August 25, 2014

ජපානය “Fire Ice” වලින් මීතේන් (Methane) නිස්සාරණය කරයි

මුහුද පතුලට යටින් ස්වාභාවික වායු සංචිත නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කර මතුපිටට ගැනීමට ලැබීම ලොව ඉන්ධන අර්බුදයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. මුහුදු පතුලේ ඇති මෙම මීතේන් වායු සංචිත (gas hydrates) ලොව පළමු වතාවට මතුපිටට ගැනීමට ජපානය සමත් වේ.
මුහුදු පතුලට හා “permafrost” වලට යටින් ඇති අයිස් ස්ථරයේ තුහීන වන සිදුරුවල මෙම වහා ගිනි ඇවිළෙන වායුව ඇත. මෙම වායු සංචිත ප්‍රමාණයක් ලෙස ඝන අඩි සිවුද්‍රිලියන 10 ක් පමණ ඇති බවත් මෙම ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපදයේ වසර 400ක ඉන්ධන වායු අවශ්‍යතාවය සම්පුර්ණ කල හැකි බවටත් ඇස්තමේන්තු කර ඇත.

පසුගිය දශකය පුරාවට පර්යේෂකයන් විසින් “permafrost” හි සිර වී ඇති “onshore hydrates” නිස්සාරණය කර ගැනීමට ගවේෂණය කරන ලදී. නමුත් “Japan’s Oil, Gas and Metals National Corp” ආයතනයට පෙර කිසිවෙක් මෙම වායු සංචිත නිස්සාරණය කිරීමට නොහැකි විය. ජපන් වෙරල තීරයට ආසන්නයේ “Nankai Trough” හි සුළු ප්‍රමාණයේ පරීක්‍ෂණයක් කර ඇත.

ජපන් පර්යේෂණ කණ්ඩායම සමුද්‍ර අවසාධිත අඩි 1000 ක් පමණ හා ජලය සැතපුම් භාගයක් පමණ චුෂණය කළේය. මෙම චුෂණය නිසා “gas hydrate වල පීඩනය අඩු වූ අතර අයිස් උණු වීමද වායු නිදහස් වීමද සිදු විය. මතුපිටට ගත් මීතේන් මිශ්‍ර ජලය වෙන් කරන ලදී. ජපන් කර්මාන්ත හා වෙළද අමාත්‍යාංශය පවසන පරිදි දින 6 ක් තුල මීතේන් ඝන අඩි මිලියන 4.2 ක් නිස්සාරණය කර ඇත.
නමුත් “Fire Ice” වලින් මීතේන් (Methane) නිස්සාරණය කිරීම කිරීම ආර්ථික හා තාක්ෂණික මට්ටමින් එහි විය හැකියාව සංවාදයක්ම වේ. නමුත් ජපන් හා කොරියානු රජයන් පාරිසරික හා තාක්ෂණික බාධා ඇති වුවත් “gas hydrate” වලින් මීතේන් වෙළදමය නිෂ්පාදනයක් ලෙස ආරම්භ කිරීමට අදහස් කරයි.


Translated from written by Lisa Raffensperger
[This article originally appeared in print as "Fuel From Fire Ice."] 

1 comments:

Post a Comment