December 20, 2016

කිරි සුදු දත්



කිරි සුදු දත් දෙපලක් පිහිටීම සැමගේ ආකර්ෂණයට හේතු වේ. නමුත් කිරි

සුදු දත්දෙපළක් හැම කෙනෙකුටම නොපිහිටයි. එයට හේතුව දත් වල

පැහැය ආවේනික ලක්ෂණයක් බැවිනි



දතක ව්‍යුහය

දතක උඩින්ම ඇත්තේ එනමලයයි. එය සුදු පාටය. එනමලයට පහතින් ඇති කහ පාට  කොටස දන්තිනයයි. අභ්‍යන්තරයේ පිහිටි රුධිර කේශ නාලිකා හා ස්නායු වලින් සමන්විත කොටස කල්ක කුහරයයි. සුදු වන් දත් දෙපළක සිහිනය ගිලිහි යන විවිධාකාර වූ දන්ත ගැටළු අතර දත් කහ පැහැ විමට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

දත් කහ පැහැවීමට හේතු

1.   . තුනී එනමලයක් පිහිටීම
 එනමලයේ පාරදෘශ්‍යභාවය වැඩිවීම නිසා කහ පැහැති දන්තිනය එනමලය තුලින් දිස්වීමෙන් දත් කහ පැහැයට පෙනීම 

2.      දන්ත ලෝරෝසියාව
 ලෝරයිඩ් සහිත ජලය පානය කිරීම නිසා මේ තත්වය ඇති කරයි.

 3.      නිසි ලෙස දත් නොමැදීම  දත්වල මැලියම් බැදීම නිසා දත් කහ පැහැයට හැරීම

 4.      වැරදි ජීවන පුරුදු දුම්පානය, බුලත් විට සැපීම ආදිය නිසා දත් කහ පැහැයට හැරීම

 5.      සමහර ඖෂධ වර්ග
 ටෙට්‍රාසයික්ලීන්  වැනි ඖෂධ වර්ග නිසා දත් කහ පැහැ ගැන්වේ. මෙහිදී අප අවබෝධ කරගතයුතු කරුණ වන්නේ කිරි සුදු දත් දෙපළක් සැමට නොලැබුණත් නීරෝගී දත් දෙපළක් සැම දෙනා විසින් රැක ගත යුතු බවය.

පින්තූර ලබා ගැනීම අන්තර්ජාලයෙනි.

සකස් කළේ : හංසනී ලුණුවිල විද්‍යා හා තාක්ෂණ නිලධාරි මාලිම්බඩ.


0 comments:

Post a Comment