December 19, 2016

පරිසරයට සෙත සලසන කොළ පිඟාන්(plates from leaves)...


අනාධිමත් කාලයක සිට දේශීය ජනතාව පරිසර හිතකාමී ලෙස ආහාර පිළිගැන්වීමේදී පිඟන් භාණ්ඩ ලෙස කෙසෙල් කොළ, නෙලුම් කොළ, කැන්ද කොළ වැනි ස්වභාවික පත්‍ර හා අනෙකුත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය භාවිතයට ගනිති.  අපද එදිනෙදා මෙලෙස භාවිතා කලත්, අද කාලයට ඔබින ලෙස අගය එකතු කල නව්‍යකරණය මුසු වූ නිෂ්පාදනයන් ගැන සිතා බැලුවාද?

ගසකින් කඩා වැටෙන කොළයක් මෙන් පුනර්ජනනීය හා දිරාපත් වන ලෙස ඉවත දැමිය හැකි කල් පවත්නා කොළ තැටි, කොළ පිඟන් භාණ්ඩ (Recyclable plates from leaves) ලොව පුර ප්‍රචලිත වෙමින් පවතී. මෙය දිනෙන් දින ඉවතලන හා මිහිකත මත ගොඩගැහෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය වලට හොඳ ආදේශකයක් වනවා නොඅනුමානය. මෙහි ස්ථර තුනක් ඇත. මැද ස්තරය කොළ වලින් සකස් කරගත් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද මාධ්‍යකින් ද ඉහළ හා පහළකොටස්  ස්වභාවික කොළ වලින්ද වන ලෙස නිමවා ඇත. පාම් තන්තුවලින් කොළ එකිනෙකට අමුණා ඇත. යන්ත්‍රානුසාරයෙන් සම්පීඩනය කර ඇත.

මෙ සඳහා අවශ්‍ය ස්වභාවික කොළ ආසියාවේ හා දකුණු ඇමරිකාවේ වර්ධනය වන වල් මිදි වැල් වලින් ලබා ගනියි. එසේම මෙම නිෂ්පාදනයන් ආසන්න වශයෙන් වසර එකහමාරක පමණ කාලයක් කල් තබාගතහැකිය.

වතුර කාන්දු නොවන ලෙස තාක්ෂණික ක්‍රම මගින් සකසා ඇති නිසා එය වියළි කෑම වර්ග, උණුසුම් සුප් සහ ස්ටූ වැනි ආහාර වර්ග සඳහා භාවිතා කළ හැක. මෙය ඉවත ලු විට ස්වභාවික පත්‍ර වියෝජනය වන ලෙස වියෝජනය වන නිසා පරිසර හානිය අවම වේ. එසේම ප්ලාස්ටික් වලට සාපේක්ෂවඉහළ වටිනාකමකින් යුත් පරිසර හිතකාමි  ද්‍රව්‍යයක් වේ. 

0 comments:

Post a Comment