December 15, 2016

අක්මාවේ අගය

අක්මාවේ අගය
අක්මාව යනු අපගේ ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රියයි. අපගේ පැවැත්මට අක්මාව ඉටුකරන කාර්යභාරය අතිමහත්ය.





 වර්තමානයේ පවතින වැරැදි ආහාර රටා සහ වැරැදි ආහාර පුරුදු අක්මාවේ රෝගාබාධ ඇතිවීමට හේතුවක්. බොහෝ දෙනෙක් ක්ෂණික ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වනවා. ඒ නිසාම ගෘහණියක්මවක් ලෙස ඔබ දෛනික ආහාර පුරුදු වෙනස් කරන්න හැකිනම් එය ඔබේ සෞඛ්‍ය පුරුදු සඳහා ඉතාම වැදගත්.ආහාර මිලදී ගනිද්දී එහි අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්. බොහෝ ආහාර ද්‍රව්‍යවල ආවරණයේ එහි අඩංගු ද්‍රව්‍ය සඳහන් වෙනවා. ඒ වගේම නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනයත් ඉතාම වැදගත්.

අක්මාව රෝගී වීමට විවිධ හේතු තිබෙනවා.

1. අපිරිසුදු ජලය පානය කිරීම
2. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම
3. දුම් පානය
4. ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය
5. නිතර වැසිකිළි යෑමේ පුරුද්දක් තිබෙන අයට වැසිකිළි හරහා විසබීජ ශරීරගත වීම
6. බැදුම්මේද අඩංගු ආහාර නිතර ගැනීම (අක්මාවේ සෛල මත මේදය තැන්පත් වීම)
7. දියවැඩියාව
8. හෙපටයිටිස් බී’, සහ සීවෛරසවල බලපෑම (ලෝකයේ වෙනත් රටවල බහුලව දැකගත හැකි රෝග තත්ත්වයකි)


අක්මාව රෝගීවීම හේතුවෙන් ඇතිවිය හැකි රෝගාබාධ






 ඉහත රෝගවලින් ආරක්ෂාවීම සඳහා අක්මාව නිරෝගීව පවත්වා ගැනීමට පහත පුරුදු ඇති කරගනිමු.
1.     දිනකට පුරුද්දක් ලෙස නැවුම් කිරි වීදුරුවක් පානයට හුරුවන්න
2.     සෑම දිනකම වස විසෙන් තොර හොඳ එළවළුපලතුරු සහ පලාවර්ග ආහාරයට එක්කර ගන්න
3.     දිනකට පිරිසුදු වතුර වීදුරු අටක් පමණ පානය කරන්න
4.     අධික තෙල් සහිත බැදුම් වර්ග ආහාරයට ගැනීමෙන් වැළකීම
අක්මාව ආරක්‍ෂා කරගැනීමේ වගකීම ඔබ සතු වෙනවා. එයට හේතුව අක්මාව ඔබ ජීවත්වීම හෝ නොවීම පිළිබඳ තීරණාත්මක සාධකයක් වන බැවිනි.  

සැකසුම: චන්ද්‍රානි අමරවික්‍රම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී තිහගොඩ

උපුටා ගැනීම:

wmsamantha.blogspot.com/2016/01/blog-post_0.html හා හෙළ සුවය “ආයුබෝ වේවා“ කෘතිය ඇසුරෙණි.


0 comments:

Post a Comment