අප හුස්ම ගන්නෙ වස. කන්නෙ බොන්නෙ වස. මේ මැතිරිල්ලක් වාගේ නිතර කියවෙන වදන් පෙළක්. වස
විස අපව වෙළාගෙන. ජීවිතයම හලාහල විස වාගෙයි. විසෙන් විස නැසෙනවාක් මෙන් වසෙන් විසෙන් මිනිසා විනාශවීමත් වළක්වන්න
බැහැ. ඔක්තෝබර් 17 - 23 දක්වා සතිය ජාතික විස නිවාරණ සතිය ලෙස වෙන්කර තිබෙන්නේ ඔබේ ජීවිතය ගිල ගනිමින්
තිබෙන විසෙන් හැකි තරම් දුරස්කර සුව පිරි දිවියකට මඟ පෑදීමටයි.
* අංකවලින් විසේ තරම දැනගන්න
උපදෙස් - කොළඹ ජාතික රෝහලේ ධූලකවේදය සහ විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක
උපදෙස් - කොළඹ ජාතික රෝහලේ ධූලකවේදය සහ විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක
ලෙහෙසියට, පහසුවට, සැහැල්ලුවට ගෙන යා හැකි නිසා ලොකු පොඩි සැමගේම තේරීම ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් පිඟන්, ප්ලාස්ටික් ඇසුරුම්.
ජලය හෝ වෙනත් පාන වර්ගයක් අඩංගු ප්ලාස්ටික් බෝතලයක්
මිලදී ගැනීමේදී බෝතලයේ අඩිය දෙස බලන්න. එහි ත්‍රිකෝණයක් ඇතුළේ ඇති අංකය ඔබට තර්ජනයක් වන විස ගැන අපූරු
ඉඟියක් ලබා දෙයි.
ත්‍රිකෝණවල ඇති අංකවලින් කියවෙන්නේ ඇසුරුම නිපදවා ඇති
ප්ලාස්ටික් වර්ගයයි.
* ත්‍රිකෝණය ඇතුළේ ඇත්තේ අංක 1 නම් Polyethylene
Terephthalate (පොලිඑතිලීන් ටෙරේෆැතලේට්) යොදාගෙන තිබෙනවා. මේ
ප්ලාස්ටික් වර්ගය වැඩිපුරම යොදා ගන්නේ ප්ලාස්ටික් වතුර බෝතල්වලටයි. මේවා නැවත නැවත පාවිච්චියට කොහෙත්ම සුදුසු නැහැ.
කෙචප්, පැණි බීම, ස්පෝට්ස් පාන බෝතල් බොහොමයක ඇත්තේ පීඊටීය. උණුසුම නිසා, හිරු එළිය නිසා ඇතිවන ප්‍රතික්‍රියාවෙන් විස නිපදවෙනවා.
ඒවා ශරීරගත වීමෙන් වමනය, ඩයරියා, ආමාශ තුවාල හටගත හැකියි.
පෙට්‍රෝලියම්වලින් සාදන හයි ඩෙන්සිටි පොලිඑතිලීන් (High Density Polyethylene) යොදා ගන්නේ කිරි හා ඇතැම් බීම බෝතල් සෑදීමටයි. මේ බෝතල්වල අඩියේ තිබෙන ත්‍රිකෝණයේ
ඇත්තේ අංක 2 යි.
ඩිටර්ජන්ට්, ෂැම්පු බෝතල්වල
ඇත්තේ ද එච්ඩීපීඊ හෙවත් හයි ඩෙන්සිටි පොලිඑතලීන්ය. මේ රසායනයට දිගින් දිගට නිරාවරණය වීම
කලලයට හානි කරයි. ඒ වගේම ගැටවර ළමයින්ට ද හිතකර නැහැ.
