August 15, 2014

තේ වල උපත හා සැපත

තේ වල උපත හා සැපත
·        තේ ලොවට බිහි කළේ චිනයයි.හොදම තේ නිපදවන්නේ ශ්‍රී ලංකාවයි.
තෝමස් ටිවයිනිං THOMAS TWINING විසින් ස්වංකීය කොපි කඩයක් ලන්ඩනයෙහි විවෘත්ත කරන ලද්දේ 1706 දිය.
මේ හෝටලයෙහි මුලදී බීම වර්ග දෙකක් එනමි කෝපි සහ කොකෝවා සපයන ලද මුත් පසුව අමුතු අළුත් බීමක්ද ඊට එකතු විය.මේ වු කලි චීන පානයක් වු තේය.තෝමස් ටිවයිනිං ආපන ශාලාව ඇතුළු ලන්ඩනයේ අනෙකුත් “කෝපි කඩ විසින් මුලින් සැපයු අවධියේ එය චීනයේ පමණක් ලබා ගත හැකිවුද මිල අධික වුද අත්භූත ජනක පානයකි.අනාගතයේදී තේ ලෝකයේ ඉතාම ජනප්‍රිය පානය වන බැවි එදා හුන් රසිකයන් සිහිනෙන්වත් සිතන්නට නැත්තේය.තේ පානය මුලින්ම පටන්ගැනෙනුයේ චිනයේ බව නිසැක මුත් එහි ආරමිභය පිළිබද ඉතිහාසය සමිපුර්ණයෙන් පැහැදිලි නැත.තේ පිළිබද ස්ථිර විස්තරයක් දක්වන්නේ ක්‍රි.ව350 ට අයත් චින ශබිධකෝෂයකය.
කල්පිත රජු
එහෙත් චින පුරාවෘත්ත අනුව මුලින්ම තේ සොයාගත් පුද්ගලයා කල්පිත රජ කෙනෙක් වු ශෙන්තුංය.ඔහු ජිවත් වුයේ යයි කියනු ලබන්නේ ක්‍රි.පු 2737 දි පමණය.
පුරාණ කතන්දර අනුව රජතුමා වතුර භාජනයක් ලිපතබා ගෙන සිටියදී අසළ තිබුණු ගසක කොළ වගයක් සුළගට ගසාගෙන අවුත් ඒ උණු වතුර භාජනයට වැටී ඇත.එයින් පසු හෙලි වුයේ ඒ වතුර ඉතා රසවත් හා සුවදවත් වි ඇති බවයි.මේ රජතුමාගේ වෛද්‍ය ග්‍රන්ථයක තේ වතුර ගැන මෙසේ සදහන් වෙ.
“ඉන් පිපාසය සංසිදේ.ඉන් නිදිබර ගතිය දීව වී යයි.ඉන් හදවත පිනා යයි.
ජපන් වෘතාන්ත අනුව මේ දිව්‍යමය වෘක්ෂය චීනයේ පහළ කළ පුද්ගලයා බෝධි ධර්ම නැමති බෞද්ධ මුනිවරයාය.තේ පානය ආදියෙහි සිට පෙර දිග රටවල පතළව තිබුණත් ඒ ගැන බටහිර රටවල් දැනගත්තේ 16 වැනි ශත වර්ශයේදීය.බටහිර රටවල් මේ අගනා පානය ගැන දැනගත්තේ පෙරදිග රටවල ගැවසුණු බටහිර ජාතික සංචාරකයන් හා වෙළදුන් මගිනි.

