December 27, 2015

කෘතිම බුද්ධිය (Artificial Intelligence)

මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මිනිසා තම බුද්ධිය මෙහෙයවා තම කාර්යයන් ඉටු කර ගැනීමට පෙළඹුනි. විවිධ නිර්මාණ කරමින් යන්ත්‍ර සූත්‍ර බිහි කළ අතර බුද්ධියක් සහිත යන්ත්‍ර බිහි කිරීමට පටන් ගැනීම ආරම්භ විය. ඒ අතරින් පරිගණකය බිහි වීම සහ ඒ සමග බුද්ධිමත් යන්ත්‍ර එනම් තමාටම තීරණ ගත හැකි යන්ත්‍ර වන රොබෝවරුන් , විශේෂිත මෘදුකාංග, අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාල යන්ත්‍ර සූත්‍ර හා  ගුවන් යානා ආදිය බිහි වීම තාක්ෂණික ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවස්ථාවන් විය.

සරලව ගත් කළ යන්ත්‍රයක් හෝ මෘදුකාංගයක් පෙන්නුම් කරන බුද්ධිමය හැකියාව කෘතිම බුද්ධිය ලෙස සලකන අතර එසේම බුද්ධිමය යන්ත්‍ර බිහිකිරීම හා ඒ හා අදාළ පරිගණක හා මෘදුකාංග  නිර්මාණය පිළිබ හැදෑරීමේ විෂය ක්ෂේත්‍රයද මෙලෙස හුන්වනු ලැබේ. මෙහි උපත 1943-1956 කාලයට දිව යයි. (උදාහරණ ලෙස- Allen Turing: Turing machine and Turing test ).
මිනිසා සතුව ඇති බුද්ධිමය හැකියාව පිළිබව අධ්‍යයනය කිරීමේදී ලක්ෂණ රාශියක් ඇති බවට හුනාගත හැකි අතර මෙම ලක්ෂණ යන්ත්‍ර මගින් ඉදිරිපත් කිරීමේදී විවිධ තාක්ෂණික ක්‍රමද යොදා ගැනේ.



understanding spoken natural language-භාෂා හඳුනා ගැනීමේ හැකියාව, medical diagnosis-රෝග නිශ්චය,circuit design,සැලසුම් සකස් කිරීම,learning, ඉගැනීම,self-adaptation, reasoning, තර්කනය, තාර්කික හැකියාව,chess playing, proving math theories, විශ්ලේෂණය, චින්තනය, චලනය , දැනුම,වැනි ගුණාංග වලින් හෙබි මෘදුකාංග මෙන්ම යන්ත්‍රද අපට දැක ගත හැක. හුනා ගැනීම, රූපය හුනා ගැනීමද මේ අතර වේ. තවද වෛද්‍ය විදාවේදී සියුම් සැත්කම් සිදුකරන රොබෝ වරුන්, අධි තාක්ෂණයෙන් හෙබි වාහන , නියමුවන් රහිත ගුවන් යානා දැක ගත හැකිවේ. මේ සියල්ල කෘතිම බුද්ධියේ ප්‍රතිඵල වේ. මේ සහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම කිහිපයකි. 
  • Artificial Neural Networks
  • multi-agent systems
  • cellular automata
  • rule-based systems
  • case-based reasoning
  • Genetics Algorithms
  • Reinforcement Learning
  • Fuzzy logics
  • Experts Systems 
  • hybrid systems
  • swarm intelligence
සකස් කළේ - විද්‍යා හා තාක්ෂණ නිළධාරි - ගග ඉහළ කෝරළේ
උපුටා ගැනීම්-

3 comments:

මෙම ලිපිය කුමන හෝ සඟරාවකට ඇතුළත් කර ඇත්නම් එහි තොරතුරු අපවෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Post a Comment