ලෝ ඩෙන්සිටි පොලිඑතිලීන් ((High Density Polyethylene) අඩංගු ආහාර ඇසුරුම් මලුවල ත්‍රිකෝණයේ ඇත්තේ අංක 4 යි. එල්ඩීපීඊ පාන් බෑග්වල, ඩ්‍රයි ක්ලීනිං බෑග්වල, පත්තර කඩදාසිවලින් . . . . බෑග් හා කුණු කසල දැමීමට ඇති බෑග්වල
අඩංගුයි. කඩදාසි කිරි පැකට්වල, තේ, කෝපි දැමීමට
ඇති කඩදාසි කෝප්පවල ද ඇත්තේ ලෝ ඩෙන්සිටි පොලිඑතිලීන් (එල්ඩීපීඊ). මේවායේ බිස්ෆෙනෝල් ඒ, නම් විස රසායනය නැතත් හානිකරයි. එහෙත් ඊස්ට්‍රජන්, ලෝ ඩෙන්සිටි පොලිඑතිලීන්වල අඩංගුයි.
බීපීඒ අපේ සිරුරට මාරාන්තික බලපෑම් එල්ල කරනවා. මොළයට, හැසිරීමට, පුරස්ථ ග්‍රන්ථිවලට, කලලයට, ළදරුවන්ට, දරුවන්ට මේවා ඉතා හානිකරයි. බීපීඒ මිනිස් සිරුරේදී හෝර්මෝනයක් ලෙස ක්‍රියා කරයි. අනෙකුත් හෝර්මෝන
මට්ටම්වලට එය බාධාවක්. ඒවා පිළිකා සෑදීමට, හෘද ගැටලු ඇතිවීමට හේතු වෙනවා.
ප්‍රොලිප්‍රොපිලීන් (පීපී) අඩංගු නම් ත්‍රිකෝණය ඇතුළේ
ඇත්තේ අංක 5. යෝගට්
ඇසුරුම්වල ඇත්තේ මේ රසායනයයි. අධික උණුසුමට නිරාවරණය වුණත් මෙයින් එතරම් අහිතකර
රසායන නිපද වෙන්නේ නෑ. ප්‍රොලිප්‍රොපිලීන් බෝතල් මූඩි හා ඇතැම් ආහාර ද්‍රව්‍ය ඇසුරුම් සඳහා යොදා ගන්නවා.
ත්‍රිකෝණය ඇතුළේ ඇත්නම් තිබෙන්නේ පොලිස්ටිරීන්ය.
(පීසීයූ) ඒවා බොහෝ ආහාර ඇසුරුම් සඳහා යොදා ගන්නවා. ඒත් මේවා වරකට වඩා භාවිතය නම් සුදුසු නැහැ.
ස්ටයිරොෆෝම් ලෙස ද පොලිස්ටිරීන් හඳුන්වන අතර මේවා ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, බැහැරට ගෙන යා හැකි ප්ලාස්ටික් බඳුන්, රට කජු දවටන ආදියේ ද අඩංගුයි. මින් පිළිකාකාරක ස්ටීරින් රසායනය නිපදවෙනවා. විශේෂයෙන්ම උණු දියර දමා ඇති විට එම රසායනය
නිපදවීම වැඩියි. උණු කෝපි ස්ටයිරොෆෝම් බඳුනක දමා පානය කිරීම නුවණට හුරු දෙයක්
නොවේ.
* ප්ලාස්ටික් රසායන ශරීරගත නොවීමට . . .
* ආහාර පාන ප්ලාස්ටික් බඳුන්වල දමා රත් කරන්න එපා.
* ආහාර ඉටි හෝ පාච්මන්ට් හෝ ඇලුමිනියම් කඩදාසියේ ඔතන්න.
* ප්ලාස්ටික් භාජනවල නැතිව වීදුරු බඳුන්වල ආහාර දමන්න.
* බීපීඒ, ෆැතලේට් නැති නිෂ්පාදන තෝරා ගන්න. ප්ලාස්ටික් උපකරණ වෙනුවට ලී, ලෝහ උපකරණ කෑම පිසීම සඳහා යොදා ගන්න.
* ත්‍රිකෝණය ඇතුළේ අංක 6, 7 ඇති ප්ලාස්ටික් බඳුන්, අසුරණ තෝරා නොගන්න.
* ත්‍රිකෝණය ඇතුළේ අංක 1 ඇති බෝතල්වල බීපීඒ අඩංගු නැහැ. එහෙත් ඒවා උණුසුමට නිරාවරණය වීමෙන් විස රසායන
නිපදවෙනවා.