එහෙත් තේ යුරෝපයට ප්‍රවේශ වු මුල් අවධියේ ඒ ගැන මත භේද පහළ වුයේය.එක් ජර්මන් වෛද්‍යවරයෙකු අවවාද කර තිබුනේ මෙසේය.“එය බොන මිනිසුන් කරා විශේෂයෙන් වයස අවුරුදු හතලිය ඉක්ම වු පුද්ගලයන් කරා මාරයා ඉක්මනින් ලගාවනු ඇත
අනෙක් අතට ඕලන්ද ජාතික වෛද්‍යවරයෙක් තේ මෙසේ අගය කළේය.“තේ පැලයට සමාන කල හැකි අංගයක් නැත.ඒ හේතුවෙන්ම එය ප්‍රෙයා්ජනයට ගැනීමට සියළුම ප්‍රෙයා්ජනය ගැනීමට සියළු රෝග වලින් අත් මිදී ඉතා දීර්ඝ කාළයක් ජිවත් වන්නේය.”යුරෝපා මහද්දීපය තුළ තේ ගැන මෙසේ මත භේද පැන නගිද්දි එංගලන්තයේ එය ප්‍රථම වරට ජනප්‍රිය විය.

තේ පානය මෙන්ම තේ කොළ එංගලන්තයට ප්‍රෙව්ශ කල පුද්ගලයා ලන්ඩනයෙහි “කෝපි කඩයක් පවත්වාගෙන ආ තොමස් ගාර්වේ THOMAS GANGWAY නැමැත්තාය.1667 දි ඔහු විසින් පළමු වරට තේ පිළිබදව ප්‍රචාරයක් කරන ලදී.ඔහු තේ හදුන්වා දුන්නේ ඖෂධ ගුණයක් ඇති පුදුමාකාර පානයක් ලෙසිනි.
එංගලන්තයේ ඉහළ පන්තිය අතර තේ ජනප්‍රිය වනු සදහා සෑහෙන කාලයක් ගත විය.ඒ ටිවයිං නැමැත්තා තේ වෙළදාම පටන්ගත් පසුය.එහෙත් එය නමිබුකාර පානයක් ලෙසින් ඉහළ පන්තියේ අය පිළිගන්නේ නැත.
තේ විසින් ස්වකීය රටවැසියන් ගේ හදවත හා පසුමිබිය ඩැහැගනු ලැබීමට බොහෝ කලකට පෙරය.ශුර ඉංග්‍රීසි ජාතික වෙළදුන් තේ වෙළදාමෙහි ඇති අගය දුටුවේ.
තේ වෙළදාම ඉතා වාසිදායක ව්‍යාපාරයක් කරගතහැකි බව දුටු නැගෙනහිර ඉන්දීය කොමිපැණිය හිමි ඉංග්‍රීසි ජාතික වෙළෙන්දෝ එංගලන්තයට චීනයෙන් තේ කොළ ආනයනය කිරිමේ ඒකාධිකාරය රජයෙන් ලබා ගත්හ.1833 වනතුරු මේ ඒකාධිකාරය පැවතුණි.දිර්ඝ කාළයක් යනතුරු එන්න එන්නට අධික වු තේ කොළ බද්දක් රජය විසින් අයකරගන්නා ලදඅතර අන්තිමේදී සියයට සියයකටත් වඩා ඉහල නැංගේය.
තේ කොළ බද්ද
තේ වෙළදාම වඩ වඩා සරු වන්නට පටන්ගත් පසු ඇතැමුන් කළේ එංගලන්තයට තේ සොරෙන් ගෙනෙමින් එය අඩු මිලකට විකිණිමය.එබදු තේ බොහෝ විට මිශ්‍ර කළ ඒවා විය.
කූට වෙළදුන්ගෙන් තේ කොළ වෙළදාම බේරා ගනු සදහා නිත්‍යානුකුල වෙළෙන්දෝ අන්තිමේදී එක්සත් පෙරමුණක් පිහිටුවා ගත්හ.
තේ වෙළදාමෙහි තුන්වන පරමිපරාවට අයත් පුද්ගලයෙක් වු රිචඩි ටිවයිනිං එම වෙළද සභාවේ නායකයා විය.
තේ වෙළදාම රැකගනු සදහා දැඩි පියවරක් ලෙස ඔහු අගමැති විලියම් පිට්ගෙන් ඉල්ලා සිටි අතර රජය විසින් තේ තේ කොළ බද්ද සියයට 121/2  දක්වා පහත බස්සවන ලදී.
මෙසේ තේ මිල පහත බැසීමෙන් පසු තේ කෙතරමි ජනප්‍රිය විදයත් අවුරුද්දක් ඇතුළත තේ අලෙවිය රාත්තල් ලක්ෂ 60 සිට ලක්ෂ 11 දක්වා ඉහළ නැංගේය.මේ එක්කම හොර තේ වෙළදුන්ගේ ව්‍යාපාර පහත බැස්සේය.19 වන ශත වර්ශයේ අග භාගයේදී තේ වෙළදාම රජවන්නට පටන් ගත්තේය.මේ එක්කම ආසියාව පුරා තේ වැවීම පැතිරෙන්නට විය.එසමයෙහි හෙළි වු තවත් කරැණක් නමි උතුරු ඉන්දියාවේ ඇසෑමි ප්‍රාන්තයේ වනාන්තර වල තේ ගස වැවෙමින් තිබෙන බවය.

