August 5, 2014

අහිංසක පැරසිටමෝල් පෙත්තටත් මරණය පවා ළඟා කළ හැකියි………

පසු ගිය වසරේදී ඇමෙරිකාව දරුවන්ට පැරසිටමෝල් ඖෂධය ලබා දීම සම්බන්ධයෙන් වෙසෙස් අවධානයකින් යුක්තව උපදෙස් මාලාවක් නිකුත් කරන ලදී. ඊට පසුබිම් වූ හේතුව කුමක්ද?
පැරසිටමෝල් නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීමෙන් ඇති වන විෂවීම් නිසා වසරකට ඇමෙරිකානුවෝ 561000 ක් දෙනා හදිසි ප්‍රතිකාර ඒකක වලට පැමිනෙයි. 26000ක් දෙනා රෝහල්ගත වෙයි. මේ අයගෙන් 458ක් දෙනා මියැදෙයි.මේ වර්ෂ කිහිපයක් තුල සිදු කල අධ්‍යයන ඇසුරින් ලබා ගත් සංඛ්‍යා ලේඛන වල දළ සාරාංශයයි.
පැරසිටමෝල් අතිමාත්‍රා වීම ප්‍රශ්නයක් වන්නේ ඇමෙරිකාවට නොවෙයි. එය අපේ රටට ඊටත් වඩා දැනෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයේ ගැඹුර නොවැටහෙන්නේ ඇමෙරිකාව පමණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමෙහි අප සමතුන් නොවීමයි.
පොට වරද්ද ගන්න එපා.......... 
පැරසිටමෝල් කීවාට මේ බෙහෙත් වල ඇත්තේ Acetaminophen යන සංයෝගයයි.මේ බෙහෙත එදිනෙදා වේදනා, කැක්කුම් සහනයෙහිලා වඩාත්ම ජනප්‍රිය භාවිතාව කිව්වත් වැරදි නොවේ. සාමාන්‍යයෙන් Acetaminophen අප ආකාර තුනකින් භාවිතා කරමු.
1.කුඩා දරුවන්ට දෙන තරලය Dropper එකෙන් සැපයේ.
2.ඊට තරමක් තුනී පැරසිටමෝල් පැණිය Dosing Cup එකෙන් ලබා දෙයි.
3.පෙති වශයෙන් වැඩිහිටියන්ට ලබා දීම.

Dropper එකෙන් බෙහෙත් දෙන්නේ මුවට ගෙන බීම අපහසු බහ තෝරන කුඩාම දරුවන්ටය. මේ නිසා එම Dropper පැණිය Dosing cup එකෙන් ලබා දෙන පැණියට වඩා තුන් ගුණයකින් බෙහෙත් වැඩිය. (සාන්ද්‍රය). එහෙත් අපේ දෙමාපියන් මේ සාන්ද්‍රනය අවබෝධ කරගන්නේ නැතිව උකු පැණියෙන්ද තුනී පැණිය හා සමාන පරිමාවකින් ලබා දෙයි. ඒයින් නියමිත මාත්‍රාව තෙගුණයක් ඉක්ම වූ බෙහෙත් ප්‍රමානයක් දරුවාට ශරීරගත වෙයි.
බෙහෙත් වර්ග කීපයක් එකවර ගැනීමේදී Acetaminophen බෙහෙත් වර්ග කිහිපයකම අන්තර්ගත වුවහොත් මේ සියල්ලම ශරීරෙයේදී අතිමාත්‍රා වෙයි. තම අභිමතය අනුව බෙහෙත් ලබා ගැනීම, තවත් වෛද්‍යවරයකුගේ බෙහෙත් ලබා ගැනීම ආදී පියවර හේතුවෙන් මේ කාරණය සිදු වනු ඇත.
දරුවාට උණ බහින්නේ නැති විට වේදනාව උත්සන්න වනවිට නියමිත කාලය පැමිණීමට පෙර තවත් මාත්‍රාවක් Acetaminophen ලබා දීම මව්පියන් කරගන්න පොට වරද්දා ගැනීමකි 
අක්මාවට හානි පැමිනෙයි......
Acetaminophen මෙන්ම වෙනත් බෙහෙත් වර්ගද අක්මාවේදී ක්‍රියාකාරී වේ. අක්මාවට දරාගත නොහැකි සංයුතීන් ලැබුණු කල්හි අක්මාව ස්ථානීය ආපදාවන්ට ලක් වෙයි. මේ සංයුතිය දරා ගත නොහැකි තරම් වන විට අක්මාව අකර්මන්‍ය වේ. මෙය මරණයට පවා හේතුවකි.
පැරසිටමෝල් දෙන එක හොඳ නැතිද?
එහෙනම් Acetaminophen භයානක බෙහෙතක්. ආයේ උණ හැදුනම දරුවාට වෙනත් බේතක් දෙනවා........"
ඔබත් එහෙම හිතනවාද?
සිතිවිල්ල වැරදියි. පැරසිටමෝල් ඔබේ දරුවාට හොඳ තේරීමක්. එය නියමිත මාත්‍රා වලින් ගැනීමේදී ආරක්ෂිත, ප්‍රතිපලදායී ඖෂධයක්.ඒත් ඖෂධ වල හැටි එහෙම තමයි.
මේ තරම් ආරක්ෂාකාරී පැරසිටමෝල් පෙත්තටත් මිනී මරන්න පුළුවනි. එහෙනම් අනිකුත් බෙහෙත් ගැන කවර කථාද? බෙහෙත් විෂ ද්‍රව්‍යක්. එහෙත් අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමානයට පමනක් ගැනීම ඔබේ යහපත පිණිසයි.
Source:- Emergency medical tips
STO:- udubaddawa

0 comments:

Post a Comment