* සිය ගණනක අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ බීපීඒ අපේ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වයට, වර්ධනයට අහිතකර ලෙස බලපාන බවයි.
* මුත්‍රාවල බීපීඒ අධික අය දියවැඩියාව, හෘද රෝග හා අක්මා ගැටලුවලින් පීඩා විඳින බව සොයාගෙන ඇත. බීපීඒ ශරීරගතවීම අඩු කිරීමට
නැවුම් ආහාර වැඩිපුර ගන්න.
* ත්‍රිකෝණවල අංක 7 වශයෙන් සඳහන් කර ඇත්තේ පොලිකාබනේට් අඩංගු භාජන, බෝතල්වලයි.
* අහිතකර ෆැතලේට් රසායනය ශරීරගත වීම වැළැක්වීමට ත්‍රිකෝණයේ අංක 3 හෝ පීවීසී ලෙසින් අඩංගු උපකරණ භාවිතයෙන් වළකින්න.
* මයික්‍රොවේව් පොප්කෝන්, ක්ෂණික ආහාර මඟින් ද අහිතකර රසායන ශරීරගත වීමට පුළුවන්.
* උඳුනේ නන්ස්ටික් ආහාර බඳුන් අංශක 500 ට වැඩි උණුසුමක
රත් නොකරන්න.
* ප්ලාස්ටික් භාවිතය නිසා මඳසරු බව, පිළිකා, ඉගෙනුම් දුෂ්කරතා, නියමිත වයසට පෙර මල්වරවීම, පිරිමි ළමයින්ගේ පියයුරු විශාල වීම, තරබාරුව වැනි සෞඛ්‍ය ගැටලු රැසක් මතුවෙනවා.
පාට පාට කේක් කෑල්ලක් කටට ගන්න ඕනම නෑ එහි රස දිවට
දැනෙන්න. ඒත් එහෙම රස විඳින කේක් කෑල්ලක, බිස්කට් එකක, පුඩිං කැබැල්ලක, මාස්මෙලෝ ඇතුළු එකී මෙකී නොකී දේදුනු පැහැ, වෛවර්ණ ආහාර බොහොමයක ඇත්තේ ඇස රවටන කුස වනසන වර්ණක හා රසකාරකයි.
අපේ රටේ නීත්‍යානුකුලව යෙදිය හැකි වර්ණක හා රසකාරක
මේවායි. ඔබ වර්ණක යෙදූ ආහාර පාන මිලදී ගන්නවා නම් මේ කෘත්‍රිම වර්ණක තෝරා ගන්න.
* කහ සඳහා
* සන්සෙට් යෙලෝ (FCF)
-INS 11.
* ටාට්රසින් - INS 102
* රතු සඳහා
* කාමොසින් - INS 122
* පොන්සියු - 4R
- INS 124
* එරිත්රොසින් - INS 127
* ඇලුරා රෙඩ් - INS 129
* නිල් සඳහා
* ඉන්ඩිගෝ කාමයින්
* ඉන්ඩිගෝටින් - INS 132
* බ්‍රිලියන්ට් බ්ලූ - FCF
- INS 133
* කොළ සඳහා
* ෆාස්ට් ග්‍රීන් (FCF) -
INS 143
මේවා අනුමත වුණත් පමණ ඉක්මවා යෙදීමෙන් භුක්ති විඳීමට
වන්නේ අහිතකර ප්‍රතිඵලයි.
පර්යේෂණ ගණනාවකින් හෙළි වී ඇති අන්දමට දරුවන් පමණට වැඩි
දඟකාරයන් වීමට කෘත්‍රිම වර්ණක යෙදූ ආහාර පාන හේතු වෙනවා.
සන්සෙට් යෙලෝ (E 110), කාමොයිසින් (E 122), ටාට්‍රසින් (E 102), පොන්ක්‍යු 4අ (E 124), ක්වින්ඔන්ලයින් යෙලෝ (E104), ඇලූරා රෙඩ් (E 129) වැනි වර්ණක යෙදූ පාන ගත් දරුවන් පාලනය කළ නොහැකි තරම් දඟ වැඩි බව සොයාගෙන තිබෙනවා.
