April 7, 2017

ඉරුගු වලින් නිපදවන සපත්තු අඩි

ක්‍රීඩා සහ එළිමහන් භාවිතය සදහා රෙදිපිළි හා සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ වෙළද භාණ්ඩ වලට උපයෝගී කර ගැනීමට සුදුසු පුනර්ජනන අමුද්‍රව්‍ය සොයා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි. ඒ අතරින් Reebok සමාගම සපත්තු අඩි නිපදවීම සදහා කල්පවත්නා එහෙත් ජෛව ජීර්ණ අමුද්‍රව්‍යක් ලෙස ඉරුගු ධාන්‍ය තෝරාගෙන තිබේ. මෙය ඔවුන්ගේ කපු සහ ඉරුගු නිෂ්පාදන ආරම්භක ක්‍රියාවලියේ තවත් අදියරයකි. ගස් වල සපත්තු නොවැඩේ. එහෙත් ඉරුගු වලින් සපත්තු අඩි සෑදීමට Reebok සමත් වී තිබේ.

සාමාන්‍යයෙන් සපත්තු අඩි නිපදවනුයේ පෙට්‍රෝලියම් වලින් ව්‍යුත්පන්න කළ අමුද්‍රව්‍ය භාවිතයෙනි. මෙම නව සොයා ගැනීම අනුව ඒ සදහා මේරු වියලි ඉරුගු මදය භාවිතයෙන් නිපදවූ Susterra Propanediol අමුද්‍රව්‍ය භාවිතා කරයි. මැලියම් සහ සුර්ය පැනල ශිත කරන ද්‍රව්‍ය වැනි කාර්මික නිෂ්පාදන වල Susterra දැක ගත හැකිය. ඒවා විවිධ සුත්‍ර අනුව සකස් කර තිබේ.

සපත්තුවේ ඉහළ කොටස කපු ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති විට ඉරුගු ඇසුරෙන් නිපදවූ අඩිය සහිත සපත්තු ඉවත ලීමට සිදුවූ විට මුළු සපත්තුවම ජෛව ජීර්ණ හෙවත් ක්ෂුද්‍ර ජීවින් මගින් පරිසරයට හානි නොවී විනාශ වේ. එහෙත් වත්මන් සපත්තු කර්මාන්තයෙන් ඇතිවන අපද්‍රව්‍ය එතරම් පරිසර හිතකාමී නොවේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ:
හර්ෂ ලංකේශ්වර   

0 comments:

Post a Comment