August 13, 2014

අදුරේදි ඉබේ ක්‍රියාත්මක වන ආලෝකකරණ පද්ධතිය.

ප්‍රතිදිප්ත පහන් ඉබේම අදුරේදි ක්‍රියාත්මක වි දහවල් කාලයේදි ක්‍රියා විරහිත වන ඉබේ ක්‍රියාත්මක වන පරිපථයකි. අදුරේදි ඉබේ ක්‍රියාත්මක වන ආලෝකකරණ පද්ධතිය (Automatic Darkness  Controlled Lightning System)  යනු අදුර ආ විගසම බල්බය ක්‍රියාත්මක වි ආලෝකය ලබා දිමයි.

රූපය 1 මගින් පරිපථය දැක්වේ.

මෙම පරිපථය 5V DC Current  එකකින් ක්‍රියාත්මක වන අතර ඒ සදහා BT 136  ට්‍රැක් එකක් හා  7404 Not Gate දෙකක් භාවිතා කරයි.  එසේම ආලෝකයට සංවේදි වන (Light Dependent Resistor) LDR 1  භාවිතා කරයි. මෙම පරිපථයේ ක්‍රියාකාරිත්වය  ඉතා සරල වේ. දහවල් කාලයේදි LDR 1  හි  ප්‍රතිරෝදය අඩු වේ. එවිට Gate N1  හි 1  පාදය (Low)   අඩු වෝල්ටියතාවක් ඇති වේ. එවිට N1  හි දෙවන පාදය වෝල්ටියතාවය වැඩි වේ (High).  මෙලෙස N2 Gate 3 වන පාදය වැඩි Voltage එකක්  ලැබි  N2  හි 4වන පාදය Low Voltage වේ. එවිට BT 136 Track  එක මත Signal  එකක් නොලැබේ. එවිට බල්බය සමග විවෘත පරිපථයක් ලැබි බල්බය නොදැල් වේ.

Track   එකෙහි පාද රූපයේ දැක්වේ.

රාත්‍රි කාලයේදි (අදුරේදි) LDR1  මත ඉහළ ප්‍රතිරෝධයක් ඇත. N1  හි Pin 1  High Voltage  ලැබි Pin 2  Low Voltage  ලැබේ. මෙහි ප්‍රථිථලයක් ලෙස N2  pin 3  මත   Low Voltage එකක් ලැබේ. N2 pin 4  මත High Voltage   ලැබේ.  BT 136 Track  එක මත ක්‍රියාත්මක වි පරිපථය සම්පුර්ණ වේ. එවිට බල්බය දැල් වේ.

උපුටා ගැනිම - http://www.electronicsforyou.com/

ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා  හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
තුම්පනේ (ගලගෙදර)

0 comments:

Post a Comment