ඊට පසුව ඉංදියාවේ ලංකාවේ හා ඉන්දුනීසියාවේ විශාල වතු යාය වල තේ වවන්නට පටන්ගන්නා ලදී.
වැඩිකල් නොගොස් තේ උමතුවක් පැතිරෙන්නට වු අතර විලියම් එචි යුතර්ස් නැමැත්තා 1860 දි නිකුත් කළ “තේ පිළිබද සියළු තතු”ALL ABOUT TEA   නැමැති ග්‍රන්ථයෙහි මෙසේ සදහන් වේ.“සියළු තත්වයේ හා සියළු ආකාරයේ පුද්ගලයෝ තේ උමතුවෙන් පෙළෙන්නට වුහ.බොහෝදෙනා ඉතා සරුසාර රැකියාවල් පවා අතහරිමින් තේ වවන්නට පටන් ගත්හ.මින් බොහෝ දෙනා තේ පදුරක් හා ගෝවා ගසක් අතර ඇති වෙනසවත් දැන සිටියේ නැත.

තේ පානය කෙතරමි නමිබුකාර දෙයක් බවට පත්විදයත් අන්තිමේදී තේ වෙනුවෙන් අලංකාර විශේෂ පැකටිටුද,පෝචිච්ද,හැදි ද බිහිවන්නට පටන්ගත්තේය.වෙනතක් තබා තේ පානයට සමිබන්ධ භාජන හා හැදි රිදියෙන් නිපදවන ලදී.සතුන්ගේ හෝ ගෝවා ගෙඩිවල හැඩය ගත් තේ පෝච්චි බිහිවන්නට පටන්ගත්තේය.පෙරදිග සිට තේ කොළ ගෙනෙනු සදහා විශේෂ ආකාරයේ නෞකාවන්ද සාගර ගත විය.
තේ කොමිපැණිය
ක්‍රි.ව 1869 දී සුවස් ඇල විවෘත්ත වීමත් සමග තේ වෙළදාම තවත් ඉහල නැංගේය.
මුලදී තේ කොළ වෙන්දේසි පැවැත්වුණේ එංගලන්තයේ පමණක් උවද දැන් තේ කොළ නිපදවන රටවලම වෙන්දේසියක් පැවැත්වේ.ටිවයිං කොමිපැණිය වැනි විශාල තේ කොමිපැණි විසින් දැන් කොළඹ හා කල්කටාව වැනි නගර වල ස්වකීය වෙළද නියෝජිතයන් රදවා ඇත.තමනට ලැබෙන තේ කොළ වල ආදර්ශ කොටස් හෙවත් සාමිපලයන් මේ නියෝජිතයන් විසින් ලන්ඩනයේ පිහිටි ස්වකීය කොම්පැනි වෙත ගුවන් මගින් යවනු ලැබේ.මේ තේ කොළ වලින් තේ පානයන් නිමවා රසවිද බලා ඒ ඒ වර්ග වල අගය මනින විශේෂඥයෝ සිටිති.
ලංකා තේ
ටිවයිනිං කොම්පැණියේ සේවය කරන මෙබදු එක් තේ රස විශේෂඥයෙන් නමි සිඩිනි මමිෆෝර්ඩි නැමැත්තාය.ඔහුගේ මතය අනුව අගනාම තේ සැපැයෙන්නේ ලංකාවෙනි.එනිසා ඔහු ලංකා තේ මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වයි.

