August 8, 2014

මානව නැහැයට හදුනාගත හැකි සුවඳ වර්ග ට්‍රිලියනයක්

මානවයා හුස්ම ගැනීම සම්බන්ධව පර්යේෂණ පවත්වන විද්‍යායන් අලුතෙන්ම නිගමනය කර ඇත්තේ මානව නැහැයට විවිධ සුවද වර්ග ට්‍රිලියනයකට වඩා වෙන් වෙන් වශයෙන් හදුනාගන්නට හැකි බවය.
          මෙම පර්යේෂණ සිදුකර ඇත්තේ නිව්යෝක් හි රොක්ෆෙලර් සරසවියේ ස්නායු ජානමය හා හැසිරීම් රසායනාගාරයේ ප්‍රධානි ලෙස්ලි වොස්ෂැල්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමකි. විවිධ වර්ණ මිලියන ගනනක් මානව ඇසට හදුනාගන්නට හැකි බවත්, විවිධ ශබ්ධ 3,40,000 ක් පමණ මානව සවනට හදුනා ගන්නට හැකි බවත් පර්යේෂණ වලින් තහවුරු කර ගෙන තිබිණි. එහෙත් මානව නැහැයට හදුනාගත හැකි සුවද වර්ග ගණන කොපමණ දැයි මෙතෙක් අභිරහසක්ව පැවතිණි.
          මානව නැහැයට හදුනා ගන්නට හැක්කේ සුවද වර්ග දසදහසක් පමණ සංඛ්‍යාවක් යයි 1920 ගණන්වල සිට මතයක් පැවතිණි. එහෙත් එම නිගමනයට එලඹ තිබුනේ වැරදි උපකල්පන මතය. මෙම පර්යේෂණ සදහා ලොව පුරා විවිධ ජාතීන්ට හා ජාන වර්ග වලට අයත් ගැහැනු හා පිරිමි 26 දෙනෙකු සහභාගි කර ගෙන ඇත. ඒ අය අවුරුදු 20 ත් 48 ත් අතර වූහ.
          මෙහිදී පර්යේෂණය සඳහා යොදා ගත් පුද්ගලයින්ට වරකට තුන බැගින් වීදුරු කුප්පි 3 ක් ලබාදී ඇත.ඉන් කුප්පි 2ක සුවද වර්ග එකිනෙකට සමාන වු අතර එක් කුප්පියක පමණක් වෙනස් සුවඳකින් යුත් ද්‍රව්‍යයක් තිබී ඇත. ඒ අනුව වෙනස් සුවද වර්ගය හදුනා ගන්නා ලෙස පර්යේෂණයට යොදා ගත් අයගෙන් ඉල්ලා ඇත. මේ ආකාරයට එකිනෙකට වෙනස් සුවඳ වලින් යුත් කුප්පි 264 ක සුවඳ හදුනා ගැනීමට සලස්වා ඇත.
          මෙහිදී එකිනෙකට වෙනස් සුවඳ අංශු 128  ක් පුලුල් පරාසයක සුවඳ වර්ග සමග මිශ්‍ර කර ඇත. දෙහි, දොඩම්, සුදුලූණු, මින්ට්, හම්, දුම්කොළ ඇතුලු විවිධ සුවඳ සහිත දේ සුවඳ අංශු සමග මිශ්‍ර කර තිබේ. මේ මිශ්‍ර කිරීමේදී අතිශය නුපුරුදු සුවඳ වර්ග නිර්මාණය වී ඇත.
          මෙසේ නිර්මාණය කල එකිනෙකට වෙනස් සුවඳ වර්ග පර්යේෂණයට යොදා ගත් අයට කෙතරම් නිවරදිව හදුනා ගන්නට හැකි දැයි පර්යේෂකයන් ගණනය කර තිබේ. එහිදී නිවැරදිව ඒ ඒ සුවද වර්ග හදුනාගත් අයගේ සංඛ්‍යාව ගණනය කර තනි පුද්ගලයෙකුට හදුනා ගන්නට හැකි සුවද වර්ග ප්‍රමාණයේ දළ අගයක් ලබා ගෙන ඇත. පර්යේෂණයට යොදා නොගත් ඒ සුවද වර්ග වල අංශු ප්‍රමාණයක් ඒවා විවිධ සුවද වර්ග හා මිශ්‍රකර අලුතෙන් නිර්මාණය කර ගත් සුවඳ වර්ග ගණනක් අනුවය.

          ඒ අනුව එක් පුද්ගලයකුට සුවද වර්ග ට්‍රිලියනයක් පමණ හදුනාගන්නට හැකි බව හෙලි වී ඇත. පර්යේෂණය සඳහා යොදා ගත් සුවද අංශු 128 කට වඩා අප්‍රමාණ සුවඳ අංශු ලෝකයේ පවතින නිසා එක් පුද්ගලයකුට ට්‍රිලියනයකටත් වඩා සුවද වර්ග වෙන් වෙන් වශයෙන් හදුනාගන්නට හැකි බව පර්යේශනයෝ විශ්වාස කරති.

1 comments:

excellent points altogether, you simply gained a new reader.
What may you recommend in regards to your put up that you just made some days ago?
Any positive?

Here is my webpage: home renovations ideas ()

Post a Comment