කුසගින්න සංසිඳුවාලන්නට අපට උරුම අනේක වූ
ආහාර පවතිද්දීත් විවිධ කෘතිම පෝෂණ සංඝටකයන්ගෙන් හා රස කාරකයන්ගෙන් පිරි ආහාරයන්ට
මේ වන විටත් අප කොටුව සිටී. අපේ පැරැන්නන් පොෂණ සංඝටක වෙන් නොකරමින් හා විවිධ
කෘතිම රසායනිකයන් නොයොදමින් තම පෝෂණය යහපත්ව පවත්වාගෙන ගියෝය. ඔවුන් උරුම කරගත්
මෙම සුවිශේෂී පෝෂණ විද්‍යාත්මක දැනුම ලැබුනේ ඔවුන්ගේම යාබද අතීත පරම්පරාවෙනි.
එසේනම් අප මුතුන්මිත්තන් සතු පෝෂණය සම්බන්ධ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පරිනාමය
වූවා මිස පිරිහුනේ නැත. ඔවුන් මෙම දැනුම භාවිතා කරමින් ඔවුන්ගේ ආහාර වේල කලට
වෙලාවට ගැලපෙන ආකාරයට සකසා ගන්නා ලදී. තම පරිසරයේ වැවෙන ගස් වැල් වලින් ලබාගත හැකි
පොතු, මුල්, අල, ගෙඩි, කොල, කරල්, දළු, ගොබ, දඬු, කඳන් පිළිබද අප්‍රමාණ දැනුමකින්
සන්නද්ධව සිටී අතර කිතුල්, තල් වැනි ශාකයන්ගෙන් ලබාගතහැකි පානයන්, එහි බඩයෙන්
ලබාගත හැකි පිටි හා ඒවායින් කරනා විවිධ ආහාර නිෂ්පාදන සම්බන්ධව මනා දැනුමක් ඔවුන්
සතු විය. ඒවායේ ආහාරමය හා පෝෂණීය ගුණය පමණක් නොව ඹෟෂධීය ගුණය සම්බන්ධවද ඔවුන් සතුව
පැවතියේ මහත් දැනුම් සම්භාරයකි.
එහෙත් අද කුසීතයන් බිහිකරණ නව සංවර්ධනයේ
විලාසිතාවන් ශ්‍රී ලාංකිකයන් රෝගීන් කර හමාරය. රූපවාහිනිය ඉදිරියේ හිදගන්නා ඕනෑම
වෙලාවක කම්මැලියන්ට උචිත ආහාර වේලක් සම්බන්ධව දැනුමින් සන්නන්ධ විය හැකි අතර, ඒ
සදහා මාධ්‍ය නාලිකා කුලු මීමන් සේ පොර බදිමින් සිටියි.
එසේම අපේ මුතුන්මිත්තන් තමන්ට අවැසි පස්ගෝරස තම නිවස තුල ජීවත්වන ගව
මහිෂාදින්ගෙන් සපයා ගත් අතර එසේ ලබාගත නොහැකි විටදී ගමේම වෙනයම් අයකුගෙන් සපයා
ගන්නා ලදී. තම ප්‍රෝටීන් අවශ්‍යතාවය වැවෙන්, ඇලෙන්, දොලෙන් සපයා ගත් මත්ස්‍ය
අස්වැන්නෙන්ද ඇතැම් විට වෙලේ ජල බැදි කාලයන්හිදී ඒ ආශ්‍රිතව වැඩුනු මතස්‍යන්ගෙන්ද
සපයාගන්නා ලදී. බිත්තර තම නිවෙස් අවට ඇතිකරන ගංකිකිලියන්ගෙන්, තාරාවන්ගෙන් හා
වටුවන්ගෙන් සපයා ගන්නා ලදී. ඇතැම්විට අමු දඩ මසින්ද වේලා පැණියෙහි හෝ ලුණුවල ලා
සුරක්ෂිතව තබාගත් දඩ මසින්ද සපයා ගන්නා ලදී.
අද සේ කිරිපිටි වලට ඇබ්බැහි වූවන් එකල නොවූ
අතර අමු එලකිරෙන් ඇති පදමට ඔවුන් පෝෂණය විය. උණුසුම් පානයන් ලෙස පරිසරයේ උපදින
පොල්පලා, ඉරමුසු, රණවරා, ඉකිරිය (හීරමුල්ලිය), පාවට්ටා, බෙලිමල්, බෙලිගැට, බෙලි මද
හා කටු තම්බා පානයට ගන්නා ලදී. ඉගිනි ඇට, මාදං වැනි දේ කබලේ බැද කුබු කර අවැසි
විටදී උණුදියේ දා තම්බා පානයට ගන්නා ලදී.
