August 25, 2014

විද්‍යාගාරයක් තුල නිපදවන ලද ප්‍රථම බෝරෝන් බකි බෝලය

ක්‍රි. ව. 1985 දී නැනෝ කුහර ගෝල නිපදවීම සදහා කාබන් 60 පරමාණු වලින් සාදන ලද බකි බෝල භාවිතා කරන ලදී.මෙම අණු ඉතා ඉහළ උෂ්ණත්ව හා ඉතා ඉහළ පීඩන වලදී ස්ථායි තත්වයේ පවතී. එබැවින් පර්යේෂකයින් විසින් මෙම අණු වැඩි ඝනත්වයෙන් යුත් හයිඩ්‍රජන් තුල ගබඩා කරන ලදී.

ආවර්තිතතා වගුවට අනුව  කාබන් වලට පසුව බෝරෝන් මුල ද්‍රව්‍යය පිහිටයි. බෝරෝන් ද විශේෂිත වූ ලක්ෂණ පෙන්නුම් කරන මුල ද්‍රව්‍යයකි. නමුත් කාබන් 60 පරමාණු මෙන් බෝරෝන් පරමාණු මගින් ව්‍යුහ සැදීමේ සාර්ථකභාවය ගැටළු සහගත විය.
“Rhode Island” හි “Brown” විශ්ව විද්‍යාලයේ “Lai-Sheng Wang” හා ඔහුගේ සගයන් විසින් බෝරෝන් 40 පරමාණු භාවිතා කර බකි බෝල සැදීමට පර්යේෂණ ආරම්භ කළේය. මුලින් ඔවුන් විසින් බෝරෝන් 40 පරමාණු ලේසර් සමග වාෂ්පීකරණයට ලක් කර පසුව හීලියම් මගින් ශීත කිරීම මගින් බෝරෝන් සමුහ (Cluster) කරන ලදී. මෙම බෝරෝන් සමුහ (Cluster) වල ශක්ති වර්ණාවලිය (Energy Spectrum) පරිගණක ආදර්ශ (Computer Model) 10000 ක් සමග තිබිය හැකි ආකාර පිළිබද සංසන්දනයක් සිදු කරන ලදී. එම සංසන්දනයෙන් පසුව සුදුසු ගැලපෙන සංයුතිය තෝරා බෝරෝන් බකි බෝලය නිපදවා ඉදිරිපත් කළේය.

කාබන් බකි බෝල වල මුහුණත පංචාශ්‍ර හා ෂඩශ්‍ර හැඩ වේ. නමුත් බෝරෝන් බකි බෝල ත්‍රිකෝණ , ෂඩශ්‍ර, හා සප්තාශ්‍ර ආකාරයට නිපදවිය හැකි විය. එහෙත් එහි හැඩය ගෝලාකාර නොවූ සංවත හැඩයක් විය. ඔහු විසින් මෙය “borospherene” ලෙස නම් කරන ලදී.
එහි ඇති ආවේණික විද්‍යුත් ලක්ෂණ හේතු කොට ගෙන මෙම කණ්ඩායම එක් පරමාණුවක ඝනකම ඇති තැටියක් “ Boron Analogue of Graphene” නිර්මාණය කිරීමට වර්තමානයේ ගවේෂණය කරමින් සිටී.



Journal reference: Nature Chemistry, DOI: 10.1038/nchem.1999
Source Web : www.newscientist.com

0 comments:

Post a Comment