එංගලංතයේ තේ කොම්පැණි අතරින් මුල් තැනැක් ගන්නා අනෙක් කොමිපැණිය නම් බෘක් බොන්ඩි,ලිප්ටන්ස් සහ ලියෝන්ස්-ටෙක්ලිය.පසුගිය ශත වර්ෂ කිපය මුළුල්ලේම තේ වගාවෙහි සහ තේ නිපදවීමෙහි වැඩි වෙනසක් සිදු වී නැත.තේ කොළ කඩන්නනේ සාමාන්‍යෙයන් ගැහැණුන්ය. දක්ෂ තේ දළු නෙලන්නියක් දිනකට රාත්තල් 70 ක් හෝ 80 ක් පමණ නෙළිමට සමත්ය.මේ අමු තේ කොළ ප්‍රමාණය පැක්ටේරියේදී වියලා පදම් කොට ගත්විට එහි බර රාත්තල් 80 ක් පමණ පහළ බසි.බොහෝ වතු වල තේ කොළ නෙලීම අවුරුද්ද පුරා සිදුකෙරේ.එහෙත් ඒවායේ තත්වය ඒ ඒ සෘතුව සමග වෙනස් වේ.නිෂ්පාදනය කෙරෙන තේ කොළ මුලික වශයෙන් වර්ග තුනකට බෙදේ.බටහිර රටවල ජනප්‍රියව ඇත්තේ මින් ප්‍රධාන වර්ග වන “කළුතේය.ඒවා පැක්ටරිය තුල දි උෂ්ණ වාතය මගින් බොහෝ දුරට පැසවන ලද තේ කොළය.තුන්වෙනි වර්ගය නමි අඩක් පැසවන ලද ඌලෙං නැමති තේ වර්ගයයි.
ඒ ඒ තේ අස්වැන්නෙහි අගය හා රසය රදා පවතින්නේ තේ වත්තේ පිහිටීම,එය පවත්වාගෙන යන තත්වය,කාළගුණය හා අවිවැසි මතය.ඒ කෙසේ වුවද ඇතැම් මිදිවතු මෙන් ඇතැම් තේ වතුදසදාකල්හිම අනගි අස්වැන්නක් සැපයීමට සමත්ය.

ඉතාම අගනා තේ වර්ග ලෙසින් පිළිගනු ලබන්නේ “ඩාර්ජිලිසේනැමැති තේ වර්ගයයි.ඊළග වර්ගය“කීමුන්ස්නමින් හැදින්වේ.ඊලග වර්ගය “හෝර්මෝසාවේ.
තේ වර්ග වල කොදුනාරටිය ලෙස සළකන්නේ රස බලනවුන්ය.ඔවුන්ගේ තේ රස බලන විශේෂඥයන් තිදෙනාගෙන් එක්අයෙක් වන මමිෆෝඩි හෝ අනෙක් දෙදෙනාගෙන් කෙනෙක් ස්වකීය සේවකයන් ලවා දිග මේසයක් මත පිගන් මැට්යෙන් සෑදු සුදු පැහැති කෝප්ප 60 පමණ තබවා ගනි.ඒ ඒ වර්ගයේ තේ කොළ එකම ප්‍රමාණයක් මේ කෝප්ප අතර බෙදා හරිනු ලැබේ.අනතුරුව කෙරෙන්නේ තඹ කේතල් වල උණු කල වතුර ඒවාට පිරවීමයි.මිනිත්තු 3-5 ක් පමණ තේ කොළ තැමිබුන පසුව ඒවා සුදු පැහැති භාජන වලට පෙරණු ලැබේ.තේ වල රස බලනු ලබන්නේ එයින් පසුවය.මේ කටයුත්ත සදහා තේ රස බලන්නන්ට ගතවන්නේ තප්පර කිහිපයක කාලයක් පමණි.
තේ කොළ වල අගය මනිනු ලබන්නේ තේ පැන් වල පෙනුම සුවද,රසය,හා ශක්තිය අනුවය.

