August 13, 2014

බ්රෝමීන් නැතිනම් සතුන්ගේ පැවැත්මක් නැත

ජීවීන්ගේ පැවැත්ම උදෙසා දායක වන මූලද්‍රව්‍යන් අතුරින් බ්‍රෝමීන් අත්‍යාවශ්‍ය සාමාජිකයකු බව නවතම පර්යේෂණ වලින් අනාවරණය වී ඇත. අත්‍යාවශ්‍ය රසායණිකයන් 27 ට අමතරව බ්‍රෝමීන්ද 28 වැන්නා ලෙස දායක වී ඇති බව (Cell) විද්‍යා සඟරාවේ පර්යේෂණ වාර්තාවකට හිමිකම් කියන වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙයි. මොවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ විශ්වයේ ස්වභාවිකව පවතින ප්‍රධානතම රසායනිකයන් 92 ක අතරින් 28 වැන්නා ලෙස බ්‍රෝමීන් ජෛව පඨකයන්ගේ වර්ධනය සදහා දක්වන දායකත්වය අති විශිෂ්ඨ බවයි. මෙය ප්‍රාථමික මුහුදු ජීවීන්ගේ සිට මිනිසා දක්වා සියළු සත්වයන්ට එක ලෙස දායක වන පොදු සාධකයක් බවද පර්යේෂකයන්ගේ අදහසයි. මෙම සොයාගැනීමට අනුව බ්‍රෝමීන් වලින් තොර සත්ව ලෝකයේ පැවැත්මක් නොමැති බව අනාවරණය වේ. මෙය තහවුරු කර ගැනීම සදහා මූලික පර්යේෂණයන්හිදී යොදාගනු ලැබුවේ පළතුරු මැස්සන්ය. පළතුරු මැස්සන්ගේ ආහාරයේ වූ බ්‍රෝමීන අන්තර්ගතයන් ඉවත් කල අතර ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ නිරීක්ෂණ ලබා ගන්නා ලදී. මෙසේ බ්‍රෝමීන් වලින් තොර ආහාර ලබාගත් පළතුරු මැස්සන්ගේ විනාශය ලඟාකර දුන් අතර නැවත බ්‍රෝමීන් අඩංගු ආහාර ගැනීමෙන් ඔවුන් සුරක්ෂිත වූ බව පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත. 

නොවෙල් සල්ෆිලිමයින් බන්ධනයන් මගින් එකට බැඳ ඇති ත්‍රීහෙලික්සාකාර කොලජන් IV අනුවේ ත්‍රිමාන ආකෘතිය
මේ සම්බන්ධයෙන් මිනිසා පිළිබද කල අධ්‍යනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ බ්‍රෝමීන හිඟ කමින් වකුගඩු ආශ්‍රිත රෝගයන් හා විවිධ සින්ඩ්‍රෝමයන් ඇතිවන බවයි. ගුඩ්පැස්චර් නම් සින්ඩ්‍රෝමය (Goodpasture’s syndrome) බ්‍රෝමීන ඌනතාවයෙන් ඇති වන රෝගාභාධයකි. මෙය ස්වයං ප්‍රතිශක්ති කරන ඌනතා රෝගයක් ලෙස හඳුනාගෙන ඇත. එසේම වකුගඩු ආශ්‍රිත ඩයලයිසිස් (Dialysis) නම් රෝගය සදහා බ්‍රෝමීන හිඟ තාවය මූලික වේ. බ්‍රෝමීන අඩංගු සංඝටක ලබා දීම තුලින් මෙය වලක්වා ගත හැකිය. 

1980 දශකයේදී හදුනා නොගත් වකුගඩු ආශ්‍රිත රෝග 2කට මූලික වී ඇත්තේ කොලජන් IV නම් ත්‍රීහෙලික්සාකාර (Triple-Helical collgen IV) ප්‍රෝටීනයකි. මෙම සුවිශේෂී හෙලික්සාකාර කොලජන් දාමයන් එකිනෙකට බැද තබනුයේ නොවෙල් සල්ෆිලිමයින (Novel Sulfilimine bond       –S=N-) බන්ධනයන් මගිනි(සල්ෆිලිමයින් බන්ධනයන් මගින් එකට බැඳ ඇති ත්‍රීහෙලික්සාකාර කොලජන් IV අනුවේ ආකෘතිය හා රසායනික ව්‍යුහය ඉහත රූපයේ පෙන්වා ඇත). මෙම බන්ධනයන් බැම්මක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙසේ සෑදෙන කොලජන් IV ව්‍යුහයන් සෛල පඨල තුල පලංචියක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සෛලීය පදනම ගොඩ නගයි. මෙම සල්ෆිලිමයින බන්ධනයන් බිදී යාම හේතුවෙන් සෛලීය පදනමටද හානි වන බව පර්යේෂකයන් තව දුරටත් පෙන්වා දෙයි. 

සල්ෆිලිමයින බන්ධනයන් ගොඩනැංවීම එන්සයිමීය ක්‍රියාවලියක ප්‍රථිඵලයක් වන අතර ඒ සදහා පෙරොක්සිඩේසීන් නම් එන්සයිමය මූලික වේ. මෙම එන්සයිමීය ක්‍රියාවලියේ ප්‍රධානතම සහ සාධකය ලෙස අයනික බ්‍රෝමයිඩයන් ක්‍රියාත්මක වේ. මෙලෙස ජෛව පඨක තුල කොලජන් IV දාම ආශ්‍රිත බන්ධන ගොඩනැගී‍ම  අත්‍යාවශ්‍යය ක්‍රියාවලියක් වන අතර මෙම ක්‍රියාවලිය බහුල ලෙස සිදුවීම මගින් අහිතකර බලපෑම්ද ඇතිවිය හැකිය.එනම් සෛල අභ්‍යන්තර බිත්ති තුල වැඩිපුර ප්‍රෝටීනය තැන්පත් වීමයි. මෙය වකුගඩු පටක ආශ්‍රිතව සිදුවීමෙන් එහි ක්‍රියාකාරීත්වයටද අවහිරතා ඇතිවිය හැකි බව හඳුනාගෙන ඇත.  

 www.sciencedaily.com ඇසුරිනි.

0 comments:

Post a Comment