August 22, 2014

පරිගණක කේෂත්‍රයේ විප්ලවයක්

පරිගණක කේෂේත්‍රයේ  විප්ලවයක් කළ හැකි HP ආයතනයේ නවතම සොයා ගැනීමක් පිළිබඳව පසුගියදා වාර්තා විය. HP ආයතනය පරිදි පවසන පරිදි මෙම යන්ත්‍රය (machine) පෞද්ගලික පරිගණකයක් (PC) හෝ workstation හෝ Servers වැනි උපකරණයක් හෝ දුරකථනයක් නොවේ. එය මෙම සියලු අංගයන්ගේ එකතුවකි. එය නිර්මාණය කර ඇත්තේ Internet things (අන්තර්ජාල ද්‍රව්‍ය) නම් අති විශාල දත්ත ප්‍රමාණයන් සමඟ ක්‍රියාකාරීමට හැකි ලෙසය. අන්තර්ජාල ද්‍රව්‍ය (Internet things) යනු නානාප්‍රකාර objects හා gadget (වස්තු සහ යාන්ත්‍රික උපකරණ) එකට සම්බන්ධ කරන ලෙස නිර්මාණය කළ ජාලයක් පිළිබඳ අනාගත සංකල්පයකි.

අති විශාල තොරතුරු පාලනයට ඔරොත්තු දීම සඳහා generalized cores ( සාමාන්‍ය මධ්‍ය) කුඩා ගණනක් වෙනුවට specialized cores (විශේෂ මධ්‍ය) පොකුරු මෙහිදි භාවිතා කෙරේ. සියලු දේ සම්බනධ කිරීම සඳහා අතිරේක තඹ රැහැන් වෙනුවට silicon photonic යොදා ගෙන තිබේ. එමඟින් පද්ධතියේ වේගවත් බව වැඩිවීම සමඟ බල ශක්ති අවශ්‍යතාවයද අඩු කරයි. තවද මෙම තාක්ෂණය තුල ඇති නව (resistor) ප්‍රතිරෝධ වර්ගයක් වන memoresistors වලට බලශක්ති බිඳ වැටුනු පසුද තොරතුරු ගබඩා කර ගැනීමට හැකිය. වර්තමාන Servers වලට වඩා 6 ගුණයකින් මෙම පද්ධති බලවත් වන අතර 8 ගුණයකින් අඩු ශක්තියක් පමණක් අවශ්‍ය වේ. පද්ධතියට 160 petabyte ( 1.71x1011  MB)  දත්ත ප්‍රමාණයක් නැනෝ තත්පර 250 කදී කළමණාකරණය කළ හැකිය. තවද මෙය සුවිශාල පරිගණක (Super computers) පමණක් නොව ස්මාර්ට් දුරකථන ( Smart phone ) වැනි උපකරණ සඳහාද යොදා ගත හැකි බව මාටින් ෆින්ක් පවසයි. තාක්ෂණය පහළ ස්ථරය දක්වා ගෙනයන්නේ නම්   Smart phone සඳහා 100 terabyte ( 1.04x10MB) මතකයක් ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කරයි.  

ව්‍යපාර සිට වෛද්‍ය විද්‍යාව දක්වා වු විවිධ ක්ෂේත්‍ර සඳහා මෙම තාක්ෂණයෙන් නානාප්‍රකාර යෙදුම් හා නිර්මාණ බිහිවිය හැකි බව HP ආයතනයේ අදහසයි. උදාහරණයක් වෛද්‍ය වරයකුට ඔබගේ රෝග ලක්ෂණ හෝ DNA ලොව සිටින සියළු රෝගීන්ගේ රෝග ලක්ෂණ හෝ  DNA සමඟ සංසන්දනය කළ හැකි වේ. ඒ මගීන් කිසිදු රෝගීයකුගේ පෞද්ගලිකත්වයට හානි නොවන අතර වඩාත් දියුණු ප්‍රතිකර්ම සහ සෞඛ්‍ය තත්වයන් ඇතිවේ.  සුවිශේෂ සොයා ගැනීමක් වුවද මෙම තාක්ෂණයේ කුඩා කොටසක් වු තාක්ෂණය සහිත උපකරණයක් වුවද වානිජමය හේතුන් නිසා වසර 2015 වන තෙක් එළි නොදක්වන  බව HP ආයතනය ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි. යන්ත්‍රය එළි දැක්වීම 2018 වසර දක්වා ප්‍රමාද කිරීම තාක්ෂණය අභිබවා වාණිජමය පරමාර්ථ ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙසද සැළකිය හැකිය. මෙම යන්ත්‍රයට (Machine )  640 terabyte ( 67,108,840 megabytes) දත්ත තත්පරයෙන් බිලියනයකින් පංගුවක (තත්1/109) කාලයකින් විශ්ලේෂණය කළ හැකිය.
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න

උපුටා ගැනීම:- New type of computer capable of cataloging 640 TBS of data in one Billionth of a second , revolutionize computing – jesting Afford. 

0 comments:

Post a Comment