කිවිසුම් යෑම ආරම්භ වන්නේ අපගේ ස්නායු පද්ධතිය හරහාය. අපගේ නාසයේ ඇති යම් දෙයක් ඉවත් කිරීමට අවශ්‍ය බව ස්නායු පද්ධතිය විසින්
මොලයට දැන්වූ විට කිවිසුම් යාම ආරම්භ වෙනවා. මේ නිසා එක් එක්
පුද්ගලයාගේ ස්නායු පද්ධති වල වෙනස්වීම් මත කිවිසුම් යාමත් වෙනස් වෙන්න පුලුවන්.


- ඇස් පිහාටු ගලවන විට කිවිසුම් යාමට ද ඉඩ කඩ තියෙනවා. එවිට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායු උත්තේජනය වෙනවා.
ඔබ නිදාගන්නා විට මොන හේතුවක් නිසාවත් ඔබට කිවිසුම් යන්නේ නෑ. මෙයට හේතුව ඔබ නිදා ගන්නා විට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායුත් නිදාගෙන සිටීමයි.
ව්‍යයාම කරන විට කිවිසුම් යාමේ ඉඩ කඩ වැඩියි. මේයට හේතුව අධික ලෙස දාඩිය දැමීම නිසා නාසයත් කටත් වේලීම වැලැක්වීමට කිවිසුම් උපකාරී වීමයි.
එංගලන්තයේ Donna Griffiths නම් කාන්තාව එක දිගට දින 978 ක් කිවිසුම් ගිහින් ලෝක වාර්තාවක් ද තබා තිබෙනවා.
මිනිසුන් විතරක් නොව සතුන් නිතරම කිවිසුම් යවනවා. වැඩියෙන්ම කිවිසුම් අරින සතා තමයි තලගොයා. ගොඩක් සතුන් කිවිසුම් අරින්නේ තම ශරීරයේ නිපදවෙන ලුණු ගතිය ඉවත් කිරීමේ ක්‍රමයක් විදියටයි.
ඔබ ඉතා වේගයෙන් කිවිසුමක් ඇරියොත් ඔබගේ ඉලඇටයක් වුවද බිදී යා හැකි තරම් එය වේගවත්.
කිවිසුමක් යන විට එය බලෙන් නතර කලහොත් අභ්‍යන්තරයේ ඇති වන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට වුවද ඉඩ ඇත.
කිවිසුමක් යන විට සාමාන්‍යයෙන් දෑස් පියවෙනවා. නමුත් ඔබ හිතා මතාම ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියොත් කිවිසුමක් යන විට ඇති වන පීඩනය නිසා ඔබගේ ඇස් බෝල එළියට පැනීමට වුව ද ඉඩ කඩ ඇති බව පැවසෙනවා. නමුත් මෙ තවමත් ප්‍රායෝගිකව ඔප්පු වී නැහැ.
උපුටා ගැනීම : 'යාත්‍රා' විශ්මිත පුවත් සාර සංග්‍රහය
0 comments:
Post a Comment