August 29, 2014

විටමින් E

විටමින් Eවලින් ලැබෙන ප්‍රයෝජන මෙපමණක් යැයි කියා ගණන් කර පැවසීමට අපට නොහැකි ය. සෞඛ්‍යමය වශයෙන් එකිනෙකට වෙනස් වූ ප්‍රයෝජන බොහෝමයක් අතරින් ඔබට වඩාත් සම්බන්ධ එමෙන් ම  ඔබ මෙතෙක් නොදන්නා කරුණු පහතින් දක්වා ඇත. එලෙස විටමින් E අඩංගු ආහාර ලෙස අලිපේර, රටකජු, කොළ පැහැති එළවළු ආදිය සැලකිය හැකි ය.

01. පිලිස්සුනු තුවාලවලට ප්‍රතිකාරයකි.
විටමින් Eවල විශිෂ්ට රෝගනාශක ගුණයක් පවතී. එම නිසා ම කුඩා පිලිස්සුනු තුවාල සුව කිරීමට පුළුවන. පිලිස්සුනු විට ම විටමින් E අඩංගු තෙල් පිලිස්සු තුවාල අවට තැවරූ විට එය ඉක්මණින් සුව වේ.

02.ලප කැලැල්වලට
විටමින් E සතුව පවතින ලප කැලැල් ඉක්මණින් සුව කිරීමේ හැකියාව පුදුම සහගත ය. සමේ රතු බිබිලි ඇති වීම නිසා හෝ පිලිස්සුනු නිසා ඇති වන කැලලිවලට උසස් ම ප්‍රතිකාරය ලෙස සලකනු ලබන්නේ ද විටමින් E සතු මේ ගුණය නිසාවෙනි.  කැලල සිදු වූ කාලය සැලකිල්ලට නොගෙන විටමින් E අඩංගු තෙල් බිංදු කිහිපයක් එම කැලල මත තැවරූ විට සංසරණ පද්ධතියේ උදව්වෙන් පිලිස්සුනු පටකයේ ආරම්භක ස්ථානයට කාවදින අතර කැලලේ ප්‍රමාණය අඩු කිරීමට දායක වේ. දිනපතා භාවිතයෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැකි ය.

03.සමේ පිලිකාවලට
ඉතා උණුසුම් හිරු රැස් නිසා ඇති වන මෙම රෝගී තත්වයට පිලියමක් ලෙස භාවිතා කරන සන්ස්ක්‍රීන් වෙනුවට විටමින් E අඩංගු තෙල් බිංදු 4-5ක් හිරු එලියට නිරාවරණය වීමට පෙර ආලේප කළ හැකි ය.

04.සම ඇදීමකින් පසු ඇති වන කැලැල්වලට
බොහෝමයක් මේ ප්‍රශ්නයට මුහුණපාන්නේ ගර්භණීභාවයට පත් වූවාට පසුවය. විටමින් E අඩංගු  ඖෂධ සෑම කැලැලකට ම ප්‍රතිකාරයකි. එමෙන් ම උපන් ලප ආදි කැලැල් ද සුව වේ.

05.දද හා කුෂ්ට රෝගවලට
දිනකට දෙවරක් විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් දද හා කුෂ්ට රෝග සුව කර ගත හැකි ය.

06.වියලි නියපොතු හා නියමූලවලට
 නියපොතු කැඩී යාම හා පැලී යාම වැලැක්වීමට විටමින් E යෝග්‍ය වේ. ඔබ පහසුවෙන් කැඩෙන බිදෙන සුළු නියපොතු පාර්ථනා නොකරන්නේ නම් ඔබගේ නියපොතු මිනිත්තු 5-10ක් විටමින් E අඩංගු  ඖෂධයක ගිල්වා තබන්න. එමගින් නීරෝගී නියපොතු ලබා ගත හැකි ය.

07.ඉරිතැලි වේදනාවෙන් පෙලෙන තොල්වලට
විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් ඉරිතැලි වේදනාවෙන් පෙලෙන තොල් සුව කර ගත හැකි ය. මේවා වියලි බව අඩු කරන්නක් ලෙස (moisturizer) ක්‍රියා කර වියලි බවින් තොර තොල් පෙති ලබා ගැනීමට උපකාර කරයි. එසේ ම තොල් පිපිරීම නිසා ඇති වන වේදනාව ද අඩු කරයි.

08.හෘදය ආශ්‍රිත රෝගවලට
චිකිත්සක ගුණය හා සුව සලසන ගුණය නිසා විටමින් E අඩංගු ආහාර විශිෂ්ට වු පෝෂණ අතිරේකයකි. එම නිසා එම ආහාර හෘදයේ දිගු කල් පැවැත්මට දායක වේ. ධමනිවල ඇති වන කොලෙස්ටරෝල් තත්ව සුව කිරීමට ද  විටමින් Eවලට හැකියාවක් පවතී.  ධමනිවල ඇති වන කොලෙස්ටරෝල් තත්ව නිසා හෘදයෙන් රුධිර පොම්ප කිරීමට අමතර ශක්තියක් වැය වේ. එම නිසා අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් පවතී. නමුත් විටමින් E මගින් එම කොලෙස්ටරෝල් ඉවත් කර රුධිර ගමනය පහසු කරයි.

09.සමේ වියලි බව අඩු කර ගැනීමට
විටමින් E අඩංගු ඖෂධීය ගුණය නිසා ආසාදනවලින් තොර සුමුදු රන්වන් සමක් ලබා ගත හැකි ය. එය පුදුම විය යුතු කරුණක් ද නොවේ. විටමින් E බොහෝමයක් සමේ ආරක්ෂාවට යොදා ගන්නා ආලේපනවල ප්‍රධාන සංටකයයි. මනා ලෙස රසායනික ද්‍රව්‍ය යොදා ඇති විටමින් E අන්තර්ගත නිෂ්පාදන මගින් සමේ වියලි බව අඩු කර සුමුදු සමක් ලබා දෙයි. රාත්‍රී ප්‍රතිකාරකයක් ලෙස යොදා ගැනීමට විටමින් E අඩංගු ඔලිව් තෙල් සුදුසු වෙයි. එහි ඇති ඔලෙයික් අම්ලය සමේ ලප කැලැල් ද ඉවත් කරයි.

10.සම රැලි වැටීමට
වයසට යාමත් සමග ම සෛලවල ප්‍රධාන ප්‍රෝටීනය වන  කොලැජන් නිපදවීම අඩු වීම නිසා සමේ පවතින ඇදෙන ස්වාභාවය හා ශක්තිමත් බව අඩු වේ. එමෙන් ම නිවැරදි ආහාර වේලක් නොගැනීම, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා පරිසර දූෂණය ද හේතු විය හැකි ය. එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා නොකඩවා විටමින් E අඩංගු ආලේපන ගැල්වීමෙන් සිනිදු හා පිරිසිදු සමක් ලබා ගත හැකි ය.

11.ඇස් වටා සමට
ඇස වටා පවතින සංවේදී ස්ථානවල ආලේප කිරීමට ද  විටමින් E අඩංගු ආලේපන සුදුසු වේ. ඇස් වටා තවරා සෝදා හැරිය විට ඇස් වටා කළු පැහැය ඉවත් වී රැලි වැටීම ද නතර කරයි.

12. කෙස් වර්ධනයට
හිසේ ඇති වියලි ස්වාභාවය ඉවත් කර අලුත් කෙස් වැඩීම ඇති කරයි.

සැකසීම-  අන්තර්ජාලයේ Daily health tips ඇසුරෙනි.

1 comments:

බොහොම ස්තූතියි

Post a Comment