පිළිකා, කෘත්‍රිම වර්ණක
නිසා ඇති විය හැකි බවට මතයක් පවතිනවා.
ඇලූරා (Allura)
රතු හා රතු 40
වර්ණකය ඇතැම් පුද්ගලයන්ගේ අධි සංවේදී ලකුණු පහළ
කරනවා. මුව වටා ඉදිමීම, පීනස වැනි ලකුණු ඇතිවීම වගේම පිළිකා හට ගැනීමේ අවදානම ද මේ නිසා පවතිනවා.
සමහරුන්ට වර්ණක නිසා විවිධ අසාත්මිකතා හට ගන්නවා. බඩ
කොරවීම, ඩයරියා, හුස්ම ගැනීමට අපහසුවීම, පපුවේ වේදනාව, ශ්වාස නාළිකා ඉදිමීම ඉන් කිහිපයක්.
බ්‍රිලියන්ට් බ්ලූ, (බ්ලූ 1), ඇලූරා රෙඩ් (රෙඩ් 40), ටාට්‍රසීන් (යෙලෝ 5), සන්සෙට් යෙලෝ (යෙලෝ 6) වැනි වර්ණක ප්‍රතිශක්තිකරණ පද්ධතියේ, වකුගඩුවල, ඇඩ්‍රිනල් ග්‍රන්ථිවල හා වෘෂණ කෝෂවල ගෙඩි ඇතිවීමට හේතුවන බවට අනුමානයක් පවතිනවා. මේ
නිසා කළ යුතු හොඳම දේ වර්ණක නොයෙදූ ආහාර පාන ගැනීමයි.
ඇස රවටා සිත රවටනවාට වඩා ගත නීරෝගිව තබා
ගැනීම වැදගත් වෙනවා.
* රසකාරක
මොනොසෝඩියම් ග්ලූටමේට් (E/INS 621), ඩයිසෝඩියම් 5
ග්වනිලේට් (E/INS
627) ඩයිසෝඩියම් 5
ඉන්සොනේට් (E/INS
631) රසකාරක ආහාර රස ගැන්වීමට යොදා ගත හැකි නමුත් ඒවා
අඩංගු නම් ඒ බව ආහාර ලේබලයේ සඳහන්කර තිබිය යුතුයි.
වයස අවුරුදු 3 ට අඩු නම් කොහෙත්ම මේ රසකාරක අඩංගු ආහාර නුසුදුසු බව
මාපියන් හොඳින් මතක තබාගත යුතුයි.
* කිසිම රසකාරකයක් අඩංගු නොකළ යුතු ආහාර ගණනාවක්ම තිබෙනවා.
* තේ කොළ
* කෝපි * සුදු සීනි * දුඹුරු සීනි * කිරි සභ කිරි පිටි වර්ග * කිරි අඩංගු ආහාර * මෝල්ට් අඩංගු ආහාර
* කුළුබඩු * ධාන්‍ය වර්ග * සව් * තෙල් * මාගරින් * විනාකිරි * බේකරි නිෂ්පාදන * බේකිං පවුඩර්
* කොකෝවා අඩංගු නිෂ්පාදන අයිස් ක්‍රීම් * පැස්තා සහ නූඩ්ල්ස් * මස් හා මාළු වර්ග * එළවළු සහ පලතුරු
* පලතුරුවලින් සාදන වයින් වර්ග
මේ ආහාර කිසිවක හෝ කෘත්‍රිම රසකාරක අඩංගු වී නොතිබිය
යුතුයි. රසකාරක අඩංගු නම් ඉන් කියවෙන්නේ එය කිසිසේත්ම මිලදී ගැනීමට නුසුදුසු බවයි.
ආහාර රසකාරක නැත්නම් ඇබ්බැහි කාරක දිව පිනවන්නේ සර්ව
විසටත් වඩා වැඩි විසක් ශරිරගත කරමින් වීමට පුළුවන්. ලෝකය පුරා විද්‍යාඥයන් කළ පර්යේෂණ ගණනාවකින්ම
හෙළි වී ඇති කරුණුවලට අනුව මේවා ඉතා අහිතකරයි.
