August 5, 2014

වායු දූෂණ‍යෙන් තොර අපේ ලොවක්

“ආශ්වාසය කිරීම සඳහා වාතය නොමැතිව අපට ජීවත් විය නොහැකි අතර, අපිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් අපේ ආයූ කාලය අඩු වන බව ඔබ දන්නවාද?

අප හුස්ම ගන්නා විට නාසය හරහා වාතය පෙනහළු ඇතුළට ගමන් කරන අතර වාතය තිබෙන ඔක්සිජන් පෙනහළු බිත්තිය හරහා රුධිරයට ඇතුළු වී මුළු ශරීරය පුරාම ගමන් කරනවා. අපේ ශරීරයෙන් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස වාතයත්සමඟපරිසරයට මුදා හැරේ. මෙම ක්‍රියාවලියයථා පරිදි සිදු විමටනම් අප ආශ්වාස කැන වාකය වායු  දුෂණයෙන් තොර විය යුතුයි.
පිරිසිදු වාතයෙහි නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්, නිෂ්ක්‍රිය වායු ඇත. නමුත් මිනිසුන් විසින්  සිදුකරන පාරිසරික බලපෑම් නිසා ආශ්වාස වාතයට එනම් පරිසරයට විවිධ  විෂ වායු වර්ග සහ අංශු වර්ග එක්විය හැක. මේ ආකාරයට වාතය අපිරිසිදු වීම “ වායු දුෂණය ලෙස හැඳින්වේ.
වායු දුෂණය සිදුවන්නේ කෙසේද?
ලාංකීය සමාජයේ වැඩීම වායු දුෂණය සිදුවන්නේ රථ වාහන වලින් බව ඔබ දන්නවාද? රථ වාහන වලින් පිටවන අනවශ්‍ය දුමාරය අප හුස්ම ගන්නා මට්ටමේ තියෙන වාතයට එක්වේ.

වාහනය පණ ගැනිවීමට යොදන ඉන්ධන එන්ජීම තුලදී ඉන්ධන ඔකිසිජන් සමඟ සිදුවන දහනයෙන් කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන්(නොදැවුණු ඉන්ධන) , නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් වැනි විවිධ වායු වර්ග පිටවේ. ඒ පමණක් නොවේ. ඒ සමඟම නිකුත්වන අවලම්බිත අංශුත් පරිසරයට මුදාහැරේ. ඒ අනුව වාහන වලින් පිටවන අනවශ්‍ය දුමාරය පරිසරයට ඉතාමත්ම අහිතකර වේ.
වාහන දුමෙහි අඩංගුවන වායු දුෂක කාරක ලෙස පහත කරුණු අඩංගු වේ. එනම්,
Ø  මයික්‍රොන 10ට අඩු අවලම්භිත ක්ෂද්‍ර අංශුත්
Ø  බෙන්සීන්, ඩයොක්සීන්, හියුරාන් වැනි පිළිකා කාරක ද්‍රව්‍ය හා වෙනත් හයිඩ්‍රොකාබන්
Ø  කාබන්මොනොක්සයිඩ්
Ø  සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ්
Ø  බැර ලෝහ සහ වෙනත් වායු දුෂක කාරක වර්ග

එමෙන්ම කාර්මිකරණයත් සමඟකර්මාන්තශාලා වලින් පිටවන දුමාරයත් වායු දුෂණය වීමට හේතු වේ. නමුත් මෙම දුමාරය පිටවන්නේ වායු ගෝලයේ ඉහළ තලයට වන අතර මිනිසාට වඩාත් අහිතකර බලපැම් එල්ල වන්නේ භුමි මට්ටමෙන් සිදුවන වායු  දුෂණය මඟිනි.

