July 17, 2015

මුහුණුපොතෙහි නව දත්ත මධ්‍යස්ථානය පුනර්ජනනීය බලශක්තියෙන්

මුහුණු පොතෙහි (Facebook) ලොව පුරා ඇති දත්ත මධ්‍යස්ථානවලට අමතරව පස්වන දත්ත මධ්‍යස්ථානය Fort Worth හී ඉදිකරන බව Facebook ආයතනය දැනුම් දෙයි. ඉතා අධි වේගයෙන් වර්ධනය වන දත්ත ප්‍රමාණය සහිත බිලියන 1.5 ක Facebook භාවිතා කරන්නන්ගේ පහසුව  සඳහා නව මධ්‍යස්ථානයක්‌ අත්‍යවශ්‍ය වී ඇත. එය සම්පූර්ණ පුනර්ජනනීය බලශක්තිය මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සමාගම ප්‍රකාශ කර තිබේ. Lowa, North Carolina, Oregon හා ස්වීඩනය යන නගරවල මුහුණු පොතෙහි පෙර ඉදිකල දත්ත මධ්‍යස්ථාන පිහිටා තිබේ.

දත්ත මධ්‍යස්ථාන ක්‍රියාකාරීත්වයේ අධ්‍යක්ෂක වූ Ken Paddhett, මෙම මධ්‍යස්ථානය සඳහා වූ මුහුණු පොත පිටුවේ විස්තර කරන පිරිදි එය ලොව වඩාත්ම නවීන, කල්පවත්නා හා කාර්යක්ෂම දත්ත මධ්‍යස්ථානය වනු ඇත.
වායු සමීකරණ වෙනුවට මෙම ගොඩනැගිල්ලේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා බාහිර වාතය භාවිතා කිරීමට සැලැසුම් කර තිබේ. එමගින් ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති දැඩි රශ්මිය යටතේ වුව ද ගොඩනැගිල්ලේ උෂ්ණත්වය පාලනය වී සෞම්‍ය වාතාශ්‍රයක් ගොඩනැගිල්ල තුලට සපයනු ලැබේ. සැතපුම් 100 ක් ඈත Clay Country හී අක්කර 17,000 ක භූමියක පිහිටුවනු ලබන 200mw බලැති විශාල සුළං බලශක්ති බලාගාරයක් මගින් මෙම මධ්‍යස්ථානයට සම්පූර්ණ බලශක්තිය ලබාදෙනු ලැබේ. එමගින් නිපද වන අමතර බලශක්තිය දේශීය විදුලිබල පද්ධතිය නිදහස් කරන බවද ඔවූහූ ප්‍රකාශ කරති.

උපුටා ගැනීම -
 Facebook's New Data Center in Fort Worth will Give Energy Back to the People of Texas

https://www.youtube.com/watch?v=2jL54wg7mY0

0 comments:

Post a Comment