August 7, 2014

බයෝ ප්ලාස්ටික්ස් (Bio Plastics).

ජනගහනය වර්ධනය වීමත් සමග හා තාක්ෂණය දියුණු වීමත් සමග කර්මාන්ත ක්ෂේත්‍රයේ හා මිනිස් ජීවිතයේ බොහෝ  ක්‍රියාකාරකම්වලදී ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය ඉතා බහුලව දක්නට ලැබෙන්නකි.   

මීට හේතු වනුයේ, ප්ලාස්ටික් ද්‍රව්‍ය රසායනිකව ප්‍රතික්‍රියාශීලිත්වය අඩුවීම, මළ නොබැදීම, විද්‍යුත් හා තාප සන්නායකතාව අඩුවීම, කල්පැවැත්ම, නිෂ්පාදන පිරිවැය අඩුකම,  සාපේක්ෂව බරින් අඩුවීම හා ශක්තිමත් බවින් වැඩිවීම යන ගුණාංග මත භාවිතය ජනප්‍රිය වී ඇත.

මේ අතර,
  •        Polypropylene (PP)
  •         Polyethylene (PE)
  •       Polystyrene (PS)
  •       Poly Vinyl Chloride (PVC)
  •            Poly Ethylene Terephthalate (PET)       යන ප්ලාස්ටික් ඉන් සමහරකි.
ප්ලාස්ටික් භාවිතය පහසු වුවද එහි ඇති හානිකර තත්ත්වය වන්නේ පහසුවෙන් දිරාපත් නොවන ස්වභාවයයි. මේතුළින් දිනෙන් දින පරිසරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩ ගැසීමෙන් පෘථිවි පෘෂ්ඨයේ පැවැත්මට මෙන්ම සෞඛ්‍යයට ද ර්ජනයකි.
මීට විකල්පයක් ලෙස, අද වන විට බයෝ ප්ලාස්ටික්ස් (Bio - Plastics) නිපදවා ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගින් අඩු කාලයක් තුළදී ජීර්ණ ක්‍රියාවලියට ලක් කිරීමයි.              Bio-Plastics නිපදවීම සිදු කරන ආකාරය මත කාණ්ඩ 2කි.
  1.  ක්ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණය කළ හැකි එහෙත් ‍ෆොසිලමය අමද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදිත බයෝ ප්ලාස්ටික්ස් (Biodegradable plastics)   උදා -·    Polycaprolactone (PCL), ·  Poly(butylene succinate) (PBS)
  2.  ක්ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණය කළ හැකි ජීර්ණය කළ හැකි ශාකමය පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදිත බයෝ ප්ලාස්ටික් (Bio Based Plastics)
 මේ සදහා අමුද්‍රව්‍ය වශයෙන් පිෂ්ඨය, (Starch from Corn, Potato, Tapioca etc.) සෙලියුලොස්, (Cellulose)  ලැක්ටික් අම්ලය හා සෝයා ප්‍රෝටීන (Soy Protein) වැනි පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතයට ගනී.  උදා -
·        poly(hydroxybutyrate) (PHB),
·        poly(lactide) (PLA)
ප්ලාස්ටික් ජීර්ණය කරන ක්ෂුද්‍ර ජීවීන් අතර, ඇතැම් බැක්ටීරියා හා දිලීර හදුනා ගෙන ඇත. මොවුන් පස, දිරාපත්වන කාබනික ද්‍රව්‍ය, මුහුදු වැනි පරිසර පද්ධතීන් තුළ ජීවත් වන බව සොයා ගෙන ඇති අතර, මොවුන් ස්‍රාවය කරන එන්සයිම මගින් ජීර්ණ ක්‍රියාව සිදු වේ.
ජීර්ණ ක්‍රියාව ප්‍රධාන පිවයර 2 කින් සිදු වේ.
0        1.   ස්‍රාවය වන එන්සයිම බහු අවයවිකය හා බැදීම.
0        2.   බහු අවයවිකය ජලවිච්ජේදනය කරමින් කොටස්වලට වෙන් කිරීම.
ජීර්ණ ක්‍රියාවේ දී වියෝජන පියවර වශයෙන්,

Polymers            Oligomers                Dimers                 Monomers              CO2+H2O 
ලෙස සිදු වෙයි.
ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ හැකියාව ඇති
බැක්ටීරියා ලෙස,
  •        Firmicutes Bacteria
  •       Proteobacteria 
  •      Bacillus Sp.
දිලීර කාණ්ඞ ලෙස,
  •      Aspergillus flavus 
  •       Penicillium funiculosum 
  •      Aspergillus sp.
  •      Rhizopus delema
නමුත් මෙම ජීවීන් මගින් ජීර්ණ ක්‍රියාව සිදු වීමේ හැකියාව කෙරෙහි, පොලිමර් දාමයේ ස්වභාවය, එහි අනුකභාරය, ද්‍රවාංකය වැනි  සාධක ද බලපායි.
Bio Based Plastics ජීර්ණයෙන් අවසන් ප්‍රතිඵල ලෙස කාබනිකමය ද්‍රව්‍ය එක් වීමෙන් පස සාරවත් වීම සිදු වුවද, Biodegradable plastics ජීර්ණය සම්බන්ධයෙන් යම් යම් ගැටළුකාරී තත්ත්ව ඇති බව සොයා ගෙන ඇත. හේතුව මෙම ප්ලාස්ටික් නිපදවීම පෙට්‍රෝලියම් සංයෝග මගින් සිදු වන හෙයින් ජීර්ණයේ අවසන් ඵල ලෙස විෂ සහිත සංයෝග පසට එකතු වීමයි.
කෙසේ වුවද, මෙම බයෝ ප්ලාස්ටික් මගින් පරිසරය පිරිසිදුවීම, අපද්‍රව්‍ය කළමනාකාරීත්වයට යන වියදම අවමවීම හා වෙනත් නිෂ්පාදන සදහා ප්‍රතිචකීකරණය කළ හැකිවීම යන වාසි ගෙන දෙයි. 

References
http://www.purac.com/_sana_/handlers/getfile.ashx/58c4ebaf-2b79-4f09-9a62-9c9d7e302d7b/Purac-bioplastic-cycle---web.jpg
www.youtube.com

ආර්.ඩී.එන්.ප්‍රියන්ති,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කිරින්ද පුහුල්වැල්ල.

0 comments:

Post a Comment