එමෙන්ම කර්මාන්තශාලා වලට අමතරව තාප විදුලි බලාගාර වලින් ද විෂ වායු නිකුත් වේ. බොහෝවිටප්‍රධානතම වායු දුෂකය ලෙස “සල්ෆර් ඩයොක්සයිඩ්සහ “ දුවිලි අංශු හැඳින්විය හැක.
අපට පෙනෙන්නට තිබෙන ප්‍රධාන වායු දුෂක ප්‍රභව වලට අමතරව අප නොදකින වායු දුෂක ප්‍රභවත් ඇත.
අප වැඩිපුර කාලයක් ගැවසෙන භාහිර පරිසරයට සෘජුවම නිරාවරණය නොවු ස්ථානයන්  වල ජීවත් වේ. එම පරිසරය ගෘහස්ථ පරිසරය ලෙස සරලව හැඳින් වේ. උදා:- නිවස, කාර්යාල, පන්තිකාමරය, කර්මාන්තශාලා ආදියයි.එසේ නම් එහි යහපත් වාතාශ්‍රයක් තිබීම වැදගත් වේ. එළිමහනේ මෙන් නොව ඇතුළත රැදෙන විෂ වායු න් ඉතා පහසුවෙන් පිටතට නොයන නිසා ඒ තුළම රැදිමේ ඉඩකඩ වැඩියි.ගෘහස්ථ පරිසරයේ ඇති වායුන්ගේ සංයුතිය හා සාන්ද්‍රණය ඉහළ යාම ගෘහස්ථ වායු දුෂණය ලෙස හැඳින්විය හැකිය. බාහිර වායු දුෂණයට වඩා ගෘහස්ථ වායු දුෂණය භායනක හා අහිතකර වන්නේ පහත හේතු මතය,
  Ø  ගෘහස්ථ පරිසරය තුළ වායු සංසරණය සීමා සහිත අතර වායු දුෂක කාරක එක් රැස්  වීමේ සීඝ්‍රතාවය බාහිර වායු ගෝලයට වඩා බෙහෙවින් වැඩියි.     
  Ø දෛනිකව 80% පමණ කාලයක් ගත කරන්නේ ගෘහස්ථ පරිසරය තුළ වීම.
  Ø  ඇතැම් වායු දුෂකකාරක සඳහා අඛණ්ඩව නිරාවරණය වීමේ හැකියාව වැඩිවීම.
අප නිවසේ අභ්‍යන්තරයේ ඇති වාතය සෞඛ්‍යට විවිධ වු හානි ඇති කරන දුවිලි අංශු, කාබන්මොනොක්සයිඩ් වැනි වායු දුෂකයන්ගෙන් සමන්විත වේ.
ගෘහස්ථ වායු දුෂක මුලාශ්‍රයන්..................      Ø  අක්‍රමවත් දර දහ Ø  දුම් පානය    
Ø  ගෘහස්ථ කෘමි නාශක භාවිතය, මඳුරු දඟර            Ø  පළුඳු වු ඇස්බැස්ටෝස් තහඩු    Ø  හඳුන්කූරු දුම
Ø  නිරාවරණය වු ග්‍රැනයිට්( විකිරණශීලි වායූ දුෂක-රේඩාන්)
Ø  රට හුණු කුඩු          Ø  කාර්යාල වල ජායා පිටපත් යන්ත්‍ර මඟින් පිටවන ඕසෝන්
Ø  නිසි ප්‍රමිතියෙන් තොර බිත්ති ආලේපන
Ø  කුප්පි ලාම්පු භාවිතය     Ø  කුණු රෝඩු පිළිස්සීම