ඇස් පිහාටු
මුල් තේ වර්ග සමග අනෙක් කවර තේ වර්ගයන් මිශ්‍රකළ හැකිදැයි තිරණය කරනු ලබන්නේ මුල් තේ වර්ගයේ තත්වය අනුවය.මේ තිරණය ගන්නේ තේ රස බලන විශේෂඥයාය.
දිනපතා තේ වර්ග 100 පමණ රස බලන විශේෂඥයන්ට අනෙක් පුද්ගලයන්ට මෙන්ම තේ පානය කරන අවස්ථාවලදීත් තේ කෝප්පයක් අවශ්‍ය දැයි කෙනෙකුට සිතන්නට පුළුවන.
මෙම අදහස ගැන මමිෆෝඩි කියා සිටියේ ස්ථිර වශයෙන්ම ඔහුට තේ කෝප්පයක් අවශ්‍ය බවත් තමා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ලංකාවේ තේ සහ ඩාර්පිලිං තේ බවත්ය.
ලෝකයේ වැඩිම තේ කොළ ප්‍රමාණයක් නිපදවන හා පරිභෝජනයට ගන්නා රට ඉන්දියාවයි.පුරාණ ජපන් මිථි්‍යා කථාවක් අනුව ලොවට තේ බිහි කළ පුද්ගලයා ඉන්දීය ජාතික බෞද්ධ භික්ෂුවක් වු බෝධි ධර්ම උතුමාය.
කරාටේ නැමැති ආත්මාරක්ෂක සටන් ක්‍රම බිහිකිරීමේ ගෞරවයද හිමි වන්නේ උන්වහන්සේටය.ජපන් මිථී්‍යා  කථාව අනුව තේ බිහි වුයේ බෝධි ධර්ම හිමියාගේ ඇස් පිහාටු වලින් බවය.ඉතිහාසයට අනුව චීනයට බුදුදහම ගෙන ගිය පුද්ගලයා උන්වහන්සේය.
පැරණි වෘතාන්තයක් අනුව පීකිංහි වැඩ සිටි මේ විනය ගරුක භික්ෂුන් වහන්සේ මොහොතක් හෝ සැතපෙන්නේ නැතිව පුරා වසර නමයක් භාවනාවේ යෙදී සිටීමද තිරණය කර ඇත්තේය.එහෙත් භාවනාවේ යෙදී සිටියදී උන්වහන්සේට නින්දගොස් ඇත.මෙසේ නින්ද යාම ගැන උන්වහන්සේ කෙතරම් සෝබර විදයත් ඇහි පිහාටු කපා ඉවතට විසිකොට තිබේ.
එහෙත් ප්‍රාතිහාර්යකට මෙන් ඒ ඇහි පිහාටු වැටුණු තැන අමුතු පැලයක් මතු වී ඇත.ඒ පැලයේ දළුව කොළ දෙකක් පමණක් නිදිබර ගතිය පහකිරීමට ප්‍රමාණවත් විය.ඒ තමා තේ ගස!
“තේ හෙවත් TEA යන නම චීන වචනයකින් බ්දී ආ එකකි.ඇත්ත වශයෙන්ම චින භාෂාවලට අයත් විවිධ උප භාෂාවන් මගින් “තේ වලට “චායි” “චා “තේ ආදි වශයෙන් නමි දී ඇත.

මින් “තේ යන පදය අයත් වන්නේ චීනයේ ඇමෝයි පළාතේ භාවිතා වන චීන උපභාෂාවටය.


ඉදිරිපත් කිරීම
වරකාපොල විදාතා සමිපත් මධ්‍යස්ථානය

උපුටාගැනීම - SMITHSONIAN MAGAZINE සගරාවෙනි

1 comments:

ඉතාමත් හොද ලිපියක්. තේ වෙළදාම ගැන හොද දැනුමක් මෙයින් ලැබෙනවා. ලංකාවේ තේ ඉතිහාසය ගැන දැනගන්න මේ අඩවියෙන්
http://sinhalasubjects.blogspot.com/2016/02/blog-post_5.html

Post a Comment