July 15, 2015

හිතුමතේට නොගතයුතු විටමින් සී

වර්තමානයේ බොහෝ දෙනෙකු විටමින් වර්ග නිකරුනේ භාවිතයට ගැනීමට පෙලඹී ඇත. මෙසේ ගන්නා විටමින් වර්ග අතරින් විටමින් සී බහුලව දැකිය හැක. විටමින් සී පෙති ඉතා පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇඹුල් රසයෙන් යුක්ත වීමත් නිසා ඕනෑම විටක පහසුවෙන් භාවිතයට ගැනීමට පුරුදුවී සිටීයි.

විටමින් සී යනු "ඇස්කොබික්" ඇසිඩ්ය. මෙය ප්‍රතිඔක්සිකාරක කාබන් වර්ගයකි. එමෙන්ම ඡලයේ දියවන කාබන් වර්ගයකි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහා විටමින් සී ඉතා වැගත් වේ. සම, ඇස්, දත්වල හා අස්ථිවල මනා පැවැත්මට විටමින් සී අත්‍යාවශ්‍යය. එමෙන්ම ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට විටමින් සී අවශ්‍ය වේ. එමගින් ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන කෙරේ.

ඇතැම් රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් විශේෂයෙන් ම මෙම විටමිනය නිර්දේශ කරයි.
·         ආහාර මගින් විටමින් සී ලබාගත හැකි නො හැකි පුද්ගලයින්ට
  • තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී
  • මුත්රා ආසාදන ලදී
  • තද උන අවස්ථා වලදී
එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් සී පහසුවෙන් ශරීරයට ලබාගත හැක. නෙල්ලි, පේර, තක්කාලි වැනි පළතුරු වල විටමින් සී බහුලව පවතී. පළතුරු  ජෑම් හෝ පුඩින් වර්ග ලෙස නොව නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අමු තක්කාලි ආහාරයට ගැනීම මේ සදහා වැදගත්ය. පළතුරු බීම සාදන්නේනම් සීනි එක්කර ඉන් අනතුරුව යුෂ එක්කිරීම වඩා සුදුසුය. පළාවර්ග ආහාරයට ගන්නා විට මැල්ලුම් සෑදීමට වඩා විශේෂයෙන්ම සලාද වශයෙන් සකස් කරීමෙන් විටමින් සී සුරැකේ. මැල්ලුමක් නම් එසේ දෙහි එක්කිරීමේදී එයග හොදින් නිවුන පසුව එක්කරගත යුතුය.
තාපය, සිසිලස මෙන්ම වැඩි වශයෙන් හැඳිගෑම හේතුවෙන් විටමින් සී විනාශ වී යයි.

විටමින් සී ශරීරයට වැඩිවුවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කෙරේ.
විටමින් සී ලබාගැනීමේදී දිනකට ග්‍රෑම්100 ක් භාවිතා කිරීම ගැටලු සහගත නොවේ. නමුත්  විටමින් සී අධිමාත්‍රාවන් වමනය, සිහි මද ගතිය හෝ හිස රුදාව, නිතර මුත්‍රා පහවීම, නින්ද නොයාම සදහා හේතුවේ. විටමින් සී අධිමාත්‍රාවන් නිසා hemolytic anemia තත්වය උදා විය හැකි බව සොයා ගෙන ඇත. තවද පිළිකා ඇතිකිරීමටද  මුත්‍රා ගල් සැදීමට ද හේතුකාරක වන බවද සොයා ගෙන ඇත.

එබැවින් කෙතරම් ශරීරයට ගුණ වුවත් විටමින් සී නිකරුනේ අධිමාත්‍රාවන් ලබා නොගැනීමට වග බලා ගත යුතුය.

සකස් කළේ 
අනුෂා  සාගරිකා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
තිඹිරිගස්යාය

4 comments:

thanks for the details

කරුණාකර මට උදව් කරන්න.. මම හැම සතියම පෙති 30ක් විතර ගන්නවා. දැන් නිතරම මූත්‍රා යනවා දවසට 15-20 විතර මම වැසිකිළියට යනවා.. අනේ මම මානසිකව වැටිලා ඉන්නේ.. අනේ මම දැන් මොකද කරන්නේ මට උදව් කරන්න.. please මම diabetics check kara .. ඒත් මට නෑ ඒවා.. මම නිතර මූත්‍රා යන නිසා මම මානසිකව වැටිලා ඉන්නේ පුලුවන් නම් උදව් කරන්න

මට reply කරලා උපදෙසක් දෙන්න

වයිද්ය උපදෙස් පතන්න

Post a Comment