නිවස තුළ දර ලිප් භාවිතයේ දී සමහර දිනවල කුස්සිය දුමෙන් පිරෙනවා. මේ පිටවන දුම නිරන්තර ආග්‍රහනය කළ විට රෝග වලට නතු විමේ අවධානම වැඩි වේ.
එසේම කුප්පි ලාම්පු දුම ,කුස්සියේ එලවළු නරක් වු පසු නිකුත් වන  දුර්ගන්ධය , අතු ගාන විට පරිසරයට එකතු වන දුවිලි අංශු ද විෂ විය හැකිය.
නිවෙස් තුළ එකතු වන කුණු කසළ පිළිස්සීම මඟින් අපිරිසිදු වායු පරිසරයට එක්වේ. ප්ලාස්ටික්,පොලිතින් වැනි ද්‍රව්‍ය දහනය නිසා වාතයට එකතු වන ඩයොක්සීන ඉතාම භයානක වායු දුෂකයක්ය.
අප භාවිත කරන සමහර සුවඳ විලවුන්, ස්ප්‍රේ කරන තීන්ත නිසා වායු දුෂණය වේ.
වායු දුෂණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලින් පමණමක් නොවේ.ගිනිකඳු පිපිරීම්, ලැව්ගිනි වැනි ස්වාභාවික හේතු නිසාද වායු දුෂණය සිදුවේ.
ඉහත කරුණු සාරාංශකළ විට වායුව අපිරිසිදු විමට බලපාන ප්‍රධානතම ප්‍රභවයන්,
Ø  වාහන වලින් පිටවන දුමාරය.
Ø  කර්මාන්ත ශාලා වලින් පිටවන දුමාරය.
Ø  තාප විදුලිබලාගාර වලින් පිටවන දුම.
Ø  කුණු කසල වලින් පිටවන අහිතකර වායු වර්ග (දුර්ගන්ධය,දහනයේ දී පිටවන වායු වර්ග)
Ø  එළිමහනේ පවත්වාගෙන යන විසිරි පින්තාරු ක්‍රම (spray painting) හා වාහන පින්තාරු වලින් පිටවන වාෂ්පශීලී ද්‍රාවක(තීනර්) මඟින්,
Ø  ගෘහස්ථ වායු දුෂක.
Ø  ඝන අපද්‍රව්‍ය පිළිස්සීම.

වාතය දුෂණය නිසා ඇති විය හැකි රෝගී තත්වයන්,
වාහන වලින් පිටවන අහිතකර විෂ වායුන් සහ ඉතා කුඩා අංශුන් නාසය හරහා පෙනහළු වලට ගමන් කර ලේ සමඟ මිශ්‍ර වී විවිධ ඉන්ද්‍රියන් කරා යැමෙන් ඉන්ද්‍රියන් රෝගී වේ. 
හිසරදය
Ø  ඇස් දැවිල්ල    Ø  ශ්වසන-පෙනහළු ආබාධ            Ø  කැස්ස            Ø  හොටු දියර ගැලීම
Ø  වමනය          Ø  හෘද රෝග
Ø  කුඩා දරුවන්ගේ මොළය හා සම්බන්ධ ආබාධ
වායු දුෂණය නිසා ලෙඩ රෝග වලට අමතරව “හරිතාගාර ආචරණය ඇති වියහැක.එනම්,කාබන්ඩයොක්සයිඩ්,කාබන්මොනොක්සයිඩ්,මීතෙන්,නයිට්‍රස් ඔක්සයිඩ් හරිතාගාර වායුන් හේතුවෙන් හරිතාගාර ආචරණය ඇති වේ.
සුර්යයාගෙන් පෘථිවියට එන හිරු කිරණ පොළව මඟින් උරාගෙන නැවත අධෝරක්ත කිරණ ලෙසට පරාවර්තනය වේ. එම කිරණ වායු ගෝලීය හරිතාගාර වායුන් මඟින් උරා ගැනිම සහ නැවත වායු ගෝලයට මුදා හැරීම සිදු වේ. මේ හේතුව මත පෘතුවිය මතුපිට රත් වීමකට ලක්වේ. එය හරිතාගාර ආචරණය ලෙස හැඳින්වේ.

