December 30, 2016

ජලය ඔබේ හොඳම මිතුරායි

මිනිස් සිරුරේ බරින් 70% පමණ ජලය ඇත. ජලය කොපමණ අපගේ පැවැත්මට වැදගත්ද කියතොත් ජලය නොමැතිව දින කිහිපයකට වඩා ජීවත්වීමටද නොහැකි තත්වයක් පවතී. ජලයේ වැදගත්කම කීප ආකාරයකින්ම දැකිය හැක. පානය කිරීම, එදිනෙදා පිරිසිදු කිරීම් වැනි වෙනත් කටයුතු සදහාද ජලය වැදගත් වේ. මෙහිදී විශේෂයෙන් අපගේ සිරුර සජීවීව පවත්වාගෙන යාම සදහා ජලය කොපමණ වැදගත්ද යන්න වැඩිපුර කථා කිරීමට කැමැත්තෙමි.


විශේෂයෙන්ම අපගේ ජීවය පවත්වාගෙන යාම සදහා ජලයේ ඇති විද්‍යාත්මක වැදගත්කම් කීපයක් ගෙනහැර දක්වමි.

* ජලය ශරීරයේ උෂ්ණත්වය පාලනය සදහා ඉතා වැදගත් වේ.
   විශේෂයෙන් උෂ්ණත්වය වැඩිවූ විට දාඩිය ලෙස ජලය වාෂ්පවීම මගින් උෂ්ණත්වය පාලනය කරයි.
   ජලයේ විශිෂ්ඨ තාපධාරිතාව ඉතා ඉහල අගයක් ගන්නා නිසා ශරීරය වියලීමෙන් වැලකේ.
* සිරුර තුල සියලු  රසායනික ප්‍රතික්‍රියා (පරිවෘතිය ක්‍රියා) සදහා අවශ්‍ය මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.ජලයේ ද්‍රාවක ගුණය ඉහලවීම මෙහිදී වැදගත්වේ.
* අවයව ,කාටිලේජ අතර මෙන්ම බොහෝ ක්‍රියාවන්වල ස්නේහකයක් ලෙස (Lubricant) ක්‍රියා කරයි.
* අපද්‍රව්‍ය සහ විෂද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ මාධ්‍යයක් ලෙස ප්‍රධානවේ.(මූත්‍ර, දාඩිය, මල සදහා    ස්නේහකයක් ලෙස )
* ඇස, මොළය, සුසුම්නාව වැනි විවිධ අවයවවල කම්පන උරාගැනීමේ මාධ්‍යයක් ලෙස වැදගත්වේ.
* සිරුරේ ප්‍රධාන පරිවහන මාධ්‍යය වන රුධිරයේ 90% ක්ම ජලය වේ. ජලයේ ද්‍රාවක ගුණය ඉහලවීම මෙහිදීද වැදගත්වේ.
* රුධිරයේ මූත්‍ර පෙරීම සදහා ප්‍රධාන මාධ්‍ය ජලයයි. ජලය නිසි ප්‍රමාණයට නොලැබීම නිසා වකුගඩුවල මෙම ක්‍රියාවට හානි සිදුවීමෙන්  වකුගඩු රෝග ඇති වේ.
* විශේෂයෙන්ම ශාකවල ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රාධාන සංඝටකය ජලය නිසා සියලු ජීවීන්ට ආහාර නිෂ්පාදනය ජලය මගින් සිදුවේ.
* හෝමෝනවල ක්‍රියාකාරිත්වය සදහා ජලය ඉතාම වැදගත්වේ.



             දවස පුරා ප්‍රමාණවත් ලෙස පිරිසිදු ජලය  පානය කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම ජලය අඞංගු කැද වැනි පාන වර්ග, මෙන්ම ජලය අඞංගු ආහාර ගැනීමද ඉතා වැදගත්වේ.
                                 

            එමෙන්ම නිසි පරිදි ජලය පානය කිරීම මගින් දියවැඩියාව, වකුගඩු රෝග, අක්මා රෝග, කොලෙස්ටරෝල්, හෘද රෝග ,ගැස්ට්‍රයිටිස් ,උපත් ආබාධ ,මලබද්ධය, ප්‍රතිශක්තිය හීනවීම වැනි බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකින් වැලකිය හැක.



ඩබ්. ඒ .ආර් සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

නිකවැරටිය

0 comments:

Post a Comment