December 9, 2015

පිළිකා කාරක ඇස්බැස්ටෝස්

ඇස්බැස්ටෝස් යන වචනය අපට හොදින් හුරු පුරුදුය ඒ අපගේ නිවෙස් ආශ්‍රිතව බොහෝ දුරට භාවිතා වන නිසාය. නමුත් ඇස්බැස්ටෝස් පිළිබඳව අද වනවිට විවිධ මතයන් පවතී.ඇස්බැස්ටෝස් යනු සිලිකේට් අඩංගු ඛණිජ ලවණයකි. මේවා විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයෙන් යුක්තය. එනම් නිල්, දුඹුරු හා සුදු පැහැයෙනි. නමුත් අනෙකුත් ද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීමේදී වෙනත් වර්ණ හටගනී.

1950 වර්ෂයේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇස්බැස්ටෝස් තවමත් ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ බහුලව භාවිතා වේ. මේ වනවිට වඩාත්ම භාවිතයට ගන්නා ලද්දේ ආවරණ ලෙස හා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යයක් වශයෙනි.
නමුත් මේ තරම් ජනප්‍රිය ඇස්බැස්ටෝස්වල අවධානමක් ඇති බව බොහෝ දෙනෙකු නොදැන සිටි කරුණකි. පසු කාලයේ එක්සත් රාජධාණියේ මිනිසුන් දහස් ගණනින් මිය යාමත් සමග මෙම අවධානම හදුනා ගත්තේය.
වතුර ටැංකි හා වැසිකිලි ටැංකි සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් ලෙස පියිප්ප ආවරණය කිරීමට ගන්නා ඇස්බැස්ටෝස් උග්‍ර විෂ සහිත වේ. තවද බිත්ති හා පොලවේ ඇති සිදුරු ආවරණය කිරීමටද ඇස්බැස්ටෝස් යොදා ගැනේ. ඊටත් අමතරව සිවිලිම් සඳහා‍ත් , වැසිකිළි ටැංකි(Toilet cistern) සෑදීමට , බාහිර බිත්තිවල හා ජනේල අවට ප්‍රදේශවල අමතර බදාම තට්ටුවක් ලෙසින්ද විදුලි විලායක(Fuse box) සාදා‍ ඇති පැනලයේ ඇතුලත ආරක්ෂිත ආවරණය වශයෙන්ද යොදා ගැනේ. තවද ඇස්බැස්ටෝස් කුඩු දියර සිවිලිම හා බිත්තිවල සිදුරු වැසීමට යොදා ගැනී. මීට අමතරව ඇස්බැස්ටෝස්වලින් සෑදූ වැහි පීලි හා වතුර බට කලාතුරකින් දැකිය හැක.
නමුත් හොද තත්වයෙන් පවතින  ඇස්බැස්ටෝස් ද්‍රව්‍ය සෞඛ්‍යයට හානි කර නොවේ. ඒවා ඒ අයුරින්ම තැබීම ගැටළුවක් නොවේ. එහෙත් ඒවා පලුදු වී ඇත්නම් හෝ දිරාපත්වීමට පටන්ගෙන ඇත්නම් ඉවත් කිරීම සුදුසුය.
මෙහිදී පරිසරයට මුදාහරින ඇස්බැස්ටෝස් කුඩු හා දූවිලි ආඝ්‍රහණය වීමෙන් පුද්ගල සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද හානි සිදුවේ. ඇස්බැස්ටෝස් කුඩා අංශුවකින් වුවද සමහර විට මරණය ගෙන දිය හැකි අතර ප්‍රධාන වශයෙන් මාරාන්තික රෝග හතරක් හදුනාගත හැකිය.

v Mesothelioma - මෙය පිළිකා වර්ගයකි සුවකල නොහැක
v Asbestos related lung cancer. - පෙනහලුවල මෙන්ම ඉන් බාහිරින්ද ඇතිවිය හැකි පිලිකා වර්ගයකි.
v Asbestosis - මෙම රෝගී තත්වයේදී පෙනහළු හැකිලීමට පටන්ගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අපහසු වේ.
v Pleura Thicking - පෙනහළුවල ප්ලුරා පටලය ඝණවීම සිදුවේ.
මීට අමතරව කිවිසුම් යාම , කැස්ස, බර වැඩිවීම, ඇගපත වේදනාව , පපුවේ වේදනාව, රුධිරයේ ඔක්සිජන් අඩුවීම, ඇදුම ආදියද දැක්විය හැකිය.
මෙම ඇස්බැස්ටෝස් කාරකයන් වර්ධනය වීම සඳහා අවු 15 -60 අතර කාලයක් ගතවන බැවින් මෙම දරුණු රෝග ක්ෂණිකව වැළදිය හැකියයි නොසිතිය යුතුය. එහෙත් අනාගතයේ එහි බලපෑම් වැඩිවිය හැකිය.
එම නිසා
ü  ඇස්බැස්ටෝස් භාවිතා කරන සෑම විටදීම ආරක්ෂිත උපකරණ පැලදිය යුතුය.
ü  දුර්වල ඇස්බැස්ටෝස් හමු වූ විට ඔබ විසින් ඒවා ඉවත් කිරීම හෝ අලුත්වැඩියා කිරීමට නොයා යුතුය.
ü  වෘත්තීය උපදෙස් පිළිපැදිය යුතු අතර ඇස්බැස්ටෝස් කුඩු දක්නට ලැබුනහොත් ගෘහාශ්‍රිත වැකුම් යන්ත්‍ර පාවිච්චි කරමින් පිරිසුදු කිරීමෙන් වැලකිය යුතුය.
ü  නිවසේ ඇති කසල බදුනට ඇස්බැස්ටෝස් කුඩු නොදමන්න.
ü  ඔබගේ නිවසේ ඇස්බැස්ටෝස් පරිහරණයේදී ඒ පිළිබද දැනුමක් ඇති පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.

ü  ඔබේ නිවසේ ඇති ඇස්බැස්ටෝස් පිළිබද ඔබ දැනුවත් වුවහොත් ඔබ හා ඔබේ පවුලේ අය එහි අහිතකර ප්‍රතිඵලවලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතී. 

0 comments:

Post a Comment