අප ගන්නා ක්ෂණික කෘත්‍රිම ආහාරයක මොනතරම් දේ
අඩංගු වී තිබෙනවාද?
ආහාරය කැටි ගැසීම වළක්වන රසායන (ඇන්ටි කේකිං ඒජන්ටිස්)
ආහාර ඇඹුල් රසයට පත්වීම වළක්වන රසායන (ඇන්ටි
ඔක්සිඩන්ට්ස්)
ආහාර පැණි රස කරන රසායන(ආට්ෆිෂල් ස්වීට්නර්ස්)
මේදය එකට කැටිවීම වළක්වන රසායන (එමල්සිෆියර්ස්), නියම අම්ල ප්‍රමාණය පවත්වන රසායන (ෆුඩ් ඇසිඩ්ස්), වර්ණක, තෙතමනය පවත්වන රසායන (හියුමෙක්ටන්ට්ස්), රසකාරක, රසය තවත් වැඩි කරන රසායන, වාතය ආහාරයේ තබා ගැනීමට උපකාරක වන කාරක (ෆෝමිං ඒජන්ට්ස්) රසය පෙනුම වැඩි කරන මිනරල් සෝල්ට්ස්, ආහාර නරක් නොවී තබා ගැනීමට රසායන (ප්‍රිසර්වේටිව්ස්), ආහාරවල ඝනත්වය වැඩිකරන ද්‍රව්‍ය (තික්නර්ස් ඇන්ඩ් වෙජිටබල්
ගම්ස්), ආහාරවල සුමට බව ඇති කරන කාරක
(ස්ටෑබිලයිසර්ස් ඇන්ඩ් ෆර්මිං ඒජන්ට්ස්) බේක් වීම වැඩි කරන ද්‍රව්‍ය
(ෆ්ලාට්‍රීට්මන්ට්), ආහාරයේ ඔපය හා ආරක්ෂාව වැඩි කරන කාරක (ග්ලේසිං ඒජන්ට්)
ආහාරයේ ධාරිතාව වැඩි කරන කාරක (රෙයිසිං ඒජන්ට්ස්, බල්කිං ඒජන්ට්) ඒ අතරින් ප්‍රධානයි. මේ තරම් දේවල් අප ගන්නා කෘත්‍රිම, ක්ෂණික ආහාරවල අඩංගුයි. මේවා බොහොමයක් සමහරුන්ට අසාත්මිකයි. ආහාර දිරවීමේ ගැටලු, ස්නායු ගැටලු, ශ්වසන ගැටලු, සමේ ගැටලු අසාත්මිකතාවේ ප්‍රතිඵල ලෙසින් ඇතිවිය හැකි ලකුණුයි.
බොහෝ දෙනකුට ගැටලු ඇති කරන්නේ රස වැඩි කරන මොනොසෝඩියම්
ග්ලූටමේට් (MSG) 621, ආහාර වර්ණක වන මාට්‍රසීන් 102, යෙලෝ 2ට් 107, සන්සෙට් යෙලෝ FCF 110, කොචිනිල් 120, කල් තබා ගන්නා රසායන වන බෙන්සො ඒට් 210,211, 212, 213, නයිට්‍රේට්ස් 249, 250, 251, 252 සල්ෆයිට්ස් 220, 221, 222, 223, 224, 225 සහ 228, කෘත්‍රිම පැණි රස කාරක ඇස්පාටම් 951 ය.
අපේ රටේ සියලුම ආහාරවලින් මොනොසෝඩියම් ග්ලුටමේට් (එම්
එස් ජී) ඉවත් කිිරීමට මේ වන විට බලධාරින් දැනටමත් පියවර ගනිමින් සිටිනවා.
කල්තබා ගැනීමේ ද්‍රව්‍ය බොහොමයක්ම ඇතිකරන සංකූලතා
බරපතළයි. ඒ අතර පිළිකා, ගෙඩි ප්‍රධානයි. දරුවන්ගේ මෙල්ල කළ නොහැකි චණ්ඩිකම්වලටත් බෙන්සෝ ඒට් වැනි කල්
තබා ගන්නා රසායන බලපානවා.
