පුස් සෑදීමෙන් තොරව වැඩි කාලයක් තබාගත හැකි පරිදි පාන් නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයින් පිරිසකට හැකි වී ඇත. මෙහිදී ශාකසාරමය පරිරක්ෂක/ සංරක්ෂක(Preservatives) මගින් රසායනික සංරක්ෂක ප්‍රතිස්ථාපනය කිරීම සිදුකර ඇත. එම නිසා මෙහි වාසිය වනුයේ පාන් වැඩි කාළයක් පුස් නොමැතිව තබාගත හැකිවා මෙන්ම රසායනික සංරක්ෂක වලින් තොර වීමත්ය.
වර්තමානයේ උණු උණුවෙන්ම ක්‍රිස්පි ලෙස බේක්
කර උදුනෙන් එළියට ගන්නා පාන් වාතයේ ඇති
විවිධ ක්ෂුද්‍ර ජීවින් (microbe) දිලීර වර්ග (fangs) සහ ඊස්ට් (Yeast) නිසා දින කිහිපයක්
යාමට ප්‍රථම එහි මතුපිට පෘෂ්ඨය නිල් පැහැයට හුරු කොළ පැහැති පුස්
තට්ටුවකින් වැසී යනු ලැබේ. මේ හේතුව නිසා පාන් පෙති කපා ඇසුරුම්කරණය කරණු ලබන පාන්
වැඩිකාළයක් හොදින් තබා ගැනීම සඳහා කෘතිම ආහාර සංරක්ෂක එකතු කිරීමට සිදු වී තිබේ. නමුත් බ්‍රසීලයානු විද්‍යාඥයින් කණ්ඩායමකට (Brazilian
Researchers) රසායනික සංරක්ෂ වලින් තොරව පාන් වැඩි කාලයක්
තබාගත හැකි ක්‍රමයක් සොයාගත හැකි වි ඇත.
මෙම ක්‍රමය
“ සක්‍රිය ඇසුරැම්කරණය ”(Active
packaging) ලෙස ඔවුන් හදුන්වා ඇති අතර එහිදී රසායනික
සංරක්ෂක වලට ආදේශකයක් ලෙස ශාකසාරමය ස්වභාවික (Natural herbal) සංරක්ෂක භාවිතා
කර ඇත. මේ සඳහා ඔවුන් බැක්ටීරියා ප්‍රතිරෝධි ලක්ෂණ පෙන්වන ඔරිගානෝ (Oregano) සහ කරාඹු( Clove) ශාකවලින් ලබාගන්නා සංගටක වලින් මෙම
ස්වභාවික සංරක්ෂක නිෂ්පාදනය කර “ සක්‍රිය
ඇසුරැම්කරණය ” සඳහා යොදාගෙන
ඇත.
මේ සඳහා මුල්වූ
බ්‍රසීලයේ විස්කෝසා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්
කණ්ඩායම (Team of scientist from the University of Viscosa in Brazil)
විසින් ඉහත ශාකවලින් ලබා ගන්නා සගන්ධ තෙල් (assented oil) ජලය සහ සනීකාරක සමග මිශ්‍ර කිරීමෙන් අනුභව කල හැකි තුනී
පටල නිෂ්පාදනය කර ඇත. ඉන් පසු මෙම (edible films) තුනී ශාඛසාරමය
පටල පාන් ඇසිරීමට ගන්නා බෑග්වල පාන් සමග ඇසිරීමෙන් පාන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ
දින 15ක් පමණ පුස්පටල සෑදිමෙන් තොරව තබාගත
හැකි බව සොයාගෙන ඇත.
පියවර 01 -ඔරිගානෝ පැලෑටියෙන් සම කරාඹු මල් වලින්
සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම (මෙම තෙල්වල ස්වභාවිකවම බැක්ටීරියා නාශක
ගුණය ඇත).
පියවර 02 - සගන්ධ තෙල් ඡලය සමග මිශ්‍ර කිරීම.
