December 30, 2016

පරමාණු තුනක ඝනකමින් යුත් ඉතා තුනී (නැනෝ) විදුලි රැහැන්.

විද්‍යාඥයන් විසින් ඉතාමත් තුනී විදුලිය ගමන් කළ හැකි නැනෝ පරිමාණයේ රැහැන් (වයර්) නිපදවීමට සමත්ව ඇත. මෙම රැහැන් පරමාණු තුනක ඝනකමින් යුක්ත වන අතර ඉතා කුඩා දියමන්ති (diamondoids) කෙි මේ සහා භාවිතා කර ඇත.
මෙම තුනී (නැනෝ) සන්නයන විදුලි රැහැන් (string of diamondoids) දියමන්ති කෙි, සල්ෆර් සහ කොපර් පරමාණු සම්බන්ධ කිරීමෙන් නිපදවා ඇත.මෙහි විෂේශත්වය වන්නේ මෙම රැහැන් ස්වයංව නිර්මාණය වීමයි.
පර්යේෂකයන්ගේ අදහස වනුයේ ස්වයංව නිර්මාණය වන ඉතා කුඩා සන්නයවන නැනෝ රැහැන් නිපදවිය හැකිද පිළිබව මෙම පර්යේෂණයෙන් සොයා බැලූ බවයි. මෙම රැහැන් නිර්මාණය සහා අවශ්‍ය වන ද්‍රව්‍ය එකට තැබූවිට එය කෙටි වේලාවකින් ස්වයංව නිර්මාණය වන බව පර්යේෂකයන් පෙන්වා දේ.

ස්වභාවික පෙට්‍රෝලියම් තරල වල ඇති diamondoids හි ව්‍යුහය පිළිබ අදහසක් පහත රෑපයෙන් අපට ලබා ගත හැක.

 
එම ව්‍යුහයේ කාබන් සහ හයිඩ්‍රජන් අංශු වලින් සමන්විත ව්‍යුහය ඉතා කුඩා කූඩ වැනි ව්‍යුහයකින් සමන්විත වේ. එකිනෙක අතර ඇති වැන්ඩවාල්ස් ආකර්ෂණ බලය නිසා ඉතා ප්‍රභල ලෙස බන්ධනය වී දම්වැලක ආකාරයක ව්‍යුහයක් සකස් වී ඇත. මෙම කූඩ වැනි ව්‍යුහය තුල තනි කොපර් සහ සල්ෆර් පර්මාණු සම සම්බන්ධයක් ඇති වීමෙන් රැහැන් සහිත ව්‍යුහයක් ලැබේ. මෙම කොපර් සහ සල්ෆර් පරමාණු වලින් යුක්ත මධ්‍ය ප්‍රදේශය සන්නයකයක් ලෙසද diamondoids වලින් සමන්විත වන පිටත කොටස පරිවාරකයක් ලෙසද ක්‍රියාකිරීමෙන් සන්නයන රැහැන් බිහිවේ.
මෙම අවස්ථාව නැනෝ රැහැන් සොයාගත් ප්‍රථම අවස්ථාව නොවන බවත් නමුත් පරමාණු 3 ක ඝනකමින් යුත් නැනෝ රැහැන් නිෂ්පාදනය කළ ප්‍රථම අවස්ථාව මෙය බව පර්යේෂකයන්ගේ අදහසයි.

වෙනත් මූල ද්‍රව්‍යය යොදා ගනිමින් මෙවැනි රැහැන් නිෂ්පාදනය කළ හැකි දැයි තව දුරටත් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. කැඩ්මියම්, සින්ක්, යකඩ සහ සිල්වර් පිළිබවද අධ්‍යයනය කෙරෙමින් පවතී.මෙම සොයා ගැනීම් නැනෝතාක්ෂණයේ ඉදිරිය දියුණුවනු ඇතැයි පර්යේෂකයින්ගේ මතයයි.

සකස් කළේ-

ඩී.එස්.උඩහේන්තැන්න

විද්‍යා හා තාක්ෂණනිළධාරි
ඉහළ කෝරළේ
උපුටා ගැනීම්-
 

0 comments:

Post a Comment