සෝඩියම් නයිට්‍රේට්ස් අපේ රුධිර නාල පටුකර එහි තද ස්වභාවය වැඩි කරන නිසා හදවතට හානිකරයි. ඊට
අමතරව නයිට්‍රේට්ස් දියවැඩියාවට බලපාන බව හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්
සොයාගෙන තිබෙනවා.
මේ අපේ ගෘහණියන් සල්ලි දීලා ගන්නා අතුරු ආබාධයි. දිව
පිනවන, ඇස රවටන මේ ආහාරවලින්
ගෘහණිය වන ඔබත් පවුලේ සාමාජිකයනුත් බේරීමට නුවණැත්තියන්ට පුළුවන්. ඒ ආහාර ලේබල බලා අවශ්‍ය දේ මිලදී ගැනීමෙන්.
* මෙන්න ආහාර ලේබලයක අඩංගු විය යුතු කාරණා.
* ඇසුරුම් අඩංගු ද්‍රව්‍යවල පොදු නම
* වර්ග නාමය හෝ වෙළෙඳ නාමය
* ගබඩා කිරිම පිළිබඳව හා භාවිත කිරිම ගැන උපදෙස්
* ලියාපදිංචි අංකය
* ඛාණ්ඩ අංකය හෝ සංකේත අංකය
* කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදනය කළ දිනය
* ආනයනයකර නැවත අසුරන විට නිෂ්පාදනය කළ දිනය සහ යළි ඇසුරුම් කරන ලද දිනය
* ආහාරයක අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුව
* නිෂ්පාදකයාගේ සහ ඇසුරුම්කරුගේ හෝ බෙදා හරින්නාගේ නම සහ ලිපිනය
එසේ තිබිය යුත්තේ අපේ රටේ නිෂ්පාදනය කළ ආහාරවලයි.
පිටරටින් ගෙන්වන ලද ආහාරවල ද ආනයනකරුගේ, ඇසුරුම් කරන්නාගේ හා බෙදා හරින්නාගේ නම, ලිපිනය තිබිය යුතුයි.
කෘත්‍රිම ආහාර තිබෙනවා නම් ලේබලයේ නිෂ්පාදනයේ නමට ආසන්නව
කෘත්‍රිම (ආටිෆිෂල්) යන
වචනය සඳහන් කළ යුතුයි. අයනීකරන විකිරණ ප්‍රතිකාරයට භාජනය කරන ලද ආහාරයක, ලේබලයේ ඒ ගැන ප්‍රකාශයක් තිබිය යුතුය. ආහාරයේ ශක්තිජනක
අගය කිලෝ කැලරිවලින් තිබීමත් වැදගත්.
* රැවටෙන්නේ නැතිව ලේබල් බලන්න
* සම්පූර්ණයෙන් ස්වාභාවිකයි (ඕල් නැචුරල්) ලේබල් බොහොමයක මෙසේ තිබෙනවා. අපට අගුණයක්
නැත්තේ සොබා දම උරුම කළ ආහාර පානයි. ඒ නිසා කාගේත් අංක එකේ තේරීමක් බවට ඒ
ආහාර පත් වෙනවා. එහෙත් මෙහෙම ඇති ලේබලයකත් කෘති‍්‍රම රසකාරක අඩංගුදැයි
බලන්න. එවැනි ආහාරවලත්, අධික ෆ්රුක්ටෝස් ඇති කෝන් සිරප් ආදිය තිබිය හැකියි.
* හෝල් ග්‍රේන්ස් හෙවත් පොත්ත සහිත ධාන්‍ය සියයට සියයක්ම එසේ නොවන්නට පුළුවන්. සමහර
තද පැහැ පාන්, ක්‍රැකර්ස්වල කැරමල් වර්ණක යොදා තිබෙන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන දැනගන්න ලේබල් හොඳින් බැලිය යුතුයි.
