December 9, 2015

ඖෂධීය ගුණයෙන් යුත් කොස් ගැන ඔබත් දන්නවාද?


බත් ගස ලෙස විරුදාවලිය ලත් කොස් ගස ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරයන් අතරින් දෙවන ස්ථානයට ගැනෙනඅතර එය ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, මොරාසේ( Moraceae )ශාක කුලයට අයත්ය. උද්භිද විද්‍යාව අනුව ආටෝකාපන් ඉන්ටෙක්රාපෙස් (Artocarpus integrdforst ) සහ ආටෝකාස් හෙට පෝලස් (Atocarpus Hetero Phyclas) යන ද්විතීය නාමයෙන් මෙය හදුන්වයි.


දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.කොස් ගස නිවර්තන පහත් බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.
අළුත්ම පර්යේෂණ අනුව කොස් මදුලේ රසායනික සංයුතිය ප්‍රධාන සංඝටක කොටස්  38 ට බෙදා දක්වා ඇත. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ කාබෝහටිඩ්රේට් සහ ශක්තියයි ඊට අමතරව කැල්සියම් , පොටෑසියම්, යකඩ මේද සහ  විටමින් වැනි දෑද අන්තර්ගත වේ. කොස් මදලු වල කාබෝහයිඩ්රේට් 18.9% ද කොස් මදුලු ග්රෑම්  100 ක කැලරි 98 ක ශක්තියක්ද තිබේ. කොස් මදුලුවල අපට අවශ්‍ය ඇමයිනෝ අම්ල 11 ක්  අඩංගුය. ඉදුණු කොස්වල ප්‍රෝටීන් , මේදය, කැල්සියම්, පොස්පරස් , හා යකඩ  මෙන්ම සීනි හා කැරොටීන් අඩංගු වේ.
දිව්‍යමය ගසක් ලෙස හදුන්වන කොස් ගසේ කොස් ප්‍රදාර්ථ 38 ක් අඩංගු වේ.
අවම වශයෙන් ලෙඩ  රෝග 32  අදාල ගුණාත්මක බවක් කොස් ගසෙහි ඇති බව සොයාගෙන තිබේ. විව්ධාකාරයෙන් කරන ලද පරීක්ෂණ වලදී කොස් මලේ සිට වරක මදුල දක්වා සියළුම ආහාර වල ඉහල මවට්ටමේ ඖෂධීය ගුණ ඇති බව සොයාගෙන ඇත.කොස් ඇටවල විශාල ඖෂධීය ගණයක් තිබේ කොස් ඇටවල ලිංගික ශක්තිය වැඩි කරන ගුණයක්  හා සිරුරේ ඌෂ්ණය  අඩු කරන ගුණයක් තිබේ.  අළුත්ම විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව කොස් ඇට මුත්‍රා රෝග සදහා මෙන්ම කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකය. කොස් කොළ යුෂ මල් හා ගැට තම්බා පානය කිරීම දියවැඩියා රෝගයට මහගු ඖෂධයකි.කොස්මල් වල යුෂ කැපුම්තුවාලවල ලේ වහනය නතරකිරීමට උපකාරිවේ. එමෙන්ම ඇදුම රෝගීන් සදහා වේදනා නාශකයක් ලෙස කොස් පොතු යොදා ගනී. කොස් කිරි තුවාල වල බාහිර ආලේපනයක් ලෙස භාවිතා කර ඇති අතර මෙමගින් අභ්‍යන්තර වශයෙන් ලේ වහනය අඩු කර ශක්තිය වර්ධනය කර පටක ශක්තිමත් කරන බව ආයුර්වේදයේ සදහන් වේ.
සුව වෙමින් පවතින පාචන රෝගීන්ගේ ආමාශය යථා තත්වයට පත් වීමටත් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආහාර ජීරණය පහසු කිරීමටත් පොලොස්ගැට තම්බ දෙනු ලැබේ. ශරීරයේ මධ්‍යසාර අඩු කිරීම සදහා වරකා පල්පය භාවිතා කොර්.

විවිධ අවස්‌ථාවන්හි විවිධ ආකාරයට සකස්‌ කරගත හැකිය.පොළොස්‌ ගැට සම්බෝලය, පැහිය, පොළොස්‌ මැල්ලූම, ගෙඩිය ළපටි අවස්‌ථාවන්හි පිළියෙල කළ හැකි ආහාර වර්ගයන් ය. කොස්‌ තැම්බුම, මැල්ලූම, කිරිකොස්‌, කොස්‌ නියඬලාව, කොස්‌ මදුලූ පුරවා බැදුම, කොස්‌ ගෙඩිය පැසුණු අවස්‌ථාවේ දී සකස්‌ කළ හැකි ආහාර ය. කොස්‌ ඇට බැදුම, මැල්ලූම, කළුපොල් මාළුව කොස්‌ ඇටවලින් සකස්‌ කළ හැකි ය. කොස්‌ ඇට කබලේ බැද වංගෙඩියේ කොටා පොල් (සීනි කලවම් කර හෝ නො කර) ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌ යොදා අග්ගලා මෙන් සකස්‌ කරගත හැකි ය. කොස්‌ මදුලූ හීනියට ඉරා තෙලේ බැද සීනි දමා හෝ නො දමා තේ වේලාවට පිළියල කරගත හැකි ය. මේ ආකාරයට බලන විට  ටින් කරන ලද පොළොස්‌ විදේශ රටවලට පවා අපනයනය කෙරෙයි.  අද මේ ආහාර සැකසීම තවත් ඔබ්බට යමින් දේශීය වත් හොඳ ඉල්ලූමක්‌ මේ සඳහා පවතී. එමෙන් ම වියළා තෙලේ බදින ලද කොස්‌ ඇට හා කොස්‌ මදුලූ ඇසුරුම් කර හෝ නැතිව හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හොඳ ස්‌වයං රැකියාවක්‌ බවට ද පත් ව ඇත.

පලතුරක්‌ ලෙස කොස්‌වලින් ලැබෙන ප්‍රයෝජන ද සලකා බැලිය යුතු ම ය. හොඳින් පැසුණු කොස්‌ ඉදුණු පසු වැල හෝ වරකා ලෙසට නැවුම්ව ප්‍රයෝජනයට ගත හැකි ය. ඊට අමතරව විවිධ නිෂ්පාදන ලෙස සකස්‌ කිරීමට ද දැන් යොමු වී තිබේ. ටින් කරන ලද පලතුරක්‌ ලෙස වරකා වෙළෙඳපොළේ දැකගත හැකි ය. එමෙන්ම රස පාන ලෙසට ද සකස්‌ කරනු ලැබේ. කොස්‌ ඵලය ආරම්භයේ සිට අවසානය දක්‌වා ම අපට සපයන්නේ ආහාර ම ය. ඉතින් මෙය ආහාර සපයන උල්පතක්‌ කීවදවරදක්‌නොවේ.

si.wikipedia.org
baladakshaya.blogspot.com 

කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිකුත් කරන ලද සගරාවක් ඇසුරින්

0 comments:

Post a Comment