August 26, 2014

පරිගණක අලූත්වැඩියාවට ප්‍රයෝජනවත් මෘදුකාංගයක්

 ඉවත් කිරීමට සිදුවී ඇති හාර්ඩ් ඩිස්ක් එකක් ලෝ ලෙවල් ෆෝර්මැට් එකක් කිරීමෙන් නැවත භාවිතයට ගත හැකි ආකාරය.(HDD GURU -පරිගණක අලූත්වැඩියාව ස්වයංරැකියාවක් ලෙස සිදු කරන විදාතා ව්‍යවසායකයින් සඳහා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ) - : 
ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැන්පත් වන ඩිස්ක් එකේ සිදුවන පලූදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පළුදු වීමක් නිසා හාර්ඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්කය ඉවත දමන්නට පෙර සිදුකළ හැකි අවසාන උත්සාහය ලෙස ඛදඅ කැඩැක දෙරප්එ එක හඳුන්වන්න පුළුවන්. මෙහිදී දෘඩ තැටියේ ඇති සියලූම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝර්මැටි එක සිදුකළ හැකි විශේෂ මෘදුකාංගයක් වන ්‍යෘෘ ඨඹඍඹ භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝර්මැට් එකක් කරන ආකාරය මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.
 මෙම මෘදුකාංගය http://hddguru.com/වෙබ් අඩවියෙන් නොමිළේ ලබාගන්න පුළුවන්.
 මුලින්ම කළ යුත්තේ මෙය ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගැනීම. එසේ ඉන්ස්ටෝල් කරගෙන මෙය දියත් කළ විට පහත ලෙස තිරයක් ලැඛෙනවා.


මෙහි fortmat කළ යුතු හාර්ඩ් ඩ්‍රයිව් එක තෝරා continue යන්න ක්ලික් කළ පසු පහත දැක්වෙන මීළඟ තිරයෙන් ඔබට හාඩ් ඩිස්ක් වල තොරතුරු  දැනගන්න පුළුවන්.

මෙහි Low level format යන ටැබ් එකට ගොස්Format this device යන්න ක්ලික් කළ පසු ඔබට ලැඛෙන පණිවිඩයට yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ එම පණිවිඩයයි.

සකස් කළේ - ඒ. ජී. ආනන්ද අබේරත්න - 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

0 comments:

Post a Comment