියෝ වයිරස
ස්නායු පද්ධතිය
ගාත්‍රා පක්ෂාඝතය
පරපෝෂිත
එන්ටමීබා හිස්ටොලිටකා
අන්ත්‍ර
පාචනය
ජීයාඩියා
අන්ත්‍ර
පාචනය
කොකු පණු
අන්ත්‍ර
දුර්වලකම/නීරක්තිය
අනෙකුත් අන්ත්‍ර ගත පණුවන්
අන්ත්‍ර
දුර්වලකම/නීරක්තිය
සමහර විට පාචනය


 






ජලය මඟින් පැතිරෙන බෝ නොවන රෝග තත්ව

රසායනික සංයෝග මඟින් ජල මූලාශ්‍ර දූෂිත වීම ලෝකය පුරාම වර්ධනය වෙමින් පවතින තර්ජනයකි. සමහර රටවල ස්වභාවයෙන්ම පවතින ආසනික්, ෆ්ලෝරයිඩ් වැනි රසායනික භූගත ජලයට එක්ව පැවතිය ද බොහෝ අප ද්‍රව්‍ය මඟින් දූෂණය වීම අවධානය යොමු කළ යුතු මූලික සෞඛ්‍ය ගැටළුවක් ලෙස පවතී.

ජලය මඟින් පැතිරෙන බෝ නොවන රෝග ඇති කිරීමට මුල්වන ප්‍රධාන රසායනික
රසායනිකය
උපද්‍රව්‍යට පත්වන ඉන්ද්‍රිය
ප්‍රධාන සෞඛ්‍ය බලපෑම
ආසනික්
සම/පෙනහළු
වර්ණක සුලබව පැතිරීම, සමේ පිලිකා, පෙනහඵ පිළිකා, තීව්‍ර ධූලක තත්වයන්, ආමාශ ආන්ත්‍රික රෝග ලක්ෂණ
ෆ්ලුවරයිඩ්
අස්ථි
අස්ථි බිදීම, අස්ථි වේදනා, සහ මෘදුවීම
නයිට්‍රේට්
රුධිර සංසරණ පද්ධතිය
මෙතේබොග්ලෝබිනියාව (නිල ළදරු සහලක්ෂණය)
කැඩ්මියම්
පෙනහළු, වකුගඩු
තීව්‍ර ආඝ්‍රාණය ජීවිත තර්ජන ඇති කරයි. කාලීක නිරාවරණය වීම, වකුගඩු හානි ඇති කරයි. (කාලික වෘක්ක අකර්මනය)
රසදිය (මර්කරි)
පෙනහළු, ස්නායු පද්ධතිය, වකුගඩු
පෙනහළුවලට හානිවීම, කාලික විෂවීම සහ පෞරුෂත්ව ගැටළු, අවිවේකී බව, කාංසාව, නිදි ගැටළු, වකුගඩු හානි (කාලික වෘක්ක අකර්මණය)
ඊයම්
ස්නායු පද්ධති අන්ත්‍ර
හිසරදය, නොසන්සුන්බව, උදර වේදනාව, කාලික නිරාවරණය හේතුකොට මතකය ක්‍රමයෙන් අඩුවීම, ප්‍රතික්‍රියා දක්වන කාලය දීර්ඝවීම

සියළු දෙනාගේ සැලකිල්ලට ලක්විය යුතු තවත් අනාගත අභියෝගාත්මක ප්‍රස්තුතයක් වන්නේ ගංගාවල දූෂිත පෘෂ්ඨ ජලයෙහි පවතින ක්ෂුද්‍රජීවීන් පොලොව තුළට රූටා යාම නිසා භූගත ජලය ද ක්‍රමයෙන් පරිභෝජනයට ගැනීමට නුසුදුසු තත්වයට පත්වීමය.

සැකසුම:- අයි.එස්. තරංගනී - විද්‍යා හා තාක්ෂණ නිලධාරී දෙවිනුවර

0 comments:

Post a Comment