පොළව අවට ඇති වායු ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන විට ධ්‍රැව ප්‍රදේශ වල අයිස් කඳු දිය වී මුහුදු ජල මට්ටම ඉහළ යයි. අප රට වැනි කුඩා දුපත් වලට එහි බලපැම ඇතිවිමට පුළුවන. ඊට අමතරව වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා දේශගුණික විපර්යාස වලට ලක්වේ.
වායු දුෂණය නිසා “අම්ල වැසිඇතිවේ. සල්ෆර්ඩයොක්සයිඩ්,නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායුන් ජල වාෂ්ප සමඟ එකතු වී “අම්ල වැසිහට ගනි.
මෙම අම්ල වැසි නිසා පෘතුවි තලයේ ජීවත් වන සතුන්ට මෙන්ම ශාක වලට ද අහිතකර තත්වයන් ඇතිවේ. එසේම ගොඩනැඟිලි ,පුරා වස්තු විනාශ විමට ද පුළුවන.කෘෂි කර්මාන්ත කටයුතු වලට බාධා ඇතිවේ. එම නිසා අස්වනු අඩු බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.
එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා පිටවන ක්ලෝරො ෆෝලෝරොකාබන් (CFC) වායුව නිසා හිරුගේ අහිතකර කිරණ වලින්පෘතුවිය  ආරක්ෂා කරන ඕසෝන් වියන විනාශ කෙරේ.
ඕසෝන් වියන විනාශ විමෙන් සුර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණ පෘතුවියට පතිත විමෙන් බොහෝ විනාශකාරිත්වයකට ලක්වීමට පුළුවන.
Ø  ඇසේ සුද ඇතිවිම.
Ø  සමේ පිළිකා ඇතිවිම.
Ø  ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විම නිසා විවිධ රෝග වලට ලක්විම.
වායු දුෂණය විමෙන් වළක්වා ගත යුත්තේ ඇයි?
දුෂිත වායුව නිසා ශාරීරික මෙන්ම පාරිසරික ප්‍රශ්න ඇතිවේ.
Ø  කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන ගැටලු ඇතිවිම.
Ø  කුඩා දරුවන් වායු දුෂ්‍ය කාරකවලට නිරාවරණය වීම නිසා කායික හා මානසික දුබල දරු පිරිසක් බවට පත්වේ.
Ø  දුෂිත වායුව ආශ්වාස කිරීම නිසා වැඩකරන ජනතාවගේ කාර්යක්ෂමතාවය අඩුවිම.
Ø  දුෂිත වු වාතය නිසා පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම,කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස,ආම්ලික වැසි ආදිය ඇතිවිම සහ මුහුදු ජල මට්ටම ඉහල යාම. 
වායු දුෂණය අවම කිරිම සඳහා ඔබට කළ හැකිදේ.............
වාහන නිසා වැඩිම වායු දුෂණයක් සිදුවේ. කළු දුමෙහි පිළිකා කාරක රසායන ද්‍රව්‍ය අඩංගු වන අතර ඉතා කුඩා දුම් අංශු  රුධිරය තුළට යාමට ද හැකියාව ඇත. එම නිසා වාහන මඟින් වායු දුෂණය අවම කිරිම,
Ø  කාබියුරේටරය සුසර (Tune) කිරිම.
Ø  වායු පෙරණය (Air filter) , ඉන්ධන පෙරණය (Fuel filter), එන්ජීන් ඔයිල්පෙරණය (Engine oil filter) නිසි කලට මාරු කිරිම.
Ø  ස්පාර්ක් ප්ලග්,ඉලෙක්ට්‍රොනික් පද්ධතිය,සයිලන්සර් බැරල්, සිසිලන පද්ධතිය,ෆැන් බෙල්ට්,තෙල් කාන්දු විම් යන ආදිය නිරන්තර පරික්ෂා කිරිම සහ අවශ්‍ය අලුත් වැඩියා නිසිකලට කරගැනීම.
Ø  ඉන්ජෙක්ටර් පෙෂ්‍රර් කිරිම.
Ø  වාහනයට අධික ලෙස බර නොපැටටිම.
Ø  වලංගු දුම් සහතිකය ලබා ගැනීම.