අද මෙන් පිරිසිදු සුදුසීනි එකල නොපැවති අතර
කිතුල්, තල්, උක් හකුරු භාවිතයට ගත්හ. මී පැණි හා බඹර පැණි බහුල පෙදෙස් වල ගැමියන්
ඒවා ආහාරයට ගත්හ.
කටුක කාලගුණික හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු
දීම පිනිස විවිධාකාරයේ ආහාර පාන සංකලනයක් අපේ ආහාර සංස්කෘතිය තුල මුල්බැසගෙන
තිබිනි. මුරුංගා, සීනි කැකිරි, පත්තක්කා, පුහුල්, කැකිරි, වට්ටක්කා ආදියද මනාව
ගලපමින් තම පරිසරයට කාලයට උචිත පරිදි නිමවා ගන්නා ලදී. අධිකව සිරුර වෙහෙසෙමින්
වැඩෙහි නිරතවූවන් තම වේලට කුරහන් රොටී, පිට්ටු ආදිය ලබා ගැනීම අමතක නොකලෝය. ඉන්
වැඩිපර ශක්තිය ජනනය වන අතර පිපාසය ඇතිවීම හේතුවෙන් වැඩි වැඩියෙන් ජලය පානය කිරීමට
හැකි වේ.මෙය මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගාබාදයන් අවම කරගැනීමට ඉතා වැදගත් විය. වැටකොලු,
පතෝල ලෙඩුන්ට නියම කරන ලදී. එසේ වූයේ මෙම එලවළු සතු ප්‍රතිශක්තීකරන පද්දතිය
වැඩිදියුණු කිරීමේ මහගු ගුණාංග නිසාවෙනි.
අත්බෙහෙත් පිලිබද පැවති දැනුම පරපුරෙන්
පරපුරට පැවත ආ මහත් වූ දායාදයකි. දේශීය වෙදකම ගැනද මනා වැටහීමක් ඇති පැරැන්නන්
රෝගාබාදයන්ගෙන් වැලකී සිටීමේ වත් පලිවෙත් මනාව ප්‍රගුණ කර ඇත. තම ගෙවත්තේ අවට
ඹෟෂධීය ශාක බහුලව වගාකරගැනීමට ඔවුන් නිතර වගබලා ගත්හ.
දරුවන් රටට බරක් සේ නොසැලකු ඔවුන් සම්පතක්
ලෙස සලකමින් දරුවන් වැදුවෝය. මව කිසිදා වැහැරුනේ නැත. දරුවන් කුසගින්නේ හෝ මන්දපෝෂණයෙන් නොපෙලුනේද ඔවුන් සතුවූ ආහාර සුරක්ෂිත
භාවයේ ශක්තියට පිංසිදු වන්නටය.
හතු පිපෙන්නාක් වැනි රෝගයන්ගේ විවිධත්වයද
එන්න එන්නම වැඩිවේ. සෑම නිවසක්ම බෝ නොවන
රෝග වලින් සංතෘප්ත වෙමින් පවතී. මෙවැනි රෝගියකු නැති නිවසක් සොයා ගැනීම කලුනික
සොයන්නාටත් වඩා අසීරුය. එයින් අපට පෙනී යන්නේ අප පොට වරද්දාගෙන ඇති බවය. කොතනක හෝ
විශාල වරදක් අප අතින් සිදුකරගෙන ඇති බවයි. කිසිවක් නොව අපේ උතුම් සංස්කෘතිය, අතීතය
හා මුත්න්මිත්තන් හා දෙමාපියන් අමතක කිරීමයි. අපට අයිති මගින් අප පිටතට පැන ඇති
බවයි.
දැන්වත් ඇල්මැරුණු කමිමැලියන් මෙන් නොසිට වහ
වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතියට දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප බොහෝ ප්‍රමාද
වී නැත. අපේ ගම් දනව් වල තවමත් මේ අසාහය ඥානය සහිත ඊට ආදරය කරන්න බුද්ධිමතුන් එමටය.
අප කල යුත්තේ අපට උරුම මේ පාරම්පරික දර්ශනය තවදුරටත් පෝෂණය කිරීමට උත්සාහ දැරීමය.
සකස් කලේ
සම්පත් පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
හක්මන.
සකස් කලේ
සම්පත් පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
හක්මන.
0 comments:
Post a Comment