July 14, 2015

මිල අඩු නව හෝමෝන ප්‍රතිකාරකය පියයුරු පිලිකා අඩකින් අඩු කරයි.

පියයුරු පිලිකා සඳහා ප්‍රතිකාර ලබාගන්නා ස්ත්‍රීන්ට ලබාදෙන ඖෂධවලට අඩු වියදම් හෝමෝන එක් කිරීමෙන් පියයුරු පිළිකා මර්ධනය අඩකින් අඩු කළ හැකි බව Nature සඟරාවේ පළවූ අධ්‍යයන වාර්තාවකින් දැක්වේ. Progesterone මගින් ප්‍රතිකාර කිරීම වෙනුවට Progesterone සමග හෝමෝන ඖෂධයක් වන Tamoxifen එක්කර ප්‍රතිකාර කිරීමෙන් පිළිකා ප්‍රමාණයෙන් අඩක් වූ බව පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබේ.

මෙම වැදගත් පර්යේෂණය මගින් සමහර පියයුරු පිළිකා රෝගීන් පිළිබදව වඩා හොඳ රෝග විග්‍රහයක් ඇති වීමට හේතුව ද පැහැදිලි කරයි. මෙම පර්යේෂණයේ සම සහකරු වූ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Jason Carrol “ඒස්ට්‍රජන් ග්‍රාහකයා ඉලක්ක කර ගත් ඹෟෂධ වලට Progesterone එක් කිරීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභ විභවය පිළිබඳව සායනික පරීක්ෂණ ඇරඹීමට මෙමගින් ලබා දී ඇති ප්‍රභල අවස්ථාව ඉතා සාධනීයයි.  එමගින් හෝමෝන පාදක පියයුරු පිළිකා සඳහා ඇති ප‍්‍රතිකාර දියුණු කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඊස්ට්‍රජන් ග්‍රාහක විග්‍රහ කරන සමහර පිළිකා සෛල වලට පහර දීම සඳහා ඊස්ට්‍රජන් හෝමෝන සිර කිරීමෙන් පිළිකා සෛල වර්ධනය බාල කළ හැකි බව  වෛද්‍යවරු මේවන විටත් දැන සිටිති. මෙලෙස පිළිකා සෛල තුල සීමාවක් ඇති කිරීම Tamoxifen ඖෂධයේ ක්‍රියාව වේ.
එහෙත් ඊස්ට්‍රජන් ග්‍රාහකයට  අමතර  Progesterone ග්‍රාහක තත්ත්වය ද (ද්විත්ව රෝග තත්වය) විදහා දක්වන පිළිකා රෝගී කාන්තාවන් ඊස්ට්‍රජන් ග්‍රාහක (ඒකීය රෝග තත්වය) පමණක් විදහා දක්වන රෝගීන්ට වඩා සුවය ලැබීමේ හැකියාව ඇති වීමේ ගැටළුව වෛද්‍යවරුන්ට විසඳා ගැනීමට නොහැකිව තිබුණු අතර මෙමගින් එයද පැහැදිලිවී තිබේ.
 
සෑම වසරකම පියයුරු පිළිකා වලින් පෙලෙන මිලියන 1.7 ක් වූ කාන්තාවන් පිළිබඳව සැලකූ විට මෙම නව ප්‍රතිකාර ක්‍රමය එනම් සරලව හා ලාභදායී Progesterone සහ Tamoxifen එක් කිරීම මගින් ඔව්න්ගේ රෝග අඩකට වැඩි ප්‍රමාණයකින් සුවකර ගත හැකි වීම ඉතා ප්‍රයෝජනවත් වේ. කෙසේ නමුත් මේ සඳහා මුලින් සායන ප්‍රතිකාර ආරම්බ කර එහි දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා ගැනීම මූලික ලෙස සැලකේ.

උපුටා ගැනීම - 
New hormone Therapy could slow half of all Breast Cancers.

https://www.youtube.com/watch?v=T51iApDyFOk

0 comments:

Post a Comment