August 9, 2014

විශාලම වයිරසය

විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු විශාලම වයිරසය  හදුනා ගෙන ඇත.
පැන්ඩෝරාවයිරසය (Pandoravirus) යනුවෙන් හදුන්වන  මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලවේ. එය මයික්‍රොමීටරයක් පමණ දිගින් යුක්තය.එහි ජාන 2500 ක් පමණ අඩංගු බව සොයා ගෙන ඇත. එහි ඇති ජානවලින් සියයට හයක ප‍්‍රමාණයක් පමණක් පෘථවියෙන් හදුනා ගෙන ඇත.
සමාන්‍ය වෛරස

1.සර්ව ව්‍යාප්තියක් දක්වයි.
2. 20 nm - 300 nm
ප්‍රමාණයේ වේ.
3.
ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය කල හැකිය.
4.
සෛලීය සංවිධානයක් නොදරනයි.
5.
සජීවී සෛලයක් තුලදී පමණක් ප්‍රජනනය සිදු කල හැකිය

වෛරසයක දළ ව්‍යුහය
ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම් හරය හා කැප්සිඩයයි(ප්‍රාවරය/කැප්සොමියර) , හරය තුල NA ඇත ඒවා RNA හෝ DNA ලෙස පවතී. එමෙන්ම එන්සයිම ද ඇත. කැප්සිඩය කොටස සැදී ඇත්තේ කැප්සොමියර නම් ප්‍රෝටින එකක වෛරස වල කැප්සිඩයට පිටතින් පිටත කවරයක් ඇත එය පෝස්පොලිපිඩ හා ප්‍රෝටින වලින් සැදී ඇත. ධාන කොටස් දෙකකි. ඒවා නම් හරය හා කැප්සිඩයයි(ප්‍රාවරය/කැප්සොමියර) , හරය තුල NA ඇත ඒවා RNA හෝ DNA ලෙස පවතී. එමෙන්ම එන්සයිම ද ඇත. කැප්සිඩය කොටස සැදී ඇත්තේ කැප්සොමියර නම් ප්‍රෝටින එකක වෛරස වල කැප්සිඩයට පිටතින් පිටත කවරයක් ඇත එය පෝස්පොලිපිඩ හා ප්‍රෝටින වලින් සැදී ඇත.
පැන්ඩෝරාවයිරසය (Pandoravirus) නැනෝමීටර 1000ක් හෙවත් මයික්‍රෝමීටරයක් පමණ විශා‍වේ.මෙය අනෙකුත්  වෛරස වලට වඩා පැහැලි වෙනසක් දක්වයි. මෙය සාමාන්‍ය අන්වීක්ෂයකින් (මයික‍්‍රස්කෝපයකින්) ඉතා පහසුවෙන් ම දැක ගැනීමට හැකියාව ඇත.
මෙතෙක් මිහිපිට ඇති විශාලතම වයිරසය ලෙස හඳුනා ගෙන තිබූ වූ නැනෝමීටර 440ක් පමණ වන මෙගාවයිරසය (Megavirus) මෙන් දෙගුණයකටක් වඩා මේ නව වයිරසය විශාලය.රෑපීයව අනෙක් වෛරස වලට සමානකමක් නොදක්වයි.
මේ හේතුව නිසා මෙම වයිරසය සොයා ගත් ප‍්‍රංශ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වෙනත් ග‍්‍රහ ලොවකින් මෙහි ආ එකක් ලෙසටය. ඔවුන් පවසන ආකාරයට සමහර විට මෙය මෙහි එන්නට ඇත්තේ අඟහරු ග‍්‍රහයාගෙන් විය හැකිය යනුවෙනි.

මෙම වයිරසය හමු වී ඇත්තේ චිලි රාජ්‍යය අසල මුහුදේ දියයටදී හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටුවලින්ය. 
විද්‍යාඥයන් පවසන ආකාරයට මේ වයිරසයෙන් මිනිසාට කිසිදු බලපෑමක් සිදු නොවේ.ඇමීබා ආසාදනය කල  හැක.

ප‍්‍රංශයේ අයික්ස් මසේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය යෝන් මිචෙල් ක්ලැවී (Jean-Michel Claverie) පවසන ආකාරයට  මෙම නව පැන්ඩෝරාවයිරසය පැවත එන්නට ඇත්තේ කලකට පෙර තිබී දැනට නොපවතින සෛලමය ආදීම ජීවී විශේෂයකින් විය හැකි බවයි. වෛරසයක හැඩයක් නොමැති නිසා ඔවුන් විශ්වාස කලේ බැක්ටීරියාවක් ලෙසටය.

චිලි වෙරළාසන්න මුහුදේ හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටු පරීක්ෂා කර. ඒවාට ප‍්‍රතිජීවක දියරයකට ඇතුල් කරන ලදී. එය කරන ලද්දේ බැක්ටීරියා විනාශ කිරීම සදහාය.

ඊළඟට බැක්ටීරියාවලින් තොර ඒ බඳුනට ඇමීබාවන් යොදන ලදී. එහි දැමූ ඇමීබාවන් මිය ගිය නිසා ඔවුන් මෙහි ඇති වෙනත් දෙයක් පිළිබදව  නිරික්ෂණය කරන ලදි.
පර්යේෂකයන් මෙසේ හමු වූ පැන්ඩෝරාවයිරසය පිළිබදව පර්යේෂණ පවත්වන ලදී.
  එහි ජාන උපදේශය කේතය (genetic code) මෙගාවයිරසයට වඩා දෙගුණයක් බව ඹවුන් විසින් සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත් ඒ ජාන කේතය විශ්ලේෂණය කළ පසු ඔවුන් විස්මයට පත් විය. ඒ එහි ඇත්තේ පෘථිවියේ හමු වන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් වෙත දක්නට ලැබෙන ජානවලින් සියයට හයක් වැනි ප‍්‍රමාණයක් බවය.

මෙවැනි වෛරස පෘතුවියට පැමිණීම අනාගතයේ සිදුවන දේශගුණික විපර්යාසයන්හි පෙරනිමිතිද?
පර්යේෂකයන්ද මේ පිලිබදව සැකසහිතය.

උපුටා ගැනීම  -commentshttp://news.nationalgeographic.com/news/2014/03/140303-giant-virus-permafrost-siberia-pithovirus-pandoravirus-science/

0 comments:

Post a Comment