December 15, 2016

අම්ල වැසි නිසා සිදුවන මානව හා පාරිසරික බලපෑම


අම්ල වැසි නයිට්‍රික් හා සල්පියුරික් අම්ලයන්ගේ මිශ්‍රණයකි. මීට අමතරව හිම සහ ඝන මීදුමෙහිද මෙම නයිට්‍රික් හා සල්පියුරික් අම්ල අන්තර්ගත විය හැක. වඩාත් භයානකම තත්වය නම් මෙම අම්ල වැසි, වර්ෂාව ලෙස හෝ හිම ලෙසට පොළව වෙත පතිත විය හැකි වීමයි.එසේම දූවිලි අංශු වලද අසාමාන්‍ය මට්ටමෙන් මෙම අම්ල  අවක්ෂේප ලෙස තැන්පත්ව තිබිය හැක. ඇමරිකාව ,යුරෝපය හා චීනය යන රටවල් වලට මෙම අම්ල වැසි වල බලපෑම ඇත.
භූගත ජලයේ රසායනික හා pH සමතුලිතතාව කෙරෙහි මෙම අම්ල වර්ෂා ඝෘජුවම බලපානු ඇත. විශේෂයෙන්ම මෙම අම්ල වර්ෂා මගින් ජලජ පරිසරයේ (මුහුදු, විල් ,ගංගා සහ ඇලවල් වල)අමතර ඇලුමිනියම් ලෝහය එක්රැස්වනු ඇත.මෙය විෂ සහිතය. මේ තුලින් ජලයේ රසායනික සමතුලිතතාව බිදවැටුනද  එහි පවතින ස්වාභාවික  ඛනිජ ලවන නිසා ජලජ ජීවීන්ට ඊට ඔරොත්තු දීමේ හැකියාව ඇත. නමුත් ජීවින්ගේ ආහාර ප්‍රභව ඉතා ඉක්මනින් නැති වී යාම නිසා ජලජ ජීවින් මිය යාම හා ඔවුන්ගේ ප්‍රජනක හැකියාව දුර්වල වීම සිදුවේ.
අම්ල වැසි නිසා පසෙහි ඇති කැල්සියම් පසෙන් ඉවත් වී පොළවට උරා ගනී.මෙම තත්වය පසෙහි ඇති ලවන මට්ටම කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙම තත්වය නිසා ගොලුබෙල්ලන් වැනි සතුන්ගේ කවචය වර්ධනය සදහා අවශ්‍ය කැල්සියම් නොලැබීම නිසා ගොලුබෙල්ලන් මියයාම සිදුවේ.තවද පක්ෂින් ඔවුන්ගේ බිත්තර වල කවච ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කැල්සියම් ආහාරයට නොලැබීම නිසා   කවචය බිදෙන සුලුවේ. මෙම තත්වය ඔවුන්ට බිත්තර රැකීමට බාධා පමුණුවයි. කැල්සියම් අඩුවීම පසෙහි අමතර ඇලුමීනීයම් එක්රැස්වීමට හා වෘක්ෂ වලට හා අනෙකුත් පැළැටි වලට ජලය අවශෝෂණය වලක්වනු ඇත. තවද දුර්වල ශාක වලට අධික උෂ්ණත්වය දරාගත නොහැකි වීම හෝ කෘමිඋවදුරු වලින් ආරක්ෂා විය නොහැකි වීම නිසා විවිධ රෝග වලට ගොදුරු විය හැක.

අම්ල වැසි මගින් ඇතිවන අමතර සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රිජන් වල ඔක්සයිඩ නිසා රථවාහන වල ආලේපිත තීන්ත වලට හානිවීම හා මතුපිට මළබැදීමට ඝෘජු ලෙස බලපායි. මේ නිසා වාහන සදහා තීන්ත නිශ්පාදකයන් අම්ල වැසි නිසා සිදුවන විඛාදයෙන් අරක්ෂාවන තීන්ත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරයි. 
ශාක හා සතුන් පමණක් අම්ල වැසි සදහා ගොදුරු නොවේ. අම්ල වැසි මිනිසාටද අන්තරාදායකය. සල්ෆියුරික් සහ නයිට්‍රික් අංශු පසේ සහ ජලයේ pH සමතුලිතතාව කෙරෙහි ඝෘජුව බලපෑම් ඇති කරයි. මෙම තත්වය ස්වසන පද්ධතියට දැඩි ලෙස හානිදායකය. ස්වසන පද්ධතියට හානි ඇතිවීමෙන් රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අඩුවේ. අවසානයේ දී එය මිනිස් හෘදයට හානි පමුණුවයි. අධ්‍යයනයන්ට අනුව නිදන්ගත රෝග වැඩිවීම,ඇදුම ,ස්වාසනාලිකා ප්‍රදාහය වැනි රෝග ඇතිවීමට හේතුවන බව අනාවරනය වී ඇත.
අම්ල වැසි ඇතිවීම වලක්වා ගැනීම  පාරිසරික වශයෙන් ඇතිවන මාරාන්තික  බලපෑම නතරකර ගැනීමට ඇති එකම මාර්ගය වේ. අම්ල වැසි ඇතිවීමට හේතු වන්නේ  පරිසර දූශනයයි. ගිණිකදු පිපිරීමේ දී නිදහස්වන වායුන් අම්ල වැසි ඇතිවීමට හේතුවේ.නමුත් මෙසේ අම්ල වැසි ඇතිවීමට මූලික හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට නිදහස් වන නයිට්‍රික් අම්ලය හා සල්ෆියුරික් අම්ලයයි. බලශක්ති සංරක්ෂණය අම්ල වැසි ඇතිවීම වලකා ගතහැකි මාර්ග වලින් එක් ආකාරයකි. නිවසේ භාවිතා වන බල ශක්තිය අවම කිරීම,පෞද්ගික වාහන වෙනුවට පොදු ප්‍රවාහන භාවිතයට නැඹුරු වීම, ගමනාන්තය දක්වා පාපැදී භාවිතය හෝ පයින් ඇවීදීම වැනි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම තුලින්  අහිතකර රසායනයන්  විමෝචන අවම කරගත හැකි අතර වන වගාව තුලින් අම්ල වැසි ඇතිවීමට හේතුවන අහිත කර රසායනයන් ඉවත්කර පරිසරය පිරිසිදු කර ගත හැක.

http://www.thewaterpage.com/acid-rain-effects-environment.htm Rain

0 comments:

Post a Comment