December 2, 2015

කිතුල්

කැරියෝටා යුරෙන්ස්‌ (Caryota urens) යන  උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන කිතුල් ශාකය ඉංග්‍රීසියෙන් Fish tail palm යනුවෙන් හැඳින්වෙයි. පොල් ගසට බෙහෙවින් සමාන වූ කිතුල් ගස්‌ පොල් තල් මෙන්ම තාල වර්ගයට අයත්වෙයි. හොඳින් වැඩුණු කිතුල් ගසක්‌ අඩි 40 ත් 50 ත් අතර උසින් යුතුවෙයි. කිතුල් තෙත් කලාපීය දේශගුණයක්‌ සහිත ප්‍රදේශවල වඩාත් සරුවට වැවේ. පොල් ගස මෙන්ම කිතුල් ගස මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වෙයි.
කිතුල් ගසක වටිනාම අංගය කිතුල් මලය. කිතුල් ගසක්‌ පීදෙන තත්ත්වයට පත්වීමට හෙවත්   මේරීමට වසර 10 ක කලක්‌ ගතවෙයි. මල් පීදෙන තත්ත්වයට පත්වන විට ගසේ කඳ සිහින්වීම අතු කෙටිවීම සහ කෙටි ගොබ දෙකක්‌ වර්ධනය වීම පෙන්නුම් කරයි. මල් හටගැනීම ඉහළ සිට පහළට සිදුවේ. කිතුල් මලෙන් වෑස්සෙන තෙලිදිය පැණි හකුරු කර්මාන්ත සදහා යොදා ගනී.
ගසක හටගන්නා සැම මලකින් ම තෙලිදිය ලබාගත නොහැකිය.. එබැවින් එම මල් සක්‍රිය වන ප්‍රතිකර්ම යෙදිය යුතුයි. ස්‌වාභාවික ප්‍රතිකර්මවලිනුත් සියයට සියයක්‌ ම මල්වලින් තෙලිදිය ලබා ගැනීමට හැකියාවක්‌ නොමැත. එබැවින් රසායනික ද්‍රව්‍ය අඩංගු කැස්‌පර් ප්‍රතිකාරකය හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වේ.
කාර්මික තාක්‍ෂණ ආයතනයේ පර්යේෂකයකු වන ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර විසින් සකස්‌ කරන ලද ප්‍රතිකාරකය ඕනෑ ම කිතුල් ගසකට යෙදිය හැකි අතර එමගින් සරු තෙලිදිය ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකි ය. කැස්‌පර් (KASPER) Kithul Activation and Sap Production Enhancing Reagent) යනුවෙන් මේ ප්‍රතිකාරකය හැඳින්වෙයි.

කිතුල් මල අව්වේ නියමිත ප්‍රමාණයට පදම් කිරීමෙන් පසු කැස්‌පර් ප්‍රතිකාරකය යොදයි. සාම්ප්‍රදායික ක්‍රමයේ දී ගසක පීදෙන සැම මලක්‌ ම මැදීමට හැකියාවක්‌ ඇත. මල් මැදීමට නොහැකි ගස්‌ ඇරපු ගස්‌ යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී මලට යොදන කැස්‌පර් ප්‍රමාණය මලේ දිග හා වට ප්‍රමාණය අනුව වෙනස්‌ වෙයි. කැස්‌පර් ප්‍රතිකාරකය යෙදීම සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිත කරන බෙහෙත් තැබීමට බෙහෙවින් සමාන වන අතර එම ක්‍රියාකාරීත්වයට වඩා සක්‍රිය ස්‌වභාවයක්‌ ගන්නා බැව් පෙනේ.

කිතුල් කර්මාන්ත සංවර්ධනයට අලුතින් හඳුන්වාදී ඇති තාක්‍ෂණයන් ක්‍රමවේද සහ සංකල්ප රැසකි. ඒවායින් කිහිපයක් නම්,
1.කිතුල් කාර්මිකයන් සදහා විශේෂිත හැදුන්ම්පතක් ලබාදීම.
2.නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වර්ගීකරණ සංකේතාංකයක් යොදා ගැනීම.
3.පැණි හා හකුරු නිෂ්පාදනයට කාර්යක්‌ෂ්ම උදුනක්‌ හදුන්වා දීම.
4.උසස්‌ පලදායිතාවක්‌ ඇති නව ප්‍රභේද හදුන්වා දීම.
5.කිතුල් චොකලට් සහ කිතුල් බීම නිෂ්පාදනය සදහා පර්යේෂණ සිදු කිරීම.
6.සීනි මිශ්‍ර කර තෙල්දිය මල හෝ පැණිවල තත්ත්වය බාල කිරීම පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම,
7.පැණිවල සහ තෙලිදියවල බ්‍රින්ස්‌ අගය පරීක්‍ෂා කිරීම.
8.තෙලිදිය රා බවට පත් නොවී කල් තබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දීම.
9.කිතුල් පිටි නිපදවීම සඳහා යන්ත්‍ර වැඩිදියුණු කිරීම.

පී.ඩී.පී.ධනසේන
 විද්‍යා හා තාක්ෂණ නිලධාරී, අඹන්ගගකෝරළේ

5 comments:

කොච්රවත් කිතුල් ගැන කිව්වත් අහන්න ලැබුණත් වෙළඳ පලෙ ගන්න තියෙන්නෙම කලවම් කරල රවට්ටන්න හදාපු කිතුල් පැනියි කිතුල් හකුරුයි. නැත්නම් ප්‍රෙසවටිව් දාල කල්තියාගන්න හදපු අමිහිරි කිතුල් පැනි ජාතියක්. අන්න ඒක නවත්තන වැඩ පිළිවෙලක් වහාම අවශ්‍ය කර තිබේ

ඔබගේ අදහස්දැක්වීමට බොහෝහ ස්තුතියි. පිරිසිදු කිතුල් පැණි හදුනා ගැනීමට බ්‍රික්ස් මීටරය යොදා ගත හැකිය. පැණි සාන්ද්‍ර ද්‍රාවණයක් බැවින් කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය යෙදීම අනවශයය. ලිපියේ සදහන් පරිදි මේ සදහා ප්‍රමිතියක් හා ජත්‍යන්තර කේත ක්‍රමයක් ලබාදිය යුතුව ඇත. මේ සදහා දැනට සාම්ප්‍රදායක කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී.

ඔබගේ අදහස්දැක්වීමට බොහෝහ ස්තුතියි. පිරිසිදු කිතුල් පැණි හදුනා ගැනීමට බ්‍රික්ස් මීටරය යොදා ගත හැකිය. පැණි සාන්ද්‍ර ද්‍රාවණයක් බැවින් කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය යෙදීම අනවශයය. ලිපියේ සදහන් පරිදි මේ සදහා ප්‍රමිතියක් හා ජත්‍යන්තර කේත ක්‍රමයක් ලබාදිය යුතුව ඇත. මේ සදහා දැනට සාම්ප්‍රදායක කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී.

Kohomada kithul mal hadanne matath ekak gadaganna ona

(KASPER) Kithul Activation and Sap Producton Enhancing Reagent).laba ganna puluwan kohenda kiyala danna kenek kiyanna.

Post a Comment