               
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව “ ලෝකයේ පවතින රෝගා බාධ වලින් 2.7% ටම ගෘහස්ථ වායු දුෂණය වගකිව යුතු වේයන්න දක්වා ඇත.                    Øමුළුතැන්ගෙයි සිදුවන වායු දුෂක මුලාශ්ර පාලනයසඳහා නිසි ප්රමිතියෙන් යුතු ආරක්ෂිත   
                      ලිප් සාදා දුම් කවුළු භාවිතා කිරිම.
Ø  ඝන අපද්‍රව්‍ය හෝ කුණු කසල එළිමහනේ දහනය කිරිමෙන් වැළකි සිටීම.
Ø  ආරක්ෂා ස්ථාන වලට පමණක් කුණු කසල බැහැර කිරීම.
Ø  CFC Free ලේබලය සඳහන් ශීතකරණ භාවිතය.
Ø  නිවෙස් වල භාවිතා කරන මඳුරු දඟර, සුවඳ කාරක වැනි දෑ භාවිතය අවම කිරීම.
Ø  අවශ්‍ය අවස්ථා වලදී නිවසේ ඉතා හොදින් වාතාශ්‍රය සංචරණය වන සේ දොර ජනෙල් විවෘත කර තැබීම.
Ø  යාන්ත්‍රික වායු පිරිසිදු කාරක භාවිත කිරිමේදි නිසි ප්‍රමිතියෙන් යුතු සහතික කරන ලද ඒවා භාවිතා කිරිම වඩාත් ආරක්ෂාකාරි වේ.
Ø  නිවසේ භාවිත කරන විදුලි බල්බ , විදුලි පංකා අනවශ්‍ය අවස්ථා වලදී නිවා දැමීමෙන් විදුලිය ඉතිරි විම අපේ රටේ තාප බලාගාර වලින් පිටවන වායු දුෂණ කාරක ප්‍රමාණය අවම කිරිමට බලපානු ඇත.
Ø  කර්මාන්තශාලා වලින් වායුගෝලයට විමෝචනය වන වායු දුෂක කාරක පරිසර අධිකාරියේ නියමිත ප්‍රමිතින්ට අනුකූල වන සේ පිරිසිදු කර වායුගෝලයට මුදා හැරීම.

වායු දුෂණය අවම කිරිමෙන් අපට සහ සමාජයට ඇතිවන වාසි..............
Ø  වාහන දුම් අවම කිරිම තුළින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වී ඉන්ධන වියදම අඩුකර ගත හැකිය.
Ø  එන්ජීමේ ආයු කාලය දිර්ඝ වේ.එම නිසා අමතර පිරිවැය අඩු වේ.
Ø  දුෂිත වායුව නිසා ඇතිවන ලෙඩ රෝග අඩුවීම නිසා ජනතාවගේ කාර්යක්ෂමතාවය වැඩිවීම තුළින් ආර්ථික සංවර්ධනය සිදුවේ.
Ø  සෞඛ්‍ය සඳහා දරන්නා වු පිරිවැය අඩු වේ.
Ø  විෂ සහිත වායු සහ අංශුන් භූගත ජලයට එකතු වී එම රසායන විෂ පානීය ජලයට එකතු වීම අවම වේ.එසේම ජලජ පරිසරයට එකතු විමෙන් ජීවින්ට සිදුවන හානිය අවම වේ.
Ø  මාර්ග දෙපස ඇති කෞතුක වටිනාකමක් ඇති සහ අලංකාරය සඳහා ඇති වස්තූන්ට වන හානිය අවම වේ.
Ø  කෙටි දුර සඳහා සඳහා පාපැදි සහ පයින් ගමන් කිරිම පරිසර දුෂණය වැළකීමට ,මුදල් ඉතිරි කිරිමට සහ ශාරීරික ව්‍යායාමයට ද හේතු වේ.
Ø  මානසික සහ ශාරීරික සුවතාවය ද ඇති වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
ඉබ්බාගමුව.

1 comments:

වැදගත් ලිපියක් ...

Post a Comment