July 16, 2015

නුවණක්කාර මසුන්


මත්ස්‍ය ලෝකය ඉතාම සුන්දර ස්ථානයකි. සොබා දහමේ අපුරුතම නිර්මාණ ලෙස විවිධ හැඩ,වර්ණ රටා ආදි විවිධත්වයකින් යුතුව මොවුන් නිර්මාණය වී ඇත. මෙකී ලක්ෂණ තුළින් සතුරු උපද්‍රව වලින් ආරක්ෂා වීම, වෙනත් සතුන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම, තම වර්ගයා බෝකර ගැනීම ආදිය සිදුකරයි. තම ජීවන විලාශය සාර්ථකව පවත්වාගෙන යාමට දක්වන කුමන හෝ හැඩගැසීමක් හෝ සැකසුමක් සතුන්ගේ අනුවර්තන හැකියාවක් ලෙස හැඳින්වේ. 

කොරල්පර ආශ්‍රීත ජිවත් වන මසුන් කොරල් වල වර්ණය ගන්නා අතරම උන්ගේ ශරීරයේ ඉරි පිහිටා තියෙනවා. එම නිසා සතුරන්ට නොපෙනී සිටිමට හැකියාව තියෙනවා. මඩ සහිත ජලයේ ජීවත් වන සතුන් බොහෝ විට එම ජලයට සමාන අඳුරු වර්ණයෙන් යුක්තයි.
නොගැඹුරු ජලයේ ජීවත් වන සතුන්ගේ සුවීශේෂී ශරීර ලක්ෂණයක් ලෙස මත්ස්‍යයාගේ බඩ ප්‍රදේශයේ රීදී පැහැයට හුරු සුදු පැහැයක් ගැනීමත්, බොහෝ විට පිට ප්‍රදේශයේ අඳුරු පැහැයක් ගැනීමත් මසුන්ගේ ආරක්ෂාවට සොබා දහමින් ලද අපුරු නිර්මාණයකි. මත්ස්‍යයකු දෙස ජලයට ඉහළින් බලන විට ජලයේ අඳුරු පැහැයත්, පිටේ තිබෙන අඳුරු පැහැයත් සමාන වී ඌ නොපෙනී යනවා. ජලයේ සිටින විට ජලයට යටින් බලන විට ජලයට ඉහළින් ඇති ආලෝකයත් බඩ ප්‍රදේශයේ ඇති රිදී පැහැයට ඇති සුදු පැහැයත් සමානව පෙනීම නිසා මත්ස්‍යයා නොපෙනී යනවා. මෙම සුවීශේෂී හැකියාව නිසා සතුරන්ගෙන් ආරක්ෂා වීමට පුළුවන.

ගැඹුරු මුහුදේ ජීවත් වන සමහර මසුන් සතුව, පොස්පරස් නිසා ආලෝකය පිටවන ආලෝක පුංජයක් පිහිටා තියෙනවා. මෙම  ආලෝක පුංජය මඟින් සතුන් අල්ලා ගැනීමේ හැකියාව උන් සතුයි. ඉතා   ගැඹුරු මුහුදේ අඳුරු ප්‍රදේශ වල ජීවත් වන්නන්ට බොහෝ විට ඇස් පිහිටන්නේ නැත. ඒ ඹහුනට
ආලෝකය නොලැබෙන නිසාය. මෙම ලක්ෂණය ද තම පරිසරයට දක්වන අනුවර්තන හැකියාවයි.
 

මුහුදු පතුලේ ජිවත් වන සමහර මසුන් බොහෝ විට පැතලි ස්වභාවයක් ගනී.  පතුල සමඟ සැඟවී සිටිමට දක්වන අනුවර්තනයයි. මෙම මසුන්ගේ උග්‍ර විෂ තියෙනවා. මඩුවන් වැනි මසුන් උදාහරණ වේ.
විදුලි ආඳන් තම ශරිරයේ ඇති විදුලිය මඟින් සතුරන්ගෙන් ආරක්ෂා වීමටත්, වේගයෙන් පිහිනා ගොස් එකවරම නැවත ආපසු හැරිමේ හැකියාවත් ඔහුන් සතුව ඇත.
තමා පසුපස එන සතුරෙකු මඟහැරීමට ශරිරයෙන් තීන්ත වැනි යමක් නිකුත් කොට අවට ජලය දුඹුරු හෝ කළු පැහැයකට හැරවීමට දැල්ලන් සමත්ය.

තාපස කකුළුවාගේ පිටමත බොහෝ විට මුහුදු මලක් දැකගත හැකිය. මෙම මුහුදු මලේ ස්වරූපය නිසා තැනින් තැනට ගමන් කිරිමේදී ආරක්ෂාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු දිග වෙරළබඩ ආශ්‍රීත කලපු ජලයේ ජීවත් වන කොස් කොළයා (plate vespertilio) නම් මත්ස්‍යා කොස් කොළයහැඩයට හා වර්ණයට ද සමානය. වෙනත් මත්ස්‍යකු කොස් කොළයා ගිල දැමීමට පැමිණෙන විට වර්ණයෙන්,හැඩයෙන් හා හැසිරිමෙන් ද කොස් කොළයක් මෙන් ජලය පහළට කිඳා බහිනවා. සතුරාට නිශ්ඵල වස්තුවක් ලෙස හැසිරේ. මෙම ලක්ෂණ වලට සමාන ලක්ෂණ ඇති මසුන් පිලිපීනයේ ඇතැම් දුපත් ආශ්‍රීත ජීවත් වේ. එම මසුන් කඩොලාන පරිසරයේ  කඩොලාන ශාක පත්‍ර වලට සමානයි.
ශාක පත්‍ර වලට සමාන මසුන් අතර ප්‍රසිද්ධම වර්ගය වන්නේ පහළ ඇමේසන් නිම්නයේ ජීවත් වන “මොනොසිරස් පොලිකැන්තස්(Monocirrhus polycanthus)  ජලයේ පාවෙන විට මෙම දිස්වනුයේ දිරා ගිය ශාක පත්‍රයක් ලෙසය.

වර්ණ වෙනස් කිරිමේ වේගය හා වර්ණ පරාසය ගැන සැලකිමේ දී වනත් සත්ව කොටසකට වඩා දෙවැනි වන්නේ නැත. විශේෂයෙන්ම කොරල්පර ආශ්‍රිත වීවත් වන මසුන්. බර්මියුඩා ප්‍රදේශයේ ජීවත් වන “නසාවු ගෘපර්නම් කොරල් මත්ස්‍යා ඉතා කෙටි කාලයකදී වර්න හත අටකට මාරු වීමට හැකියාව තියෙනවා.
එසේම, සැත්කම් මත්ස්‍යයා (Surgeon fish) සාගර පතුල ආසන්න වන විට කළු පැහැයක් ගන්නා අතර කොරල් පර වගින් අඩි 25ක් පමන ඉහළට පැමිණෙන විට ළා නිල් පැහැයට සිරුරේ වර්ණය වෙනස් කරගනී. මෙම වර්ණ වෙනස් කිරිම ඔවුනට ලැබී ඇත්තේ වර්ණධර ලෙස හැදින්වෙන සුවිශේෂී සෛල වර්ගය නිසාය.

සකස්කලේ 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව

0 comments:

Post a Comment