August 21, 2014

තවත් අඩු වියදම් පුනර්ඡනනීය බලශක්ති ප්‍රභවයක්. (Bloom Energy).

අප සතුව පුනර්ඡනනීය බලශක්ති ප්‍රභවයක් විශාල ප්‍රමාණයක් තිබේ. එනම් සුර්යාලෝකය , ඡලය, සුළග,  ඡිව වායුව, හා තාපය,  උදම් බලය, දිය රැළී වේ.  මීට අමතරව Bloom Energy  වඩා කාර්යක්ෂම තවත් පුනර්ඡනනීය බලශක්තියකි.
ඇමරිකාවේ කැලි‍පෝනියා ප්‍රාන්තයේ Bloom  ශක්තිය නිපදවන පෙට්ටි නිෂෟපාදනය කර ඇත. මෙහි ඝන ඔක්සයිඩයක් සහිත ඉන්ධන කෝෂ පවති. (Solid Oxide Fuel Safe) මෙම පෙට්ටිය සදහා ද්‍රව හෝ වායුමය වශයෙන් ඇති හයිඩ්‍රෝකාබන භාවිතා කර ඇත. අතුරුඵලයක් ලෙස ඡිවින්ට අහිතකර නොවන ද්‍රව්‍ය සෑදේ. මෙමගින් අදාල ස්ථානයේ  වඩා කාර්යක්ෂම පරිසර දුෂණය අවම අඩු වියදමකින් විදුලිය නිපදවිය හැකිය.
මෙම Bloom Box  එකතුල ඇති Cell  එකක උෂ්ණත්වය 1800.F  වේ. මෙම Cell  එකක දිග පළළ 100mm,100mm  වන අතර එම කොටසේ 25W  විදුලියක් ලබා ගත හැකිය.

1 රූපය මගින් Bloom Box  එකක් දැකිය හැකිය. මෙම Cell  එක තුල ඇනෝඩ් හා කැතෝඩ් පහත ආකාරයට ඇත. මෙය අඩු පිඩනයක් යටතේ ක්‍රියාත්මක වේ.

Bloom  ශක්ති පෙට්ටිය
මෙහි Cell  එකෙහි ඇනෝඩය කොළ පැහැති නිකල් ඔක්සයිඩ් වලින් නිර්මාණය කර ඇත. අනෙක් පැත්ත කලු පැහැති  කැතෝඩය ලැන්තම් ස්ට්‍රොන්ටියම් මැග්නටයිට් වලින් සාදා ඇත. මෙහි ක්‍රියාකාරිත්වය දැක්වෙන රූපය පහත දැක්වේ.

Cell එකෙහි ක්‍රියාකාරිත්වය

මෙය බැටරියක් ආකාරයට ක්‍රියා කරයි. කැතෝඩය මතට CH 4  ලැබුණු විට ඔක්සිඡන් සමග ක්‍රියාකර පහත ප්‍රතික්‍රියාව සිදු වි CO2  හා ඡලය පිට වේ.

උපුටා ගැනිම - http://www.electronicsforyou.com/

ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා  හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
තුම්පනේ (ගලගෙදර)


0 comments:

Post a Comment