* සීනි එක්කර නැත (නෝ ෂුගර් ඇඩඩ්) ආහාරයේ සීනි ප්‍රමාණය ගැන බොහෝ සැලකිලිමත්
අයගේත්, දියවැඩියාවෙන්
පීඩා විඳින අයගේත් තෝරා ගැනීම මෙවැනි ආහාරයි. එහෙත් පලතුරු, කිරි, ධාන්‍ය සහ එළවළුවල ස්වාභාවිකවම සීනි අඩංගුයි. මේවායේ අමුතුවෙන් සීනි එක් නොකළත් සීනි පවතිනවා. සීනි
බවට පත්විය හැකි කාබෝහයිඩ්‍රේට් ද තිබෙනවා. මේ සියල්ලකින්ම රුධිරයේ සීනි වැඩි වෙනවා. නෝ ෂුගර් ඇඩඩ් -
සීනි එක් කර නැත යනුවෙන් සඳහන්කර ඇතත් කැලරි හා කාබෝහයිඩ්‍රේට් රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීමට හොදටම ප්‍රමාණවත්
බව අප අමතක නොකළ යුතුයි.
* ෂුගර් ෆ්‍රී නැත්නම් සීනිවලින් තොරයි කියා සඳහන්කර ඇතත් මේවායේ ග්‍රෑම්ස් 0.5 කට අඩු සීනි ප්‍රමාණයක් තිබෙනවා. ඒ
වාගේම කාබෝහයිඩ්‍රේට්ස් ෂුගර් ඇල්කොහොල් අඩංගුවීමට පුළුවන්. ෂුගර් ඇල්කොහොල් වැඩිපුර ගත්විට පාචන තත්ත්වයක් ඇති
වෙනවා. බර වැඩි වෙනවා. සීනිවලින් තොර ආහාර බොහොමයක ෂුගර් ඇල්කොහොල් තිබෙනවා. ෂුගර් ඇල්කොහොල් ග්‍රෑම්ස් 20 ක් සීනි ග්‍රෑම්ස් 10 කට සමානයි. ඒවා වැඩිපුරම ඇත්තේ සීනි රහිත චුවිංගම්ස්, මින්ට්ස්, පැණිරස කැවිලි, සීනි රහිත චොකලට් වැනි ආහාරවලයි.
* ට්‍රාන්ස් ෆැට් හදවතේ මාරයෙක්. ට්‍රාන්ස් මේදය රහිතයි, (නෝ ට්‍රාන්ස් ෆැට්) ලෙස සඳහන් වී ඇත්තේ ග්‍රෑම් 0.5 ට වඩා ට්‍රාන්ස් මේදය ඇති විටයි.
මෙවැනි ආහාරයක වුවත් හයිඩ්‍රජනීකෘත මේදය වැනි ද්‍රව්‍ය
අඩංගු නම් අපට සතුටුවීමට බැහැ. ක්‍රැකර්ස්, කුකීස්, කේක්, කෝපි, ක්‍රීම් වැනි බොහොමයක මෙවැනි දේ අඩංගු විය හැකියි.
* මේදය රහිත නැත්නම් ෆැට් ෆ්‍රී බොහෝ දෙනා නොමඟ යවන වාක්‍යයකි. මේවායේ සීනි
අධිකව තිබිය හැකි අතර සීනි මේදය බවට පත් වෙනවා.
* ඔමෙගා 3 මේද අම්ලය අඩංගුයි. ඔමෙගා 3 ට අධික ඉල්ලුමක් ඇති මේ කාලයේ එසේ සඳහන් වූ නිසාම ආහාරය තෝරා ගැනීමක් නම් නොකළ යුතුයි. තල, කුකුළු මස්, ඔමෙගා 3 ඇතත් ඒවායේ කොලෙස්ටරෝල් හා සංතෘප්ත මේදය තිබිය හැකි නිසා පරෙස්සමට මිලදී ගත
යුතුයි.
මාළු ආහාර හා සී වීඩ්වලින් ගනු ලබන ඔමෙගා 3 අඩංගු ආහාර පමණක් තෝරා ගන්න.
තොරතුරු දැන ගැනීමට දුරකථනය - 011-2686143
වෙබ් අඩවිය - www.toxobaselanka.info
උපුටා ගැනීම
උපාලි සමන් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිළධාරි
බණ්ඩාරවෙල
0 comments:
Post a Comment