පියවර 03 - ශාකසාරමය ඝනීකාරක මෙම මිශ්‍රණයට එකතු කිරීම. මේ සඳහා මීතයිල් සෙලියුලෝස් (Metheyle cellulose ) යොදාගන්නා අතර එහිදී ආහාරයට ගත හැකි තුනී පටල සාදනු ලබයි.
පියවර 04 -මෙම තුනි පටල පොලි ප්‍රොපලින් ඇස්රැම්කරණවල පාන් සමග අසුරා කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීම.
පියවර 02 - සගන්ධ තෙල් ඡලය සමග මිශ්‍ර කිරීම.
පියවර 03 - ශාකසාරමය ඝනීකාරක මෙම මිශ්‍රණයට එකතු කිරීම. මේ සඳහා මීතයිල් සෙලියුලෝස් (Metheyle cellulose ) යොදාගන්නා අතර එහිදී ආහාරයට ගත හැකි තුනී පටල සාදනු ලබයි.
පියවර 04 -මෙම තුනි පටල පොලි ප්‍රොපලින් ඇස්රැම්කරණවල පාන් සමග අසුරා කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීම.
මෙහිදී මෙම පටල
මගින් ඇසුරැම්කරණ තුල ඇති වාතයට
බැක්ටිරියා ප්‍රතිරෝධ සංයෝග නිදහස් කිරීම නිසා කාමර උෂ්ණත්වයේ දී පාන් පුස්
සෑදීමෙන් තොරව දින 15ක් පමණ තැබිය හැකි අතර දින 15කින් අනුභවය සඳහාද ගත හැකිය.
මෙයට අමතරව මෙම
විද්‍යඥයන් විසින් ඔරිගානෝවලින් ලබාගන්නා ලද සුගන්ධ තෙල් කුඩා ඇසුරැම්කරණ ලෙස සකස්
කර (small sachets) පාන් ඇසුරැම් තුල බහා ඇසුරැම් කරණක කර දින පහකට වරක් එම
සංයෝගවල බලපෑම පරික්ෂා කරන ලද අතර එහිදී ද මේ හා සමාන ප්‍රතිඵල නිරික්ෂණය කළ හැකි
විය.
මෙම නව
සොයාගැනීම නිසා මහා පරිමාණයෙන් පාන සහ ඒ ආශ්‍රිත බේකරි නිෂ්පාදනයන් නිෂ්පාදන කරණු
ලබන ව්‍යාපාරයන්ට රසායනික සංරක්ෂකවලින් තොරව මෙම ශාකසාරමය පටල භාවිතා කර වැඩිකලක්
තබාගත හැකි වන ලෙස පාන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇසුරැම්කරණය කර වෙළදපලට නිකුත් කල හැකිවනු ඇත. එලෙසම මෙහිදී මෙම පටල වාතය ඉවත්කර කරණු ලබන ඇසුරුම්කරණය (Vacuum packed food) ක්‍රමය මගින් ඇසුරැම් කරණය කිරීම සදහා වඩාත් සුදුසු බය පෙන්වා දි ඇත.මෙම පටල යොදා
ගනිමින් පළතුරු , මස් නිෂ්පාදන සඳහා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීම පිළිබදව අත්හදා බැලීම්
කරමින් සිටිනු ලැබේ. මෙමගින්
අනාගතයේ දී පාරිභෝගිකයන් හට ශරීර සෞඛ්‍යයට හානිකර වන රසායනික සංරක්ෂකවලින් තොරවූ
නිෂ්පාදන පරිභෝජනය කිරිමේ මහගු අවස්ථාව උදාවනු ඇත.
Source –Journal of Agricultural and Food Chemistry
www.sciencealerts.com- Business insider
Nayana Wijeratne - STO ,Yatinuwara'
www.sciencealerts.com- Business insider
Nayana Wijeratne - STO ,Yatinuwara'
0 comments:
Post a Comment